" නව ලෝකය සන්නිවේදන ලෝකයක් වන අතර පුද්ගලයාගේ ආධ්‍යාත්මික ක්‍රියාවලිය වෙනස් වන අයුරු අධ්‍යයනය කිරීමට නව සන්නිවේදන හා මනෝ විද්‍යාත්මක න්‍යාය ධර්මය බිහිකර ගැනීමට සිදුවේ. "
මහාචාර්ය ආරියරත්න ඇතුගල
බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල මාධ්‍ය නිදහස හේතු පාඨයක් පමණි. එහි සීමාවන් වඩාත් හකුලා ගන්නේ මාධ්‍ය විසින්ම ය. එයට හේතු ලෙස දැක්‌වෙන්නේ මාධ්‍ය පෞද්ගලික හිමිකාරිත්වයට යටත්වීම, ලාබ ලැබීම ප්‍රධාන අරමුණ වීම හා මාධ්‍ය විෂය පථය වෙළෙඳපොළ පවත්නා අදෘශ්‍යමාන හස්‌තයකින් පාලනය වීමයි. රාජ්‍ය පාලනයට මාධ්‍ය යටත්වීම සීමාසහිතව සිදුවේ. එය ප්‍රතිපත්ති හා නීතිගත ක්‍රියාමාර්ගයන්ගෙන් පාලනය වන්නක් නොවේ.
වසර 100 පමණ කාලයක සිට වර්ධනය වී වර්තමානය වන විට ලොව පුරා රටවල් අතුරින් 180 කට වැඩි ප්‍රමාණයක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වේ. ලොව ජනගහනයෙන් අඩකටත් වඩා මෙලෙස දියුණු වෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදී රටවල ජීවත් වේ.
ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය වෙන් කොට සාකච්ඡා කළ හැකි නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාප්ත කිරීමෙහිලා මාධ්‍ය යනු ප්‍රජාතන්ත්‍රවාදය බෙදාහරින නාලිකාවන් වේ. එසේම මාධ්‍ය ඒ වෙනුවට රඟපායි. නැතහොත් ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලෙස ද කටයුතු කරයි. වඩා වැදගත් වන්නේ මාධ්‍ය "ප්‍රචාරණ යන්ත්‍රයක්" ලෙස පවත්වා ගෙන යැම නොවේ. "මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී මණ්‌ඩප" ලෙසට පරිවර්තනය කිරීමයි. මේ සඳහා විධිමත් අවබෝධයක් ද වැඩපිළිවෙළක් ද තිබිය යුතුය.
රටක මාධ්‍ය ඕපපාතිකව, මුල් නොමැතිව පැවතීම දියුණු ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය සම්ප්‍රදායකට මඟ පාදන්නේ නැත. මාධ්‍ය තාක්‍ෂණයේ වැඩීම ආඩම්බරයක් ලෙසත්, ජනමාධ්‍ය කලාව වැදගත් රැකියාවක් ය යන මාන්නයත් මාධ්‍යකරුවාගේ කාර්යය දුබල කිරීමට හේතු වේ. සිහින ප්‍රජාතන්ත්‍රවාදයක් මාධ්‍ය මගින් කියාපෑම බොහෝ විට දැකිය හැකි බවත්, රජය හා මාධ්‍ය අතර අන්තර් ක්‍රියාකාරී රජයේ හෝ ආණ්‌ඩුවේ ක්‍රියාකාරකම් වලට එලවා ගැසීම ප්‍රජාතන්ත්‍රවාදී ගමනට මහඟු සහයක් ලෙසත් අර්ථ දැක්‌වීම සංවර්ධනය වෙමින් පවතින රටවල දැකිය හැකි ප්‍රධාන ලක්‍ෂණයකි. සන්නිවේදන රටාවක් ගොඩනොනැගෙන බවත්, විකල්ප ප්‍රජාතන්ත්‍රවාදී ගමනකට ප්‍රමාණවත් නොවන බවත් හඳුනාගත යුතුය.
බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල මාධ්‍ය නිදහස හේතු පාඨයක් පමණි. එහි සීමාවන් වඩාත් හකුලා ගන්නේ මාධ්‍ය විසින්ම ය. එයට හේතු ලෙස දැක්‌වෙන්නේ මාධ්‍ය පෞද්ගලික හිමිකාරිත්වයට යටත්වීම, ලාබ ලැබීම ප්‍රධාන අරමුණ වීම හා මාධ්‍ය විෂය පථය වෙළෙඳපොළ පවත්නා අදෘශ්‍යමාන හස්‌තයකින් පාලනය වීමයි. රාජ්‍ය පාලනයට මාධ්‍ය යටත්වීම සීමාසහිතව සිදුවේ. එය ප්‍රතිපත්ති හා නීතිගත ක්‍රියාමාර්ගයන්ගෙන් පාලනය වන්නක් නොවේ. ඒ ඒ ආණ්‌ඩු සතු හැකියාවන් හා ඔවුනොවුන්ගේ සම්බන්ධතා මත මාධ්‍ය හැසිරීමේ සීමාවන් ද සකස් වේ. ශක්‌තිමත් මාධ්‍ය සංස්‌කෘතියක් සමඟ හැසිරීමේදී බොහෝ රාජ්‍ය ඒ සඳහා පරිස්‌සම් වේ.
ප්‍රජාතන්ත්‍රවාදී රටවල පුද්ගලික නිදහස පිළිබඳ ගැටලු පවතී. මාධ්‍ය මගින් විවිධත්වයට වැඩි අගයක් ලබා දේ. සුළු ජන කොටස්‌වල අයිතිය සඳහා සටන් කෙරේ. මූලික ආර්ථික ශක්‌තිය හා සංස්‌කෘතික නිදහස ද එවැනි රටවල මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවත්නා ගැටලු වේ. ප්‍රකාශන නිදහස සමාජයට වගකිව යුතු ව්‍යවහාරයකි. එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටවල මාධ්‍ය සමාජයට වග කියන්නේ නැත. ඒ වෙනුවට "ජන රැවටීම" ප්‍රමුඛ ප්‍රයෝග ක්‍රියාවලියක යෙදෙන බව ප්‍රකට මතයකි. සමාජ සංතෘප්තියේදී න්‍යාමනයන් අවශ්‍ය වේ. බොහෝ රටවල සංස්‌කෘතික සීමාවන් විසින් න්‍යාමනය ඉල්ලා සිටී. එසේ නොවුවහොත් අහිතකර අත්දැකීම් සමාජයට එකතු වන බව ඔවුන්ගේ විශ්වාසයයි.
මාධ්‍යයේ සමාජ වගකීම පිළිබඳ දියුණු සාකච්ඡාවන් ප්‍රජාතන්ත්‍රීය සමාජවල නැත. ඒ වෙනුවට පවතින්නේ රාජ්‍ය නොවන සංවිධාන බටහිර බලවේගයන්ගේ වුවමනාවට අනුව කියවන මූලධර්මයන් ය. ඒවා බැලූ බැල්මට විකල්ප ස්‌වරූපයක් ගත්ත ද ගැඹුරින් සලකා බලන විට එවැනි දෑ සියල්ල ක්‍රියාකරන්නේ අදෘශ්‍යමාන ලෝක වුවමනාවන් වෙනුවෙන් මාධ්‍ය ක්‍ෂේත්‍රය උදෙසා ආචාර ධර්ම පද්ධති ඇති කිරීම හා පුහුණුව සමාජ වගකීම වෙනුවෙන් අවශ්‍ය වේ. ප්‍රජාතන්ත්‍රවාදී රටකට මාධ්‍ය මගින් දැන්වීම්, නාට්‍ය හා ප්‍රවෘත්ති යනාදිය මගින් දැක්‌වෙන සාහසික අපචාරවලට විරුද්ධව කටයුතු කිරීමට ද සිදුවේ. රාජ්‍ය අංශයෙන් නිදහස් මාධ්‍ය අවකාශයන් සැලසීම යනු රාජ්‍ය ක්‍රියාමාර්ගයන්ගෙන් මාධ්‍ය සංවර්ධනය බැහැර කොට තැකීම නොවේ. මාධ්‍ය සමාජය ඉහළ නැංවීම උදෙසා ජාතික මට්‌ටමේ ක්‍රියාකාරකම් පැවතිය යුතුය. එහිදී වඩා වැදගත් ක්‍ෂේත්‍ර කිහිපයක් අපගේ අවධානයට හසුවේ.
මාධ්‍ය සංස්‌කෘතිය හා විවිධත්වය
රටක් ප්‍රජාතන්ත්‍රවාදී ගමනක යෙදීමට නම් ඒ රට සංස්‌කෘතින් හා සංස්‌කෘතික විවිධත්වය මාධ්‍ය මගින් ප්‍රකට කළ යුතුවේ. සංස්‌කෘතික සබැඳියාව බොහෝ ගැටුම් නිරාකරණය කිරීමට පදනම් වන බලවේගයකි. සංස්‌කෘතික ප්‍රබෝධය හා අවබෝධය ඇතිවන අන්තර් සංස්‌කෘතික වැඩසටහන්වලට මාධ්‍යවල ප්‍රමුඛතාව ලැබිය යුතු වේ.
මාධ්‍ය රාජ්‍ය පාලනය
මෙය විශේෂිත සංකල්පයකි. මාධ්‍ය හා රාජ්‍ය පාලනය අතර සම්බන්ධතාවයේ වැදගත්කම මෙමගින් හෙළි වේ. මෙයින් අදහස් කෙරෙන්නේ රජයේ තේරීම්, විමර්ශනයන් හා වෙනස්‌කම් යන ක්‍රියාවලිය හා මාධ්‍ය අතර සහසම්බන්ධතාව සහතික කිරීමයි. එසේම පරිපාලනය ව්‍යවස්‌ථාදායකය හා අධිකරණය පිළිබඳ සහ සම්බන්ධතාවය සහතික කිරීම ද අවශ්‍ය වේ. මාධ්‍යයට අයත් වඩා වැදගත් ක්‍රියාවලියක් ලෙස මහජන ප්‍රතිපත්ති සම්පාදනය උදෙසා රජයට සහාය වීම හඳුනාගත යුතුය.
මාධ්‍ය හා වෘත්තීයභාවය
මාධ්‍යකරුවාට විෂය හා ව්‍යවහාරික අධ්‍යාපනය පළමුව රජය විසින් ලබා දිය යුතුය. දෙවනුව වෙනත් ආයතන හෝ රටවලින් ලබා ගත හැකි පරිසරයක් නිර්මාණය විය යුතුය. නො එසේ නම් මාධ්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය රේල් පාරක පීලි දෙකක් බඳු වනු ඇත. මාධ්‍යකරුවාගේ වෘත්තීයභාවය ශක්‌තිමත් කිරීම, පිළිගැනීම, අවශ්‍ය අධ්‍යාපනික වටිනාකම් තහවුරු කිරීම, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හා අධ්‍යාපනික පහසුකම් සැලසීම මෙහිදී වැදගත් වේ. ඒ හැරුණු කොට මාධ්‍ය ප්‍රතිපත්ති, මාධ්‍ය නියාමනය හා මාධ්‍ය ක්‍රමවේද වෘත්තීමය ලෙස ශක්‌තිමත් කළ යුතුය, විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධනය උදෙසා මාධ්‍ය විමර්ශන ඒකක විධිමත් කිරීම ද අත්‍යවශ්‍ය කරුණකි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය භාවිතය සම්බන්ධව විශ්ව ආකෘතියක් නැත. ඒ ඒ රටවලට හා අවශ්‍යතාවට අනුව ආකෘති සකස් කර ගත යුතුය. "මහජන සේවා" විකාශන යන මාධ්‍ය ක්‍ෂේත්‍රයේ දියුණු සංකල්ප භාවිතයට ගෙන ඒම සඳහාත් ඒවා දේශීයව ගලපා ගැනීම සඳහාත් රජය මැදිහත්වීම අවශ්‍ය ය. එසේ නොවන තැන සිදුවන්නේ මහජන සේවා විකාශන ලෙස පෙනී සිටින රාජ්‍ය මාධ්‍ය දුර්වලවීමත්, පෞද්ගලික මාධ්‍ය මහජන සංවාදය අතරට යැමත් ය.
ගැටුම් ඇති කරන, වගකීමෙන් තොර මාධ්‍ය නිරතුරුවම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයකි. රටක මාධ්‍ය බහුල වීම ප්‍රජාතන්ත්‍රවාදයට යැමට ඇති දුර අඩු කරන බව හැඟුණ ද නොදියුණු ප්‍රකෝපකාරී මාධ්‍ය සමූහයා ප්‍රජාතන්ත්‍රවාදී ගමනට බාධකයක් වේ. වඩා වැදගත් වන්නේ මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ ප්‍රජාතාන්ත්‍රීය අවබෝධය ප්‍රවර්ධනය කිරීමයි. දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී ආයතන මාධ්‍ය ස්‌වාධීනභාවයට තර්ජනය කරන්නා සේ ම දුර්වල මාධ්‍ය ආයතන ද ප්‍රජාතන්ත්‍රවාදයට අකුල් හෙලනු ඇත.
නවීන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් මාධ්‍ය සහයෙන් තොරව ගොඩනැගිය නොහැකිය. රටක පුළුල් මාධ්‍ය සම්බන්ධතා තිබිය යුතුය. නවීන මාධ්‍ය සමඟ සම්බන්ධවීමේ ඇති ඉඩකඩ පුළුල් කළ යුතුය. මහජනයාට අත්‍යවශ්‍ය තොරතුරු මාධ්‍ය මගින් ලබා දිය යුතුය. පුද්ගලික මාධ්‍ය සංවේදනවාදී වාර්තාකරණයට මුල්තැනක් දෙන බැවින් තරගකාරී තොරතුරුවලට වඩා අත්‍යවශ්‍ය තොරතුරු කෙරෙහි මහජන අවබෝධය ඇති කිරීමට රජයේ හා අධ්‍යාපනික ක්‍ෂේත්‍රයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ.
රජය, මහජනයා හා මාධ්‍ය යන ත්‍රිකෝණය විධිමත්ව හඳුනාගෙන එයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු වේ. අනාගතයේදී අප මුහුණ දෙන නූතන සන්නිවේදන තාක්‍ෂණය ඵලදායී ලෙස භාවිත කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී රටවල් උනන්දු විය යුතුය. බොහෝ විට මහජනයා ද්විමාර්ගික සන්නිවේදනය ප්‍රිය කරයි. එනම් තමා කියන දේට සෘජුව පිළිතුරු ලබා ගැනීම පොදු මහජනයාගේ අපේක්‍ෂාව වන බැවින් ඒ සඳහා නූතන තාක්‍ෂණය මහත් සේ උපකාරී වේ. අනාගතයේදී ඊ - ප්‍රජාතන්ත්‍රවාදය අප සමාජය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයයි. ඊ - ප්‍රජාතන්ත්‍රවාදී සන්නිවේදනය නිසි ලෙස හසුරුවා ගැනීම රටක ප්‍රධාන වගකීමක් වේ.
1950 දශකයෙන් ජහඉeරබැඑසජි ලෙස ආරම්භ වන විද්යුත් සන්නිවේදනය 1970 - 80 වර්ෂය තුළ එeකැdeපදරුබජහ ලෙස දුරකථන සන්නිවේදනය පදනම් කොට ව්‍යාප්ත විය. 1990 වන විට අන්තර්ජාල සන්නිවේදනය හරහා තොරතුරු සාකච්ඡා හා තීරණ ගැනීමේ ක්‍රියාවලිය බල ගන්වා තිබේ. මෙසේ පැමිණෙන විද්යුත් සන්නිවේදනය වත්මන් ප්‍රජාතන්ත්‍රීය සමාජ ක්‍රියාදාමය කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරයි. මෙහි වඩා වැදගත් වන්නේ ඊ - සන්නිවේදනය භාවිත කරන්නේ මාධ්‍යකරුවා නොව මහජනයා වීමයි. එමගින් සන්නිවේදනයේ න්‍යායික පදනම මුළුමනින් ම වෙනස් වේ. සන්නිවේදනයේ සමස්‌ත හැඩරුව වෙනස් මඟක් ගනු ඇත. මෙමගින් විද්යුත් මාධ්‍ය භාරකාරත්වය පුරවැසියා මත පැවරේ. ඒ නිසා එමගින් හුවමාරු කෙරෙන සන්නිවේදන පණිවිඩයට ද ඔහුටම වගකීමට සිදුවේ.
මෙලෙස සන්නිවේදන තාක්‍ෂණය තුළ සක්‍රීය සන්නිවේදන ක්‍රියාවලියක් හටගනී. ඊ පණිවිඩයක ෆේස් බුක් සටහනක ලියන දේක වගකීම තමා වෙතම පැවරෙන මේ සඳහා සරල නිදසුනක් ලෙස විමසා බැලිය හැකිය. ඒ හැරුණු කොට සන්නිවේදනය තමාට වැටහෙන ලෙස සකස් කර ගැනීමටත් හුවමාරු කර ගැනීමටත් හැකියාව පවතී. කෙටි හා දිගු වශයෙන් ද සරල ශාස්‌ත්‍රීය වශයෙන් ද සංදේශයේ ස්‌වරූපය තමන්ගේ රුචි අරුචි හැකියා මත ම සකස් වේ. මෙමගින් පුරවැසියාගේ සන්නිවේදන තෘප්තිමත්භාවය සන්නිවේදන උත්තේජකයක් බවට පත් වේ. ඔහුගේ රාජකාරිය මෙන්ම විවේකය ද සන්නිවේදනය මත සකස් වේ. සැබෑ අන්තර් ක්‍රියාකාරී තෘප්තිමත් සන්නිවේදන පුරවැසියෙක් අනාගතයෙදී අපට හමු වේ. මෙම පරිවර්තනය පසක් කෙරෙනුයේ පුරවැසියා අනාගත සන්නිවේදකයා වන බවයි. ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය අතර සහසම්බන්ධතාවය වඩාත් හොඳින් ගොඩනැගෙන්නේ පුරවැසියා හා මාධ්‍ය අතර සම්බන්ධතාවන් වර්ධනය කිරීමෙනි. පුරවැසියා වීඩියෝ වාර්තාකරුවෙක් විය යුතු බවත් පොදුවේ ගත් කල පුරවැසියා මනා ජනමාධ්‍යකරුවෙක් විය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අවශ්‍ය සාධක බව විද්වතුන් පෙන්වා දෙයි.
නව ලෝකය සන්නිවේදන ලෝකයක් වන අතර පුද්ගලයාගේ ආධ්‍යාත්මික ක්‍රියාවලිය වෙනස් වන අයුරු අධ්‍යයනය කිරීමට නව සන්නිවේදන හා මනෝ විද්‍යාත්මක න්‍යාය ධර්මය බිහිකර ගැනීමට සිදුවේ.
ඊ - ප්‍රජාතන්ත්‍රවාදය හමුවේ පුරවැසියා සෘජු මාධ්‍යවේදියකු ලෙස ක්‍රියාකිරීම සරල සමාජ පැවැත්මක් නොවේ. පුරවැසියා මාධ්‍යවේදියා වීම සම්බන්ධව ඊට වගකීමට රාජ්‍ය හා සමාජ බල ව්‍යqහයන්ට සිදුවේ. ප්‍රබල නැවත ඉදිරිපත් කිරීම් නිතර නිතර නූතන ඊ සන්නිවේදනයෙන් උපදී. ඒවා නිතර නිතර සාකච්ඡා කොට ප්‍රජාතන්ත්‍රීය හැසිරීමට එකතු කර ගත යුතු වේ. ඒවායින් දිගින් දිගටම මඟZ හැර සිටීමට කිසිවෙකුටත් නොහැකිය. වඩා වැදගත් වන්නේ එසේ බිහිවන ප්‍රබල නැවත ඉදිරිපත් කිරීම් සමඟම තීරණ ගැනීමේ අවස්‌ථාව ද පුරවැසියා වෙත ම පැවරී තිබීමයි. සාර්ථක පිළිතුරු හමුවේ පුරවැසියා තෘප්තිමත් වනු ඇත. දුර්වල පිළිතුරු හමුවේ පුරවැසියා තම මාධ්‍ය තුළින් සන්නිවේදනමය බලවේග ඉපැද්දවීමට පෙළඹෙනු ඇත.
ඊ ප්‍රජාතන්ත්‍රවාදය හමුවේ ඊ සන්නිවේදනය භාවිත වන විට විවිධ උපදේශකත්වයන් ලබා ගැනීමට පුරවැසියාට ලැබෙන නිදහස අසීමිතය. ලෝකයේ බොහෝ නිදහස් අදහස් ක්‍ෂණිකව ඊ සන්නිවේදනය මගින් ලද හැකි වේ. විද්වතුන්ගේ උපදෙස් ලබා ඒ සමගම ප්‍රතිඵලදායී සහභාගිත්වයක් ප්‍රජාතන්ත්‍රීය ක්‍රියා උදෙසා ලබා ගැනීමට පුරවැසියාට හැකිය. මෙලෙස ඊ සන්නිවේදනය මගින් ක්‍රි්‍රsයාවලට සෘජු මැදිහත්වීම පුරවැසියාට කළ හැකි වන අතර නිරන්තර සුපරික්‍ෂාකාරී බව පුරවැසියාගේ දෛනික ක්‍රියාවලියට එකතු වේ. ජනමාධ්‍යවලට පැවැති සමීපතාවට වඩා ඇසුරක් ඊ - සන්නිවේදන ක්‍රම සමඟ ඇතිවීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මහත්මාභාවයට යථාර්ථවත් බවක් ලබා දේ. ප්‍රජාතන්ත්‍රවාදී රටවල රජයේ බොහෝ තොරතුරු විද්යුත් සන්නිවේදනයට එකතු වේ. එම තොරතුරුවලට කලට වේලාවට ප්‍රවේශ වීමට මහජනයා පුරුදු වනු ඇත. ඊ සන්නිවේදනය වේගවත්ම තොරතුරු ප්‍රවේශය ලෙස දේශපාලනික තොරතුරු ප්‍රමුඛ ස්‌ථානයක් ගනී. ජනතාවට මෙම මැදිහත්වීම ප්‍රතික්‍ෂේප කිරීමට ද හැකියාවක් නැත. එයට හේතුව ප්‍රධාන තොරතුරු මූලාශ්‍ර ඊ මාධ්‍ය මත පදනම් වීමයි. ඒවා විශ්වාසදායී ලෙස හා අඩු වියදමින් ලබා ගැනීමට ඇති හැකියාව පුද්ගල උමතු කරයි. මෙමඟින් ශක්‌තිමත් රාජ්‍ය සේවාවක් ද ඇති වේ.
සන්නිවේදන විද්‍යාව ලෙසින් බලන වීට නූතන ඊ - තාක්‍ෂණය සම්ප්‍රදායික පුවත්පත් පාඨකයාට පහර දීමකි. පාඨකයා පුවත්පත් සඟරා කියවීම වෙනුවට ඊ පුවත්පත් සඟරා කියවීමට පුරුදු වේ. ඒ නිසා අනාගතයේදී මුද්‍රිත මාධ්‍යයනට තොරතුරු සන්නිවේදනය තුළ වැදගත් තැනක් හිමි නොවේ.
ජපානය විද්යුත් මහජන ගෝලයට හසුව ඇති රටකි. එරට ප්‍රධාන අන්තර්ජාල දේශපාලනිකයි. අන්තර්ජාල සුළුවෙන් පාවිච්චි කරන සංවිධාන බොහෝ විට භාවිත කරන්නේ දේශපාලනික රුචියට අනුව මැදිහත්වීම්වලට ඇති කැමැත්ත පදනම් කරගෙනයි. ප්‍රධාන අන්තර්ජාල, ප්‍රජානත්ත්‍රවාදය, පුද්ගලවාදය, සමාජය, නීතිය, ක්‍රම, නිදහස හා මානව හිමිකම් වැනි ක්‍ෂේත්‍ර කෙරෙහි යොමුව තිබීමත්, සුළු අන්තර්ජාල, සදාචාරය, හුවමාරුව, දේශීයත්වය හා සමාජ නියෝග වැනි දේ කෙරෙහි යොමුව තිබීමත් දක්‌නට ලැබේ.
ජනමාධ්‍යවල පැවැති නිදහසට වඩා විශාල නිදහසක් ඊ- සන්නිවේදනය තුළින් විශ්ව සමාජය අපේක්‍ෂා කරයි. විශ්වීය වශයෙන් දරාගත හැකි ඊ ප්‍රවේශ මාර්ග පවත්වා ගෙන යැම පිළිබඳ ගැටලු අද මතුව තිබේ. ලෝකයේ ඊ - ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ජාල තුළට වෙබ් අඩවි මිලියන 10,000 ක් පමණ දිනකට අලුතින් ප්‍රවේශ වේ. එබැවින් ඊ නිදහස ද පිළිබඳ සාකච්ඡාවට අප රට ද ඉදිරියට ගත යුතුව ඇත.
එසේම විවෘත වූ මධ්‍යස්‌ථ ජාල පිළිබඳ න්‍යාමනයක අවශ්‍යතාව ද උද්ගත වේ. ඊට අමතරව ලෝකයටම පොදු ගුණාත්මක හා ජනයාට හිතකර ලෙස තෝරා ගත හැකි ඊ සන්නිවේදන පරිසරයක් ඇති කිරීම පිළිබඳ ප්‍රමාණවත් සැලසුම් හා සාකච්ඡා ආරම්භ විය යුතුව තිබේ.
නව හඬවල් හා මුහුණු සහිත නව පුරුෂයන් ඊ - සන්නිවේදනය තුළින් මතුවන්නේ නම් ශක්‌තිමත් නව සමාජ පරිවර්තනයකට එය ඉවහල් වනු ඇත. එසේම නව සන්නිවේදන පුරුද්දක් ඇති කිරීම කෙරෙහි අප යොමුවිය යුතුය. ඒ ඒ රටවල දේශීය සන්නිවේදන අන්තර්ගතයන් නූතන තාක්‍ෂණයේ ළඟම මිතුරා බවට පත්වන්නේ නම් ඒ ඒ රටවල ඒ ඒ රටවල සමාජ සංස්‌කෘතික හැඩ ශක්‌තිමත් වනු ඇත. සංස්‌කෘතික විවිධත්වයට ගරු කිරීම, අධ්‍යාපනයට දැනුම තෝරා ගත හැකි ලෙස තාක්‍ෂණික මැදිහත්වීමක්, අනන්‍යතාව සමානතාව, අයිතීන් හා දිළිඳුකම තුරන් කිරීම පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී දියුණු අන්තර් ක්‍රියාකාරී සන්නිවේදනයක් මෙම විද්යුත් මාධ්‍ය තුළ ඇතිවන්නේ නම් අනාගත සමාජය යහපත් වනු ඇත. මේ සඳහා පූර්ව සූදානමක් සඳහා මාධ්‍ය සංවර්ධන අධිකාරිය වැනි ආයතනයක අවශ්‍යතාව බෙහෙවින් පවතී.
Post a Comment