ගවයින් 15 දෙනකු යටකර මරාදමා ට්‍රක්‌රථය පලාගිහින්

සරත් එරමිණිගම්මන

දඹුල්ල - බකමූන ප්‍රධාන මාර්ගයේ රිදී ඇල්ල ප්‍රදේශයේදී වැලිs ප්‍රවාහනය කරන ට්‍රක්‌ රථයක ගැටීමෙන් එළ ගවයින් 15 දෙනකු 18 වැනිදා රාත්‍රියේ මියගොස්‌ තිබේ.

රාත්‍රියේ පැවැති අධික වර්ෂාව හේතුවෙන් ගවපට්‌ටි හිමියන්ට ගවයන් ගාල් කිරීමට නොහැකි වී තිබෙන අතර රාත්‍රි කාලය ප්‍රධාන මාර්ගයේ වැතිර සිටියදී එම ගවයන් ට්‍රක්‌රථයේ ගැටී තිබෙන අතර පසුව ට්‍රක්‌රථය පලාගොස්‌ තිබේ. අනතුරින් උසස්‌ ගණයේ එළ ගවයින් මියගොස්‌ ඇති බවත්, තවත් ගවයින් අට දෙනකුට තුවාල සිදුව ඇති බවත් ගවහිමියා සඳහන් කළේය.

බකමූණ පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි. Tell a Friend