මහින්ද රාජපක්ෂ 'ජාත්‍යන්තර ' වරායෙන් පළමුවරට නැව් නැගි නැවේ ලොක්කා නැවෙන් වැටී මිය ගිහින්

ලංකා නිව්ස් වෙබ් අඩවියෙනි

පසුගිය 18න දා හම්බන්තොට වරාය නිළ වශයෙන් විවෘත කිරීමත් සමග එම වරායට පැමිණි පළමු නෞකාව වන එම්.බී. සේරුවිල වානිජ්‍ය නෞකාවට ගොඩවූ නාවික කාර්්‍ය මණ්ඩල නිලධාරියා වන වල්පල කල්දේරා නැමැත්තා එම නැවෙන් වැටී මියගොස් ඇති බව වරාය අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මෙය ඉතා අසුභ කාරනයක් බැවින් මේ සම්බන්ධයෙන් තොරතුරු කිසිවෙකුට හෙළි නොකරන ලෙස ජනාධිපතිවරයා අදාල බලධාරීන්ට උපදෙස් දී තිබේ. හම්බන්තොට වරායට පැමිණි මෙම වානිජ නෞකාව මෙම නාවික කාර්්‍ය මණ්ඩල නිලධාරියාද රැගෙන

ඉන්දියාව බලා යන අතරතුරේදී එම පුද්ගලයා නැවෙන් වැටී මිය ගොස් තිබේ. අප වෙත වාර්තාවන පරිදි මේ වන තෙක් එම පුද්ගලයාගේ මළසිරුර හෝ සොයාගෙන නැත.

වරාය විවෘත කිරීම සඳහා මෙම කුඩා වානිජ නෞකාව වරාය තුලට ඇතුල් කිරීමේදී මුහුදේ ගැඹුර ප්‍රමාණවත් නොවීම නිසා විශාල අර්බුදයකට මුහුණ දී තිබේ. මෙහිදී වහාම ක්‍රියාත්මක වූ චීන ජාතික ඉන්ජිනේරුවන් මෙම නෞකාව ජැටියට ගැනීම සඳහා බාධාවක්ව පැවැති මුහුදු පතුලේ පැවති කළුගලක් වහාම කඩා දමා ඇත. කෙසේ වුවද එම තත්ත්වය යටතේ පවා වරායට මෙම නෞකාව සේන්දු වී ඇත්තේ සියලූ බඩුබාහිරාදිය හිස්කර දැමීමෙන් පසුවය.

කෙසේ වුවද ජනාධිපතිවරයාගේ ජන්ම දිනය වෙනුවෙන් විවෘත කරන ලද හම්බන්තොට වරායෙන් නැව් නැගි පළමු පුද්ගලයා එකී නැවෙන් වැටී මිය යෑම බරපතල අසුභ කාරණයක් බව වරාය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මතය වී තිබේ.

Tell a Friend