සිසු ක්‍රියාකාරකම් නැවත්වීමට විමල් සහ මර්වින් පත් කෙරේ

විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරන බවට බොරු චෝදනා සකස් කරමින් ජනතා විමුක්‌ති පෙරමුණට පාඩමක්‌ ඉගැන්වීමට ජනාධිපති රාජපක්ෂ විසින් තමන්ගේ ඇමති සගයන් වන විමල් වීරවංස සහ මර්වින් සිල්වා නම් කොට ඇති අරලියගහ මන්දිරයෙන් ලැබෙන ආරංචි මාර්ග කියා සිටියි. කැලණිය, ගම්පහ, බියගම, මහර, පෑලියගොඩ ඇතුළු පළාත්වල ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සාමාජිකයන් තමා වෙනුවෙන් දැනටමත් ජනතා විමුක්‌ති පෙරමුණට පාඩම් උගන්වන බව එහිදී මර්වින් සිල්වා කියා තිබේ. වීරවංසට රුහුණ සහ ජයවර්ධනපුර සරසවි වල සිසුන් මෙල්ල කිරීමට අවශ්‍ය අණ ලැබී ඇති බවද වාර්තා වේ. Tell a Friend