කරුණා බබා වෙයි, සමාව ඉල්ලන්න බෑම කියයි!

වීමන් විසිනි

එල් ටි ටි ඊ සංවිධානයේ නැගෙනහිර පළාතේ සන්නද්ධ නායකයාව සිටි කර්නල් කරුණ අම්මාන් හෙවත් පාලක ආණ්ඩුවේ ජාතිය ගොඩනැගීම පිළිබඳව වූ අමාත්‍යවරු අතිරින් එක් අමාත්‍ය වරයෙක් වන විනයාගමුර්ති මුරලිදරන්, මීට දශක කිහිපයකට පෙර කොටි සංවිධානයට භාර වූ පොලිස් නිලධාරීන් 600 කට වැඩි පිරිසක් මරා දැමීම සම්බන්දයෙන් තමාට සමාව ගත නොහැකි බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙත අදහස් දක්වූ කරුණා අම්මාන් වැඩි දුරටත් කියාසිටියේ, අදාල ඝාතනය සඳහා තමන් මැදිහත් නොවූ බවත් එය කොටි සංවිධානයේ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් සහ නිව්ටන්ගේ අණ මත සිදු වූ අවාසනාවන්ත දෙයක් බවත් කියා සිටියේය.

කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුවේ නැගෙනහිර පළාතේ මහා ඇමති වරයා වන පිල්ලයාන් පසුගියදා කියා සිටියේ , අදාල සිදුවීම සමබන්දයෙන් කරුණා අම්මාන් සමාව ගත යුතු බවයි. පිල්ලයාන් කොටි සංවිධානයේ ටේලර් වරයෙකු ලෙස සේවය කළේය.

Tell a Friend