මේ මිනිස්‌සු ගැන මට තියෙන්නේ පිළිකුලක්‌ - අයෝමි ශානිකා

ලක්‌මිණි අතුකෝරල

අපිට ආයුධ එක්‌ක මොන ගනුදෙනුවක්‌ද. අනික පතොරොම් විතරක්‌ මොකටද තුවක්‌කුවක්‌ තියාගන්න එපෑනෙ. මේක හිතාමතා මාවත් අපේ පවුලවත් විනාශ කරන්න හිතාගෙන කරපු පළිගැනීමක්‌. කාලයක්‌ ළඟින් ඇසුරු කරපු කෙනෙක්‌ තමයි මේ ප්‍රශ්නේ අපට ඇති කළේ. ඒ කෙනා කවුද කියලත් මම දන්නවා.

ජීවිතේ ලස්‌සනයි ටෙලිනාට්‍යය නිසා ඇයව බොහෝ දෙනෙක්‌ දන්නේ සුදු නංගී කියන නමින්. ඇයට අයෝමි කියන නමින් කතා කරන අය සිටින්නේ බොහොම ටික දෙනයි. වැඩිපුරම කතා කළේ සුදු නංගී කියන ආදරණීය නමින්. ඒ වෙන දෙයක්‌ නිසා නොවෙයි ඇය හැමදෙනාටම ප්‍රියමනාප චරිතයක්‌ නිසා. නමුත් පසුගිය දිනවල ඇයට මුහුණ දෙන්න සිදුවුණු දේවල් නම් එතරම් හොඳ දේවල් නෙවෙයි. ඒ ඇයගේ නිවසේ නාන කාමරයේ තිබී ආයුධ තොගයක්‌ හමුවීම නිසා. මේ සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු දැනගන්න අපි අයෝමිව ඇමතුවා.

බලාපොරොත්තු නොවුන සිදුවීම් පෙළකට තමයි මුහුණ දෙන්න සිදුවුණේ. අපේ ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි, අපි හතර දෙනාම වැදගත් රස්‌සා කරන ගොඩක්‌ අහිංසක මිනිස්‌සු. එහෙම අපිට ආයුධ එක්‌ක මොන ගනුදෙනුවක්‌ද. අනික පතොරොම් විතරක්‌ මොකටද තුවක්‌කුවක්‌ තියාගන්න එපෑනෙ. මේක හිතාමතා මාවත් අපේ පවුලවත් විනාශ කරන්න හිතාගෙන කරපු පළිගැනීමක්‌. කාලයක්‌ ළඟින් ඇසුරු කරපු කෙනෙක්‌ තමයි මේ ප්‍රශ්නේ අපට ඇති කළේ. ඒ කෙනා කවුද කියලත් මම දන්නවා.

පෙර කළ කර්මයක්‌ නිසා වෙන්න ඇති අපිට මෙහෙම ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවුණේ. දුකක්‌ නැහැ. මේවගේ මනුෂයෙක්‌ ආශ්‍රය කරපු එක ගැන පිළිකුලකුයි කලකිරීමකුයි තමයි දැනෙන්නේ. අපි කවුද කියන්න අපේ ළඟින් ඇසුරු කරන හැමෝම දන්නවා. ඒ හැමෝම මේ ප්‍රශ්නෙදී මට ලොකු ශක්‌තියක්‌ වුණා. ඔවුන්ගේ උදව් උපකාර ලැබුණා. මම ආයුර්වේද වෛද්‍යවරියක්‌ වෙන්න උපාධිය හදාරන කෙනෙක්‌.

මේ ප්‍රශ්නෙ වුණේ එහි අවසන් විභාග ආරම්භ වුණ සතියේදිමයි. ඒ නිසා මට පාඩම් කරන්නවත් විවේකයක්‌ නැති වුණා.

මිරිහාන පොලිසියෙන් මේ සම්බන්ධ වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවනවා. අපි නීතිය ගැන සෑහෙන විශ්වාසයකින් කටයුතු කරන්නෙ. වැරදි කරපු නැති නිසා අපිට සාධාරණයක්‌ ඉෂ්ඨ වෙයි. ඒ තීන්දුව ලැබෙනකම් බලාගෙන ඉන්නවා.

මේක මගේ ජනප්‍රියත්වයට හානියක්‌ නෙවෙයි. මොකද මම ජනප්‍රියත්වය පසුපස නෙමෙයි හඹාගෙන ගියේ. අධ්‍යාපනය පසුපස. රඟපෑමෙන් මේ දවස්‌වල ගිහාන් රෝහණගේ සාගරය සේ මං ආදරෙයි. රවීන්ද්‍ර විඡේරත්නගේ රුවන් මාලිගා නාට්‍යවල රූගත කිරීම්වලට සහභාගි වෙනවා.

Tell a Friend