මේ අතර උතුරේ දුම්රිය මාර්ග අලුත් වැඩියා කිරීම සඳහා වූ ගිවිසුමකට අත්සන් කරණු ලැබුවේ ජනාධිපති කාර්යාලයේදීය. එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල වන ඇමෙරිකානු ඩොලර් මිලියන 416 ක ණයක් ලබා දීමට ඉන්දියාව මෙහිදී එකඟ විය. කෙසේ වෙතත් අමාත්‍යවරයා ජනාධිපතිවරයා සමඟ කළ කතා බහේදී මුලිකවම අවදානය කරණු ලැබුවේ දෙපර්ශවය විසින් පසුගීය ජුනි මාසයේදී නව දිල්ලි නුවරදී අත්සන් තැබූ ගිවිසුම් පිලිබඳවය. එහිදී ජනාධිපති රාජපක්ෂ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවට පොරොන්දු විය.
මේ අතර හම්බන්තොට ඉදිකළ ඉන්දීය කොන්සල් කාර්යාලය විවුර්ත කිරීමට අමාත්‍යවරයා සැලසුම් කොට සිටියද අයහපත් කාලගුණය නිසා එය ඉරිදාට කල් දැමීමට සිදු විය.

Post a Comment