මෙන්න රාජපක්ෂගේ පිම්මේ යන සංවර්ධනයේ නිරුවත: පාඩුව කෝටි 21,521


ගෝඨාභය රාජපක්ෂගේ නාගරික සංවර්ධන අධිකාරිය ලබා ඇති පාඩුව රුපියල් කොටි 167 යි ලක්ෂ 30 කි




චමල් රාජපක්ෂ පාලනය කළ වරාය අධිකාරිය ලබා ඇති පාඩුව කෝටි 10,196 යි ලක්ෂ 30 කි.




රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල හා අර්ධ රාජ්‍ය ආයතන 54 ක් පසුගිය වර්ෂය අවසන් වන විට ලබා ඇති පාඩුව රුපියල් කොටි 21,520 යි ලක්ෂ 81කි. මේ අනාවරණය කරන්නේ එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ඊයේ (25) ඉදිරිත් කළ ලේඛණයක් මගිනි.

ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ සභාගත කළ තොරතුරු ලේඛණයට අනුව ජනාධිපතිවරයා යටතේ පාලනය වන ඔහුගේ සොහොයුරු ආරක‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සභාපතීත්වය දරණ නාගරික සංවර්ධන අධිකාරිය ලබා ඇති පාඩුව රුපියල් 167 කෝටි 30 ලක‍ෂයකි.

කලක් ජනාධිපති වැඩිමහල් සොහොයුරු චමල් රාජපක්ෂ මහතා ඇමැති ලෙස කටයුතු කළ වරාය කටයුතු අමාත්‍යාංශය යටතේ පාලනය වූ ලංකා වරාය අධිකාරිය පසුගිය වසර අවසන් වනවිට ලබා ඇති පාඩුව රුපියල් 10,196 කෝටි 30 ලක‍ෂයකි. ශ්‍රී ලංකාවේ සංස්ථාවක් හෝ අධිකාරියක් හෝ ලබා ඇති වැඩිම පාඩුව මෙය වේ.

ලංකා ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පසුගිය වසරේ ලබා ඇති පාඩුව රුපියල් කෝටි 2139 කි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබූ පාඩුව රුපියල් 1643 කෝටි 90 ලක‍ෂයකි.

පශු සම්පත් මණ්ඩලය රුපියල් 2125 කෝටි 80 ලක‍ෂයක් ද, පොහොර සංස්ථාව රුපියල් 1775 කෝටි 20 ලක‍ෂයක්ද, ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් 1680 කෝටියක්ද ඉකුත් වසරේ පාඩු ලබා ඇති බව කරු ජයසූරිය මහතා පාර්මේන්තුවේදී සභාගත කළ තොරතුරු ලේඛණයෙන් පෙන්වාදී ඇත.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් කෝටි 480 ක් ද, මිහින් ලංකා සමාගම රුපියල් 167 කෝටි 50 ලක‍ෂයක්ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කෝටි 35 ක්ද, රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රුපියල් 95 කෝටි 20 ලක‍ෂයක්ද, ශ්‍රී ජයවර්ධනපුර රෝහල රුපියල් 86 කෝටි 80 ලක‍ෂයක්ද, කෘෂිකර්ම හා රක‍ෂණ මණ්ඩලය 89 කෝටි 10 ලක‍ෂයක්ද, ශ්‍රී ලංකා කජු සංස්ථාව රුපියල් 80 කෝටි 40 ලක‍ෂයක්ද, රාජ්‍ය වාණිජ තොග වෙළෙඳ සමාගම රුපියල් 93 කෝටි 60 ලක‍ෂයක්ද, ඉන්ෆොමේෂන් ටෙක්නොලොජ් කොමියුනිකේෂන් ටෙක්නොලොජි ඒජන්සි සමාගම රුපියල් 172 කෝටි 10 ලක‍ෂයක්ද, සෙකියුරිටි ඇන්ඩ් එක්ස්චේන්ජ් කොමිසම රුපියල් 18 කෝටි 28 ලක‍ෂයක්ද, ලංකා හොස්පිටල් කෝපරේෂන් රුපියල් 25 කෝටි 90 ලක‍ෂයක්ද ඉකුත් වසරේ පාඩු ලබා තිබේ. Tell a Friend