තිඹොල්කැටියේ නාඳුනන මළ සිරුරක්‌

එච්. එස්‌. අබේරත්න

ඇඹිලිපිටිය රත්නපුර මාර්ගයේ තිඹොල්කැටිය සුසාන භූමියට ආසන්නව මාර්ගය අයිනේ තිබූ නාඳුනන මළ සිරුරක්‌ ඊයේ (31 දා) උදැසන උඩවලව පොලිසිය විසින් සොයාගෙන ඇත.

අඩි 5 අඟල් 4 ක්‌ පමණ උසැති අවුරුදු 42 ක්‌ පමණ වයසැති අයකුගේ වන මෙම මෘත ශරීරය උඩවලව ග්‍රාමීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අවසන් වරට ඇඳ සිට ඇත්තේ නිල් පාට ටී ෂර්ට්‌ එකක්‌ හා නිල් පාට ඩෙනිම් කොට කලිසමකි. මළ සිරුර හඳුනා ගැනීම සඳහා උඩවලව පොලිසිය මහජනතාවගෙන් තොරතුරු අපේක්‍ෂා කර සිටී.

සිද්ධිය සම්බන්ධව උඩවලව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක කරුණාසේන ගමගේ මහතාගේ උපදෙස්‌ පරිදි පො.සැ. (30158) අමරදාස මහතා ඇතුළු නිලධාරි කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‌ෂණ පවත්වති. Tell a Friend