කතු වැකිය : වැටුප් වැඩි කිරිමේ දේශපාලන බයිලා

දවසේ දෙවන කතුවැකිය


හර්ෂි සී. පෙරේරා විසිනි

නොවැම්බර් අය වැයෙන් රජයේ සේවක සිත් සතුටු වන විදියට වැටුප් වැඩි කරන බව යෞවන කටයුතු නියෝජ්‍ය ඇමැති මහින්දා නන්ද අලූත්ගමගේ මහතා නාවලපිටියේ දී පැවැසු බව පුවත්පත් වාර්ථා කළේය.

මේවා විහිලුය. මේ විහිලු කරන්නේ තමන්ව බලයට පත් කළ ජනතාවද ඇතුලු මේ රටේ සාමාන්‍යය ජනතාවටය. පසුගිය ජනාධිපතිවරණයේදි මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදි ජනාධිපති ප්‍රමුඛ පාලක බලඇණිය රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කරන බවට කොකා පෙන්නුහ.

ඇතැමි රාජ්‍යය සේවකයින්ගේ වැටුප් අඩු කරන චක්‍ර ලේඛනද නිකුත් කර ඇති තත්වයක් හමුවේ මෙම ඇමති විහිලු කරන්නේ කා සමගද?

අලුතින් බදවාගත් ප්‍රජා විශෝධන නිළධාරින්ගේ වැටුප අලුත් චක්‍රලේඛයක් මගින් බදවා ගැනිමේ ගැසටි පත්‍රයෙන් නියම කළ වැටුපට වඩා රුපියල් 4000ක් පමණ අඩු කර ඇත. ඔවුන්ට පෙර බදවා ගත් කණ්ඩායමේ ද වැටුප අලුත් චක්‍රලේඛයක් මගන් අලුත් කණ්ඩායම හා සමානවිම සදහා වැටුප් අඩුකර ඇත.

මේ එක් උදාහරණයක් පමණි. තවත් වාර්ථා නොවන වැටුප් කප්පාදු බෝහෝ තිබිය හැක.

ආණ්ඩුව මේ පිළිබදව සිය කඩිනමි අවධානය යොමු කළ යුතුය. විපක්ෂයද රජයේ සේවකයින් සමිබන්ධයෙන් අනුගමනය කරන්නා වු නිදිමත කමිමැලි පිළිවෙත වහාම අතහැර දැමිය යුතුය. පැවති ඡන්ද විමසිමි දෙකෙදිම බහුතර රජයේ සේවක ඡන්ද හිමි වුයේ ආණ්ඩු පක්ෂයටයි. එබැවින් ආණ්ඩුවට ප්‍රබල වගකිමක් මෙන්ම යුතුකමක් ඇත. විපක්ෂයටද නැවත රාජ්‍ය සේවක ප්‍රසාදය දිනා ගැනිමේ උවමනාවක් තිබිය යුතුය. එය අභ්‍යන්තර පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු හා සමානවම වැදගත්ය.



Tell a Friend