මිනි මරා ආණ්ඩුවට එකතු වූ කෙහෙළියගේ වැදි බණ

සරත් ෆොන්සේකාට සමාව ගන්න යැයි කෙහෙළියත් කියයි.


දැනට සිර ගත කොට තිබෙන ජනරාල් ෆොන්සේකා නිදහස් කිරීමටනම් ඔහු හෝ ඔහුගේ පවුලේ අයෙකු ජනාධිපතිවරයාගෙන් සමාව ගත යුතු යැයි, ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මෙය දේශපාලන විචාරකයින් හැඳින්වූයේ වැදි බණ කීමක් ලෙසය. එනම් 2001 දී ගම්පොලදී පුද්ගලයෙකු මරා දමා එහි නියම වරද කරු වන අදාල ඇමතිවරයා රාජපක්ෂ ආණ්ඩුව සමඟ එකතු වූයේ මහා අධිකරණයේදී තමන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබු නඩුවකින් ඇඟ බේරා ගැනීමටය. මේ වනවිට රටේ ස්වයිරිත්වය, ජාතික ආරක්ෂාව සහ නිතිය ගැන කතා කරන මෙවැනි මිනීමරුවන් පළමුව අධිකරණයට ගෙනවිත් යුක්තිය ඉටු කළ යුතුව ඇතත් ඒ සියල්ල යටපත් කොට තමන්ගේ දේශපාලන වාසි තකා මොවුන් විදි ගණිකාවන් සේ පාවිච්චි කිරීමෙන් පෙනී යන්නේ මෙරට පත් වී ඇති අවාසනාවන්ත තත්වය බවයි. එහි ඇති ඛේදවාචකය වන්නේ මෙවැනි බමුණන් රටේ අහිංසක ජනතාවට යුක්තිය සහ සාධාරණත්වය ගැන උගැන්වීමට යෑමය. Tell a Friend