අනුන්ගේ ගැනුන්ගේ කුක්කු හොයන මර්වින් නමැති තිරිසනා

 අපගේ පාඨකයෙකු විසින් එවනු ලැබූ අදාල ලිපිය තොරතුරු දැක්වීමේ අයිතිය සලකා ප්‍රසිද්ධ කිරීමට අප කතෘ මණ්ඩලය විසින් තීරණය කළ නමුත් මෙහි දැක්වෙන්නේ අදාල ලේඛකයාගේ අදහස මිස අප කතෘ මණ්ඩලයේ අදහස් නොවේ. එසේම මෙම ලිපියේ ඇති අදහස් කිසිඳු නීතිමය කටයුත්තක් සඳහා වූ වගකීමෙන් නිදහස් කරනු ලැබේ.
- සමන් අබේගුණවර්ධන විසිනි

සාදාරණ විනිශ්චයක් දීමට ස්ථාපිත කළ අධිකරණ පද්ධතියම මුදලට සහ දුෂිත පව්කාරයින්ගේ බලයට යටවී ඇත්තේ නම් ජයග්‍රාහකයා තේරීමට විනිශ්චය සඳහා පවත්වනු ලබන අනෙක් වැඩසටහන් වල තත්වය කුමක්දැයි පැවසිය යුතු නොවේ. එහි අලුත්ම අත්දැකීම, ලංකාවේ අභිමානය යැයි තම ශීර්ෂය සඳහන් කරන ස්වර්ණවාහිනී නමැති නාලිකාව පැවැත් වූ මෙගා ස්ටාර් නම් වූ වැඩසටහනේදී සිල්වාගේ හැසිරීමයි. විනිශ්චය ගැන කිසිවෙකුට සඳහන් කළ නොහැකි වූයේ එය කෙටි පණිවිඩ වලින් සිදු වූ හෙයිනි. නමුත් සබැ ජයග්‍රාහකයා කවුරුන්දැයි දන්නෝ දනිති. එසේම එය එහි සිටි අයවලුන්ගේ හැසිරිමෙන්ද පෙනුනි.

අදාල වැඩසටහන හෝ එහි නිෂ්පාදකයින් ගැන කතා කිරීම වටින්නේ නැත. ඔවුන්ට සල්ලි හොයන සහ රටේ ජනතාවගේ කාලය ආකර්ශනීය ලෙස කා දැමීමට හැකිනම් ඕනෑම තක්කඩි කටයුත්තක් කොට එය කිරීමට පෙළඹීම සාමාන්‍ය පුරුද්දකි. මොවුන්ගේ වැඩසහන් වලින් සිදු කරනු ලබන්නේ එදිනෙදා ජීවිතයේ දැවෙන ප්‍රශ්න අමතක කිරීමට දී වෙනත් මායා ලෝකයක මිනිසුන් අතරමං කරවීමකි. එය තෝරා බේරා ගැනීම සිංහලයින්ට භාරදීමට සේම ඔවුන් තව කෙතරම් කාලයක් මෙවැනි සැබෑ මාෆියා වෙළෙඳුන්ගේ සහ ඔවුන්ගේ ඒජන්තයින්ගේ ලණු කෑමට සමත් වන්නේද යන්න ගැන දන්නේ ඔවුන්ම බව පමණක් මතක් කර දීම වටී.

මෙහිදී මගේ අවදානය යොමු වූයේ මර්වින් සිල්වා නමැති " ආචාර්ය" වරයෙක් යැයි කියාගන්න සත්වයාගේ හැසිරීම කෙරෙහිය. ඔහු තමන්ගේ බිරිඳද එකත් පසෙක තබා ගෙන, තවත් අයෙකුගේ කසාඳ බිරිඳක් ගැන බේබද්දෙකු ලෙස දොඩවන්නේ විනිෂ්කරුවෙකු ලෙස තමාට ඇති අයිතිය ප්‍රයෝජනයට ගනිමිනි. ලංකාවේ මෙවැනි බේබද්දන් ගැන අපි දන්නෙමු නමුත් මොවුන් මාධ්‍ය ඉදිරියට පැමිණියේ එක්කෝ ටෙලිනාට්‍ය වලදීය. නැතහොත් වෙනත් ප්‍රවුර්ති වැඩසටහන් වලදීය. නමුත් දැන් ඔවුන් සජීවීව තමන්ගේ දෑස ඉදිරිපිට නැරඹීම සඳහා මෙරට මාධ්‍ය අයිතිකාර දුෂ්ට පව්කාරයින් සමත් වී ඇත. එම පව් ඇරවීම සඳහා හැම පෝයකටම ලොකු පින් කම් ලෑස්ති කිරීමටද ඔවුහු කටයුතු කරති. මේ රටේ ශාපය වන්නේ මෙයයි.

මර්වින් සිල්වා වැනි අයවලුන් මේවයේ අයිති කරුවන් බවට පත් වන්නේ ඔවුන්ගේ තිරිසන් ගති වලට ඇති ඉහළ ඉල්ලුම නිසාය. දෙනෝ දාහක් බලා සිටියදී අදාල කාන්තාවගේ කුක්කු බීමට කැමති බව කියමින් කෙල හලන්නේ ඒ නිසාය. එය අහවර කොට තමන් එය කිව්වේ විහිලුවට යැයි පැවසීමද මෙරට සිංහලයන් ( අදාල වැඩසටහන සිංහලයන්ගේ වැඩසටහනකි) මීහරක් යැයි සිතා ඔහු කටයුතු කරන අන්දමය. තවත් දිනයකදී අදාල තිරිසන් ගති ඇති පාදඩ අවලමා, කනතාවන් දැක අනේ මට ඔයත් එක්ක රමාණයේ යෙදිය හැකියි දැයි මෙවැනිම වැඩසටහනකදී ඇසුවොත් අපේ ජනතාවට සිදුවන්නේ එහෙයි කියා මේ තිරිසන් චූන් වලින් විනෝදාස්වාදය ලැබීමටය. මේ රටේ නීතියටද සිදු වී ඇත්තේ එයයි. ඒ සියල්ල මෙවැනි තිරිසනුන් අරක් ගෙන ඇත. සාමාන්‍ය ජනතාව මොවුන්ගේ ගොදුරු බවට පත් වී හමාරය. තුන්වේලම බත් කන්න යැයි බල කරමින් නීතියක් හදන්න අර අදින්නේ මොවුන්ය. සැබවින්ම මගේ හැංගීම නම් මේ රටේ ආරක්ෂාවට සිටි සියලුම දෙවිවරුන් අප හැරගොස් එක්තරා ශාපයකට රටම තල්ලු කොට තිබේ. එහි ශාපයේ ප්‍රතිපල ලෙස මනුෂ්‍ය වේශයෙන් එන මර්වින් සිල්වා වැනි තිරිසනුන් අපගේ එදිනෙදා ජීවිතයේ පාලකයින් බවට පත් වේ. කොටි සංවිධානයේ සිටි අයවලුන් මන්ෂ්‍ය බෝම්බ බවට පත් වීමේ සැබෑ හේතු තේරුම් ගැනීමට අපේ සිංහල මිනිසුන්ට තේරුම් ගැනීමට තවත් දශක ගණනාවක් යනු ඇත.
Tell a Friend