කතු වැකිය: හිටපු අගවිනිසුරු හා මානව හිමිකමි

හර්ෂි සි. පෙරේරා විසිනි

" මානව හිමිකම් අද අන්තිම පහත් විදියට කෙළෙසී තිඛෙනවා. මෙහෙම යුගයක් මීට පෙර තිබුණේ නැහැ" යැයි හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනුරාධපුරයේ දී ප්‍රකාශ කෙළේය. අනුරාධපුරයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් මහතාගේ තිස්වසරක නීතිඥ දිවිය වෙනුවෙන් පැවැති උත්සවයක් අමතමින් ඔහු මෙසේ ද කීවේය."අද නිදහසේ පාරක බැහැල යන්න බැහැ. නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න බැහැ. එහෙම කතා කෙළොත් ඇදගෙන යනවා. කතුවරයකුට තම අදහස් ලියන්න නිදහසක් නැහැ."

මෙම ප්‍රකාශය අපට බෝහෝ දේ සිහිපත් කරයි. ඒ අතරින් ටොනි එමැනුවෙල්ට මුහුණ දිමට වු සිද්ධිය බෝහෝ අකටයුතුකමි අතර ඉදිරියෙන්ම සිටි. ඊළගට මෙරට මානව හිමිකමි වලට මළගම සනිටුහන් කළ සිංගරාසා නඩුවේ තින්දුවයි. මේ දෙවල් ඉතා ශෝචනිය කරුණුය. මේවාට වගකිව යුත්තේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාමය. පාසල් ළමයකුට වුවද මෙය විදුරු ගෙවල් වල සිට ගල් ගැසිමක් ලෙස අවබෝධ වනු ඇත.

මෙම ප්‍රකාශයෙන් පෙනි යන්නේ ඔහුට අවසානයේ මානව හිමිකමි වල වටිනාකම අවබෝධ වි ඇති බවයි. නමුත් ජනතාවට මේ ප්‍රකාශ විශ්වාස කළ හැකිද? එවැනි විශ්වාසයක් ගොඩනගා ගැනිමට නමි ප්‍රතමයෙන් මෙි පුද්ගලයා තමා බලයේ සිටියදි මානව හිමිකමි වල මළගම උදා කිරිමට කළදේ පිළිිබදව ස්වයං පශ්චාත්තාපයක් ප්‍රසිද්ධියේ කළ යුතුව ඇත. එසේ නොවුවහොත් ජනතාව මෙසේ සේ කියනු ඇත. ඔයාද ! ඔයා ගැන අපි දන්නවා.

රටේ ප්‍රධාන විපක්ෂයට වර්ථමානයේ ඉතා ශෝචනිය ඉරණමකට මුහුණ දිමට සිදුව ඇත්තේ තම අතීත වැරැදි පළිබදව ජනතාවගෙන් සමාව නොගැනිම හේතුවෙනි. පාරවල් වල සිය දහස් ගණින් පුලුස්සාදැමු තරුණයින් ජනතාවගේ මතකයෙන් තුරන්වි නැත. අද මෙරට විපක්ෂයක් නැතුවා හා සමානය. තවද විපක්ෂය මානව හිමිකමි පළිබදව හඬ නැගිම ජනතා හාස්‍යයට හේතු වි ඇත.

හිටපු අගවිනිසුරුවරයාද තම අතීත වැරදි වලට මේ රටේ සාමාන්‍ය මහජනතාවගෙන් සමාව නොගතහොත් ඔහු මනාව හිමිකමි ගැන කරන දෙඩවිලි ජනතාව හාස්‍යයෙන් බැහැර කරනු ඇත. මක්නිසාද හරිහැටි යුක්තිය පසිදලිමෙන් වැලකිමද බරපතල මානව හිමිකමි උල්ලංඝනයක් බැවිනි.

Tell a Friend