EXCLUSIVE: විශ්විද්‍යාල සිසුන් වීඩියෝ ගත කිරීමට ආණ්ඩුවේ බුද්ධි අංශ සාමාජිකයින්

ශිෂ්‍ය-ශිෂ්‍යාවන් පෙමින් වේලි සිටින වීඩියෝ පට ඉහළ පෙලේ ආරක්ෂක අංශ වෙත


දැනට ආණ්ඩුව විසින් විශ්වවිද්‍යාල සිසුන් කෙසේ හෝ දමනය කිරීම සඳහා ගෙන යමින් තිබෙන වැඩ පිළිවෙලට සමගාමිව සෑම විශ්විද්‍යලයක්ම නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ බුද්ධි ඒකකයක් පිහිටුවා ඇත. 


ඒ අනුව අදාල බුද්ධි අංශ සාමාජිකයින් විසින් විශ්ව විද්‍යාල භුමියේ සිටින සියලුම සිසුන් රහස් කැමරා මාර්ගයෙන් වීඩියෝ පටිගත කරන අතර එහිදී දේශපාලනයේ යෙදෙන දෙන සිසුන් සේම පෙම්වතුන් පෙම්වතියන්ද සිටින වීඩියෝ පටි රැසක් මේ වන විට ආණ්ඩුවේ ඉහළ පෙලේ ආරක්ෂක අංශ නිලධාරීන්ට ලබා දී තිබේ. 

මේ අතර ඇතැම් විශ්විද්‍යාල සිසුන් තම පෙම්වතියන් සමඟ සිටින පෞද්ගලික දර්ශන පවා වීඩියෝ කොට තිබේ. අදාල වීඩියෝ පටිගත කිරීම සඳහා අදාල නිලධාරීන් කෙසේ විශ්වවිද්‍යාල භුමියට ඇතුලත් වූයේද? යන්න සේම එසේ වීඩියෝ ගත කිරීම සඳහා ඔවුන්ට ඇති අයිතිය පිළිබඳව මේ වන විට ආන්දෝලනාත්මක තත්වයක් ඉස් මතු වී තිබේ. 

විශේෂයෙන් කොළඹ, කැලණිය සහ පේරාදෙණිය යන විශ්විද්‍යාල වල සිසුන්ගේ තොරතුරු රැසක් මෙවන විට ආරක්ෂක අංශ සතු බව ඉහළ පෙලේ නිලධාරියෙකු ශ්‍රී ලංකා ගාඩියන් වෙත පැවසිය. Tell a Friend