අන්තරේ සිසුන් ජවිපෙ නායකයින් හමුවේ

සෝමවංශ අමරසිංහ මහතා ඉදිරිපත් කල අදහස් පහත දැක්වේ.

අපේ රටේ දෙමාපියන් වැඩි දෙනකුට තමන්ගේ දරුවන්ට දෙන්න තිඛෙන එකම වස්තුව තමයි අධ්‍යාපනය. වෙනත් ඉඩකඩම්, දේපළ නැහැ. ඒ නිසා නිදහස් අධ්‍යාපනය නැති වුණොත් මේ රටේ බිහි වෙන්නේ, දැන් ආණ්ඩුවේ ඉන්න බහුතරයක් වාගේ දාමරිකයින් හා නූගතුන් පිරිසක්. ඒ නිසා අපි පළමු කොටම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා, විශ්වවිද්‍යාල ප්‍රශ්නය පිළිබඳව මීට වඩා සලකා බලන්න.

නිදහස් අධ්‍යාපනය විනාශ කරන, අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිඛෙනවා. රට පාලනය කරන මැරවරයින් ඔබේ දරුවාගේ අනාගතය විනාශ කරමින් ඉන්නේ. ඒ නිසා ඔබේ දුවගේ, පුතාගේ අනාගතය ආරක්ෂා කරන්න දෙමාපියන් පෙරමුණ ගත යුතුයි.

වත්මන් ඇමතිවරයා ඇමති ධුරය බාර ගත් දිනයේ සිටම හැම විශ්වවිද්‍යාලයකම ප්‍රශ්න ඇති වුණා. එකක දෙකක නොවෙයි හැම එකකම. ඇමතිවරයා පත් කරන්න කලින් ජනාධිපතිවරයා සලකා බැලිය යුතුයි කවුද පත් කරන්නේ කියා. ඔහුගේ ඉතිහාසය ගැන සොයා බැලිය යුතුයි. කට පරෙස්සම් කර ගන් බැරි කෙනෙක් කොහොමද විශ්විවිද්‍යාලයේ උගත් ළමයින් එක්ක ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳා ගන්නේ. මේ ප්‍රශ්න විසඳන්න ඕන බුද්ධිමත්ව.

විශ්වවිද්‍යාලවල සිද්ධ වෙන්නේ මොකක්ද කියා දෙමාපියන් දන්නවාද? ආරක්ෂක අමාත්‍යාංශයට කෝටි 21,000ක් වෙන් කර තිඛෙනවා. නමුත් අධ්‍යාපනයට වෙන් කර තිඛෙන්නේ ඉන් හරියටම දහයෙන් පංගුවක් විතරයි. එහෙම නම් කොහොමද විශ්වවිද්‍යාල නඩත්තු කරන්නේ? පුස්තකාල නැත්නම්, පුස්තකාලවල පොත් නැත්නම්, සංගීතය ඉගෙන ගන්නා ළමයින්ට බටනලා නැත්නම් විශ්වවිද්‍යාලවල දරුවන්ට විශ්ව දැනුම දෙන්නේ කොහොමද?

ඒ නිසා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා, ඉදිරියට ඇවිත් ප්‍රශ්න කරන්න. විශ්වවිද්‍යාල බලධාරීන් සමග කතා කරන්න. ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්න.

සංජීව බණ්ඩාර, වැඩබලන කැඳවුම්කරු

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුළු ශිෂ්‍ය නායකයින් 29 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිඛෙනවා. උදුල් ප්‍රේමරත්න අත්අඩංගුවට ගත්තේ පසුගිය 14 වැනිදා පැවති උද්ඝෝෂණයේදී රාජ්‍ය දේපළවලට හානි කළා කියා. එහෙම නම් එදාම නැත්නම් ඊට පසුවදා අත්අඩංගුවට ගන්න තිබුණා. නමුත් සති දෙකක් විතර ගිහින් අත්අඩංගුවට ගත්තේ. අපි ශිෂ්‍ය ගැටලූ පිළිබඳව දේශපාලන පක්ෂ සමග, වෘත්තිය සමිති සමග සාකච්ඡා කරමින් ඔවුන් සමග එක්ව කටයුතු කරමින් සිටිනවා. එය අඩපන කරන්නත් උදුල් ප්‍රේමරත්නගෙන් පෞද්ගලිකව පලි ගන්නත් තමයි මේ අත්අඩංගුවට ගැනීම කළේ.

ඊළඟට ශිෂ්‍යයින් 220කගේ පංති තහනම් කර තිඛෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහෝදරියකගේ පංති තහනම් කර තිඛෙන්නේ, පාන්දර දෙකට විතර ඇවිත් විශ්විද්‍යාලයේ තොරණකට ගිනි තැබුවා කියා. ඊළඟට රුහුණු විශ්වවිද්‍යාලයේ සහෝදරියකට ලියුමක් එවා තිඛෙනවා, භික්ෂු නේවාසිකාගාරයේ සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ගන්න ඕන කියා. මේ වගේ අභූත චෝදනා තමයි ඔවුන්ට ඉදිරිපත් කර තිඛෙන්නේ.

දැන් මළ ගෙදරක යන්නත් දවස් හතකට කලින් අවසර ගන්න ඕන. ඒකත් හත් දෙනෙකුගෙන් අවසර ගන්න ඕන. අද රජරට විශ්වවිද්‍යාලයේ පොලිසිය පුරවලා. පසුගිය 27වැනිදා රාත්‍රී පොලිස් නිලධාරීන් ශිෂ්‍යාවකගේ අතින් ඇදලා ලිංගක අතවර කරන්න උත්සාහ කළා. ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මරණ දැන්වීමක් ඇලෙව්වත් පංති තහනම් කරනවා. එස් බී දිසානායක ඇමතිවරයාට ශිෂ්‍යයින් හූ කිව්වේ හේතුවක් ඇතිව. පේරාදෙණිය සරසවියේ නීති දෙපාර්තමේන්තුව සඳහා ගොඩනැගිල්ලක් අවශ්‍යව තිබුණා. අපි දිගටම ඒ ඉල්ලීම කළා. නමුත් එහි තිබුණු නේවාසිකාගාරයක් මකුළුදැල් කඩලා අලූත් ගොඩනැගිල්ලක් කියලා විවෘත කරන්න හැදුවා. ශිෂ්‍යයින් විරෝධය පළ කළේ ඒකටයි. එළියේ කරන සංදර්ශන විශ්වවිද්‍යාල ඇතුළේ කරන්න ශිෂ්‍යයින් ඉඩ දෙන්නේ නැහැ.

ඒ නිසා අද විශ්වවිද්‍යාවලවල තිඛෙන්නේ නිදහසේ ඉගෙන ගන්න බැරි, කලා සංස්කෘතික ප්‍රසංග කරන්න බැරි, ආදරය කරන්න බැරි තත්වයක්. ඔබතුමන්ට මීට පෙර ශිෂ්‍ය ප්‍රශ්න ගැන කතා කළා. ඒ නිසා මේ පිළිබඳවත් හංගන්න කියා ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුව තුළටත් මේ ප්‍රශ්නය ගෙන යන්න කියා ඉල්ලා සිටිනවා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් හා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාද මෙම අවස්ථාවට එක් වූහ.


Tell a Friend