කලුම කලු කාලයකි !

බැසිල් ප්‍රනාන්දු
කලුම කලු
කලුම කලු
කාලයකි කලුම කලු
මහා දහවල
පැතිර පවතී කාලකන්නි
කලුම කලු
මහා අඳුරු
බුද්ධියේ පහනක්
දකිත නොහැකිය කොතනකවත්
විරිත්තයි බකමූනෝ
හැම ගස් මුදුනකම
යුක්තියේ හිරු එලිය
දැක්ක නොහැකිය
අධිකරණ ශාලාවල
කලු කෝට්, කළු ටයි පටි
යටපත් කරයි
යුක්තිය පතා
හඬා  වැලපෙන
මවුවරුන්ගේ මැසිවිල්ල
හමුදා බූට් හඬ
ඇසෙයි  ඝනදුර සිසාරා
යටපත් කර ජනසිත
නැගෙයි වෙඩිහඬ
පසු තැවිල්ලේ නැණ බලෙන්
පුබුධුවා යටපත්ව ඇති දුක් ගැනවිලි
හඬ නගා  කියන්නට ඉඩ හැර
සිදු වූ අකට යුතුකම්
යලි පුබුදුවා  යටපත්
බුද්ධියේ මහිමය
සිදුරු කළ මැන
මෙම මහා ඝන අඳුර
  Tell a Friend