ප්‍රංශ ජනාධිපති පදවියෙන් විසි වෙන ලකුණු - ඉරාණය

ප‍්‍රංශයේ උද්ඝෝෂණ හේතුවෙන් ගුවන් ගමන් ඇනහිටින ලකුණු.

ප‍්‍රංශයේ මේ වනවිට ආරම්භ වී ඇති දැවැන්ත උද්ඝෝෂණ හේතුවෙන් එරට ප‍්‍රවාහන, ගමනාගමන, අධ්‍යාපන ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක් අඩාල වී තිබෙන අතර ඒ හේතුවෙන් ජනාධිපති සර්කොශිට තම පදවියෙන් ඉවත් වීමට සිදු වෙතයි ඉරානය අනතුරු අඟවා සිටි. එරට හමුදා ප්‍රධානියා වන බ්‍රි.ජනරාල් මෂුඩ් ජසායෙරි කියා සිටියේ ඔහු ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ රූකඩයක් වී සිටින හෙයින් ඔහු එරට වැසියන් අතර ප්‍රතික්ෂේප වී සිටින බවයි.

කෙසේ වෙතත් උද්ඝෝෂණ ආරම්භ වූයේ ප‍්‍රංශ රජය එරට ජනතාවගේ විශ‍්‍රාම යන වයස් සීමාව අවුරුදු 60 සිට 62 දක්වා වැඩි කිරීම හේතුවෙනි. එරට පාසල් 379 ක සිසුන් මෙම උද්ඝෝෂණවලට එක්ව සිටිති. උද්ඝෝෂණ හේතුවෙන් ප‍්‍රංශයේ ප‍්‍රධානතම ගුවන් තොටුපළ දෙක වන ඕලි සහ චාල්ස් - ඞී ගෝල්ඞ් හි ගුවන් ගමන් අඩාලවීමේ හෝ ඇනහිටීමේ තත්ත්වයක් මතුව ඇත. ඊට හේතු වී ඇත්තේ අදාල ගුවන් තොටුපළ දෙකට ඉන්ධන සැපයුම අඩාල වීමයි
. Tell a Friend