එජාපයෙන් ෆොන්සේකා පිම්බීමට ලක්ෂ දහයක් දුන් බව ලීඩර් කතුවරිය කියයි - Updated

සුදු කොඩි සිද්ධියට අදාලව නඩු විභාගය අදත්, මහාධිකරණ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනුණා. එහිදී සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆෙඩි‍්‍රකා ජෑන්ස්ගෙන් හරස් ප‍්‍රශ්න විමසනු ලැබුවා. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධාන නායක සරත් ෆොන්සේකාට සහාය පළ කරන ලෙස පුවත්පතේ කර්තෘ මණ්ඩලයට බලපෑම් එල්ල වූ බව ඇය වැඩිදුරටත් සඳහන් කළා. ඒ වෙනුවෙන් වන ප‍්‍රචාරක කටයුතු සඳහා සතියකට රුපියල් ලක්ෂ 10 ක මුදලක් එක්සත් ජාතික පක්ෂයෙන් පුවත්පත වෙත ලැබුණු බව සන්ඬේ ලීඩර් කතුවරිය අද අධිකරණයේදී පිළිගත්තා. එලෙස එක්සත් ජාතික පක්ෂයෙන් තම පුවත්පතට මුදල් ලැබෙන බවට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රසිද්ධියේ සිදුකළ ප‍්‍රකාශයක් හේතුවෙන් තමන් ද එලෙස මුදල් ලැබෙන බව දැනගත් බවයි සන්ඬේ ලීඩර් කතුවරිය අධිකරණයේදී ප‍්‍රකාශ කළේ.

සුදු කොඩි සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා තුනකදී තමන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගත් බවද ඇය අද අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළාය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධාන නායක සරත් ෆොන්සේකා සුදු කොඩි සිද්ධියට අදාලව තමන්ට ඇසුණු දෙයක් ප‍්‍රකාශ කළ බව තමන්, ‘‘ඇගේ කතාව’’ නමින් 2010 ජනවාරි 03 වැනිදා සන්ඬේ ලීඩර් පුවත්පතේ පළකළ ලිපිය මගින් සටහන් කළ බව අධිකරණයේදී ඇය ප‍්‍රකාශ කළාය. අදාල සිද්ධියත් සමග තමන්ගේ චරිතය ඝාතනය කිරිමට විවිධ පිරිස් උත්සාහ දැරූ බවත් සන්ඬේ ලීඩර් කතුවරිය අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළාය. සරත් ෆොන්සේකා තමන් ප‍්‍රකාශ කළ කරුණු ඒ අයුරින් පළ කරන ලෙසත් තමාගෙන් ඉල්ලීමක් කළ බවයි සන්ඬේ ලීඩර් කතුවරිය වැඩිදුරටත් සඳහන් කළේ.

 Tell a Friend