වැඩි දුරටත් සඳහන් කළේ 2008 වසරේදී මෙලෙස ආයෝජනය කරන ලද රුපියල් කෝටි 3000කින් මෙතෙක් ලැබී ඇත්තේ රුපියල් කෝටි 17ක් පමණක් බවයි.
මෙලෙස තමන්ට හිතුමනාපේ මුදල් ආයෝජනය කිරීමට ඇති සීමාවන් ඉවත් කරගැනීමට ආණ්ඩුව මෙමගින් අපේකෂා කරන බව ප්‍රකාශ කර සිටින වසන්ත සමරසිංහ මහතා, ආණ්ඩුවට ආයෝජනය කිරීමට අවශ්‍ය නම් ආයෝජනය කළ යුත්තේ සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ ආයෝජනවලින් ලැඛෙන ආදායම පමණක් බවයි.
ආණ්ඩුවේ මෙම මුදල් කොල්ලයට එරෙහිව ලබන 15දා දහවල් කෑම පැයේදී රට පුරා පෞද්ගලික ආයතනවල උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත. එම උද්ඝෝෂණයට සහාය දැක්වීමට අන්තර් සමාගම් සේවක සංගමයට අයත් පෞද්ගලික අංශයෙ ආයතන 354ක් දැනටමත් කැමැත්ත පළකර තිබේ. ඉතිරි ආයතන සමග මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවද සමරසිංහ මහතා පවසයි.
- ලංකා

Post a Comment