ජනරාල් ෆොන්සේකාට වැලිකඩදී ව්‍යායාම්

හෙට පාර්ලිමේන්තුවට ඒමේ ඉඩක්!


මහාධිකරණයේ ති‍්‍රපුද්ගල විනිසුරු මණ්ඩලය විසින් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් ජනරාල් සරත් ෆොන්සේකා මහතාට බන්ධනාගාරය තුළදී ව්‍යායාම කිරීමේ පහසුකම් සපයා දෙන්නැයි කොළඹ මහාධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට අද නියෝග කර තිබේ. එල්.ටී.ටී. ඊයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකට ගොදුරු වූ ෆොන්සේකා මහතාගේ සිරුරේ ලෝහ කොටස් සිරවී ඇති බව නීතිඥවරු ප‍්‍රකාශ කළහ. මේ නිසා ෆොන්සේකා මහතාට දිනපතා ව්‍යායාම කිරීම අවශ්‍ය බව ඔවුන් පෙන්වා දුන්හ. සුදු කොඩි කතාව පිළිබඳ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම පැහැදිළි කිරීම කෙරුණූ අතර නීතිඥයන් මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ජනරාල් ෆොන්සේකා මහතාට හෙට දිනයේ පාර්ලිමේන්තු කටයුතු සඳහා සහභාගි වීමට ඇති බවය. මේ නිසා නඩුව හෙට දිනයේ විභාගයට නෙගාන්නා ලෙස ඉල්ලීමක් කෙරිණි. එය සලකා බැලූ මහාධිකරණයේ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල නඩුව ලබන 11 වනදා යළි කැඳවීමට තීරණය කළේය.
Tell a Friend