රිසානා නිදහස්‌ කරන්නැයි මහනුවරදී උද්ඝෝෂණයක්‌

සිරිල් විමලසුරේන්ද්‍ර

සෞදියේ මරණ දඬුවම නියම වී සිටින රිසානා දැරිය නිදහස්‌ කරන ලෙස කියා සිටින උද්ඝෝෂණයක්‌ මහනුවර මුස්‌ලිම් පල්ලිය පාරේ මහ පල්ලිය ඉදිරිපිට ඊයේ (19 වැනිදා) පැවැත්විණි.

උද්ඝෝෂණය ශ්‍රම ශක්‌ති පදනමේ සභාපතිනි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය විසින් සංවිධානය කර තිබිණි.

තානාපති කාර්යාල සහ ලොව ප්‍රබල කාන්තා නායිකාවන් මගින්ද සෞදි රාජ්‍යයෙන් ඉල්ලීම් ඉදිරිපත් කර රිසානා දැරිය නිදහස්‌ කර ගැනීමට පියවර ගන්නා බව ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය කීවාය.

මධ්‍යම පළාත් සභාවේ සහ මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් කීපදෙනෙක්‌ ද සියලු ආගමික නියෝජිතවරු රැසක්‌ ද මෙම උද්ඝෝෂණයට සහභාගි වූහ. Tell a Friend