"හෙළදිව්" 10 වැනි සහ විශාලතම තේපැන් අලෙවි සල චීනයේ බීජිං නුවරදී විවෘත කරයි

HVA Foods සමාගමේ වරලත් තේපැන් අලෙවි සල් ජාලය වන , හෙලදිව් Infini-T" සිය 10 වන සහ විශාලතම තේ පැන් සල පසුගිය සතියේදී චීනයේ බීජිං නුවරදී විවෘත කරනු ලැබීය. තේ පිළිබඳව ඉතා ඉහළ සැලකිල්ලක්‌ දක්‌වන ජනකායක්‌ වෙසෙන මෙම සුවිසල් නගරයේ විවෘත කෙරෙන මෙම තේ පැන් අලෙවිසල මඟින් හෙළදිව් Infini-T සංකල්පය ඔස්‌සේ විවිධ රස රාශියකින් යුක්‌ත ශ්‍රී ලාංකික තේ වර්ග එකතුවක්‌ හඳුන්වා දෙනු ඇත. ඉතාමත් ඉහළ රසයෙන් හා ගුණයෙන් යුත් තේ නිපදවන රටක්‌ ලෙස ඈත පෙරදිග කලාපයේ ප්‍රචලිත වී සිටින ශ්‍රී ලංකාවේ කීර්තිනාමය තහවුරු කිරීමටද මෙම Infini-T තේ පැන් අලෙවිසල් මහෝපකාරී වනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ තේ ආශ්‍රිත නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ පුරෝගාමී නව නිපැයුම්කරුවකු ලෙස කීර්තියක්‌ උසුලන HVA Foods ආයතනය චීනයේ සිය සන්නම් සහකරු වන බීජිං හි 'pure Ceylon Tea' සමාගම සමඟ එක්‌ව මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මහත් අභිමානයෙන් යුතුව දියත් කරයි. Tell a Friend