අන්තරේ කැඳවුම්කරු හිර කරණ ලෙස ආණ්ඩුවෙන් පොලිසියට කොන්ත්‍රාත්තුවක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු උදුල් පේ‍්‍රමරත්න නොපමාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව කුරුඳුවත්ත පොලිසිය, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රෂ්මි සිංගප්පුලි වෙත අද දැනුම් දී ඇත්තේ ආණ්ඩුව විසින් අදාල පොලිස් ස්ථානාධිපති වරයට කළ බලපෑමකට පසුවය. සරසවි සිසු පිරිසක් වෝඞ් පෙදෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුලූවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙය ඉල්ලා සිටියේය. මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන්නේ ද, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු බව කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ. කෙසේ වෙතත් ප්‍රේමරත්න අත්අඩංගුවට ගෙන ඔහුට හැකි උඅපරිම දඬුවම් ලබා දෙන ලෙස උසස් අධ්‍යාපන ඇමති එස්. බි. දිසානායක, පොලිස්පති වරයාගෙන් පෞද්ගලිකව ඉල්ලා ඇති බව අපට දැන ගන්නට තිබේ. Tell a Friend