කතු වැකිය:- "මතට තිත" හෙවත් අතීසාරයට අඹුඩ ගැසීම

හර්ෂි සි. පෙරේරා විසිනි

මාධ්‍ය වාර්තා අනුව බාබුල් නම් මත් බුලත් විට හැදීමට ගන්නා ගංජා මිශ්‍ර දුම්කොළ රසකාරක යෙදූ පුවක් හා ඩයි වර්ග තොගයක් පිටකොටුවේ සෙන්ට්‍රල් පාරේ කාමරයකින් සොයා ගත් බව ආදුරුප්පු වීදිය පොලිසිය කියයි. මේ ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් විසිලක්ෂයක් බවද පොලිසිය පවසයි.

පහත කතාවද මත්ද්‍රව්‍ය නිසාම බිහිවුවකි. නිල්මිණි 23 හැවිරිදි එක් දරු මවක් වන අතර ගමිපහ ප්‍රදේශයේ පදිංචිකාරියකි. හෙරොයින් විකිණිම හේතුවෙන් ඇය පොලිස් අත්අඩංගුවට පත් විය. ඇය සිය අවුරුදු එක හාමාරක් පමණ වන දියණියද සමග සිරගෙදර මාස අටක පමණ කාලයක් ගත කළාය. දැන් ඇයට ඇප ලැබි ඇත.

තවද මාධ්‍ය වාර්ථා කළේ බගවන්තලාව නගරයේ පාසල් ළමයින්ට අලෙවි කිරීම සඳහා රහසිගත ලෙස ගබඩා කර තිබූ මත්කුඩු කිලෝග‍්‍රෑම් 14ක් බගවන්තලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිය. ඉන්දියාවෙන් ආනයනය කරන ලද මෙම මත්කුඩු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ටින් ලෙස අසුරා තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මත්ද්‍රව්‍ය ටින් එකක් රුපියල් 150කට අලෙවි කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පුවත් තුනම රටේ පුරවැසියන්ගේ විශේෂයෙන්ම දරුවන්ගේ අනාගතය සමිබන්ධයෙන් බරපතල ගැටලු ඇති කරයි. මත්ද්‍රව්‍ය ලග තබා ගැනිමට මෙන්ම ජාවාරමි කිරිමටද අනිවාර්යෙන් දඩුවමි කළ යුතුය. ඒ පිළිබද දෙගිඩියාවක් නැත. එහෙත් එමගින් පමණක් මෙම අපරාධය මුලිනුපුටා දැමිය නොහැක.

එනමි කළ යුත්තේ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය රට තුළට ගෙන ඒම වැළැක්විමයි. මේවා රටට ගෙන එනු ලබන්නේ සමාජයේ ප්‍රබල එනමි බලගතු පිරිස්ය. මේවාට ඇතැමි දේශපාලනඥයින් සෘජුවම සමිබන්ධය. මේ තත්වය වළක්වන්නේ නැතුව නිල්මිණි වැනි දුප්පත් කාන්තාවන් අත්අඩංගුවට ගෙන සමාජ උවදුර මර්ධනයට ක්‍රියා කිරිම අතීසාරයට අමුඩ ගැසිමක් හා සමානය.

එනිසා පන්සිල් දෙන උදවිය මෙන්ම පන්සිල් ගන්නා උදවියද කළ යුත්තක් ඇත. ඒ රටේ බළධාරින්ට මෙම මත්ද්‍රව්‍යය රට තුළට ගෙන එම වළක්වන්නැයි බල කෙරෙන ශක්තිමත් ජන මතයක් ගොඩ නැගිමයි. තවද නිල්මිණි වැනි අයව නැවත මෙම අපරාධයට පොළඔවනු ලබන අයගෙන් ඔවුන්ව ආරක්ෂා කර ගැනිමෙි වැඩ පිළවෙලක් ක්‍රියාත්මක කිරිමයි.
Tell a Friend