මෙන්න තවත් පොලිසියේ නිදන් හොරෙක්

ගල්ගමුව පොලිසියේ අපරාධ අංශයේ ලොක්කා නිදන් හාරලා

ගල්ගමුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරිව නිදන් හාරා අසුවී තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් පසුව රිමාන්ඩ් බාරයේ පසුවන මොහුව නිදහස් කර ගැනීමට ප්‍රබලයින්ට අවශ්‍යව තිබෙන බවද වාර්තාවේ.

මෙම පුවත මාධ්‍ය පවා වාර්තා කර නැත්තේ - මොහු ප්‍ර‍දේශයේ දූෂිතයින් සමග පවත්වන කිට්ටු සම්බන්ධකම් නිසා බවද වැඩිදුරටත් වාර්තාවේ.

වසර ගණනාවක සිට, ගල්ගමුව පොලිසියේ අරක් ගෙන සිටින මොහුට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිෂමට හා ජාතික පොලිස් කොමිෂමට පැමිණීලි කර ඇත.

එහෙත් එම එකදු පැමිණීල්ලක්වත් විමර්ශනයට පවා ගෙන නැති බවද වාර්තාවේ.

මෙම, චන්ද්‍රසිරි පොලිස් නිළධාරියාව බේරා ගැනීම සදහා ප්‍රබල උත්සහායක් තිබෙන බවද වාර්තාවේ.

Tell a Friend