හාමුදුරුවරු තමන් පැත්තට හරවා ගැනීමේ මහා මෙහෙයුමක් අරලියගහ මන්දිරයෙන්

දැනට රටේ ගොඩනැගෙමින් තිබෙන රාජපක්ෂ විරෝදී රැල්ල කෙසේ හෝ මර්ධනය කිරීම සඳහා ඕනෑම මුදලක් වියදම් කිරීමට ආණ්ඩුව සැරසෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති රාජපක්ෂ, රටේ බික්ෂුන් වහසේලා තමන්ට විරුද්ධ වීමට පටන් ගෙන ඇති බවත් ඔවුහු ජනරාල් ෆොන්සේකාගේ පැත්ත ගෙන කටයුතු කිරීම නිසා මහත් අපහසු තාවට පත්වී ඇති හෙයින් තමන්ගේ පැත්ත ගෙන සිටින බික්ෂුන් පිරිසක් යොදා තමන්ට වැසි දායක වන ලෙස පුවත් පත් සාකච්චා සහ අනෙකුත් සියලුම ආකාරයේ ප්‍රචාරක කටයුතු පැවැත්වීමට අවශ්‍ය සියලුම පහසුකම් සලසා තිබේ. එහි ප්‍රථම පියවර ලෙස කඹුරු ගමුවේ වජිර සහ වටිනා පහ සෝමානන්ද යන ආණ්ඩුවේ ප්‍රබල ක්‍රියාකාරී හමුදුරු දෙනමගේ ප්‍රධානත්වයෙන් අද නාරාහේන්පිටදී පුවත් පත් සාකච්චාවක් කැඳවූ අතර, එහිදී ජනාධිපති උදැසන අරලියගහ මන්දිරයේදී කියූ දැම යළිත් උන්වහන්සේලා පුනරුච්චාරණය කොට ඇත. එහිදී කියා ඇත්තේ ජනරාල් ෆොන්සේකා හෝ පවුලේ අයෙක් සමාව ගන්නේ නම් හෙතම නිදහස් කළ හැකි බවයි. Tell a Friend