මිලින්ද පාර්ලිමේන්තු ගෙන ඒමට ආණ්ඩුවේ උත්සහයක්, බැසිල් කළ යෝජනාව ජාතික ලැයිස්තු මන්ත්‍රී ප්‍රතික්ෂේප කරයි

පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලයිස්තුවට හිමිවූ ආසන ප‍්‍රමාණයට පත්කල මන්ත‍්‍රීවරුන්ගෙන් එක් අයෙකුට ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන බැසිල් රාජපක්ෂ විසින් කරන ලද ඉල්ලා අස්වීමේ යෝජනාවක් ඔවුන් විසින් නොසලකාහරිනු ලද ඇතැයි වාර්තා වේ. පැවති මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තුවට තේරී පත්වීමට වරම් නොලද හිටපු අමාත්‍යවරයෙකු වූ මිලින්ද මොරගොඩ මහතාට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා මෙලෙස ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරයෙකු වෙත ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ. Tell a Friend