ඉන්දීය මහකොමසාරිස්ට යාපනයේ දෙමළ ජනයා දොස් කියති

ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙනයමින් තිබෙන වැඩපිළිවල හමුවේ මෙරට වාර්ගික ගැටලුවට කිසිම් ආකාරයේ දේශපාලන විසඳුමකට ඇති අවකාශය නැති කොට දමා ඇති බවත් ඉන්දීය රජය එහිදී මුනිවත රකින බවටත්, යාපනයේ සිට ක්‍රියාත්මක වන සාමය සහ සංහිදියාව පිලිබදවවූ කමිටුව මෙරට ඉන්දීය මහා කොමසාරිස් වරයාට ඊයේ ප්‍රකාශ කොට තිබේ. පසුගියදා කොමසාරිස් වරයා යාපනයේ රදගුරු නිවසේදී අදාල සංවිධානයේ සමාජිකයින් හමු වී සාකච්චා කොට ඇත. කෙසේ වෙතත් එහිදී කොමසාරිස් අශෝක් කාන්ත කියා ඇත්තේ ඉන්දියාව මෙරට දේශපාන විසඳුමක් සඳහා නොවඩුව කැපවී සිටින බවයි. කොමසාරිස් වරයා මෙසේ යාපනයට පැමිණ සිටියේ ඉන්දියාවේ විදේශ ඇමතිවරයාගේ එළබෙන සංචාරය ගැන තොරතුරු දැනුම් දීමටය. Tell a Friend