කීර්තියට පත් බෝසිං ශූරයා සහ කාදිනල්වරයා

දේශපාලන ලියුම්කරු විසිනි


ලාංකිකයෝ මේ දිනවල ප්‍රසිද්ධියට පත් වූ දෙදෙනෙක් ගැන උත්සව පවත්වති. මින් එක අයෙක් නම් පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළලේදී රන් පදක්කමක් දිනා ගෙන ජාත්‍යන්තර කීර්තියට පත් වූ බොක්සිං ශූර මංජු වන්නිආරච්චිය. අනෙක් තැනැත්තා රෝමයෙන් කාදිනල් පදවියක් ලබා ඇති මැල්කම් රංජීත් අගරදගුරුවරයාය. බොක්සිං ශූරයා මෙම රන් පදක්කම දිනා ඇත්තේ ස්වං ශක්තිය හා ධෛර්ය යොදා බොක්සිං වළල්ල තුළ කළ සබැ ශුර කම් ඔස්සේය. ඔහු සිය වැර යොදා ශුරයන් අතර ශුරයන් පරදවා කීර්තියට පත් විය. රදගුරුවරයා කාදිනල් වරයෙකු වන්නේ ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික ශුරකම් තුළින් මිස ඔහුගේ ආගමික සහ අධ්‍යාත්මික ශුද්ධවන්ත බවකින් නොවේ. ඔහු කර්දිනල් තනතුරට පත් කර ඇත්තේ ගතානුගතික පැවතුම් පිළිබඳව ප්‍රසිද්ධියක් දරන බෙනඩික්පාප් වහන්සේ විසිනි.

මෙම පාප් වහන්සේ විසින් ලංකාවේ තිස්ස බාලසූරිය පියතුමා කතෝලික සභාවේ සාමාජිකත්වයෙන් පහ කිරීමේ කාර්ය භාරය ඉටු කළේය. එසේ කරන ලද්දේ තිස්ස බාලසුරිය පියතුමා විසින් ස්ත්‍රී විමුක්තිය අරම්භයා ලියන ලද පොතක් සම්බන්ධයෙනි. එම කාර්යේදී ලංකාවේ මුල් තැන ගෙන ක්‍රියා කළේ මැල්කම් රංජීත් රදගුරුවරයාය. ඔහු විසින් රෝමයට රහසිගතව යවන ලද ලිපිගොනුවක් තුළින් බාලසූරිය පියතුමාගේ සාමාජිකත්වය අහෝසි කිරීම සඳහා මාවත පැදුනි. මෙම පහ කිරීම නිසා ලංකාවේ බොහෝ කතෝලික පියවරුන්ගේ සේම ඊටත් වැඩියෙන් ලෝකයේ දස දහස් ගණන් කිතු බැති මතුන්ගේද මහා විරෝධතාවයක් හේතු විය. එම විරෝධ තාවය හේතුවෙන් බාලසූරිය පියතුමා නැවතත් කතෝලික පල්ලියේ සාමාජිකත්වය තුළට ඇතුළු කරගන්නා ලදී. මෙසේ එක් වසරක් තුළ සභාවෙන් කළ පහ කිරීමක් ඉල්ලා අස්කරගන්නා ලද මුල් අවස්ථව මෙයයැයි කියනු ලැබේ

කෙසේ වුවත් එම සිද්ධිය තුලින් මැල්කම් රංජීත් රදගුරුවරයටනම් වාසියක් වූ බව පෙනේ.

බොක්සිං ශුරතාවක් දිනා ගැනීම වනාහි සැබෑ දක්ෂතාවයේත්, අධික මහන්සි වීමේත්, දැඩි අධිස්ථානයේ මහඟු ප්‍රතිපලයකි. සැබෑ ශකිතිය හා අධිෂ්ටානශිලිව සටන් කිරීමෙන් මිස වෙන අයුරින් තරග ජය ගත නොහැකිය. එවැනිම තත්වයක් ආගමික ක්ෂේත්‍රයේත් පවතීද?

ලංකාවේ සෑම ආගමකම ඉහළ තැන් කරා ගමන්ගත් ආගමික නායකයෝ සිටිති එහෙත් ඔවුන් කිසිවෙකුට රට තුළ සැබෑ සදාචාරාත්මක සහ අධ්‍යාත්මික ප්‍රභෝධයක් ඇති කිරීමට හැකි වූ බවක් පෙනෙන්නට නැත. අද සදචාරක ක්ෂේත්‍රයේඅඝාදය කරා රට ගමන් කරන අතර අපචාරය සහ අවිධිමත් ජීවන රටාවක් රට තුළ පැතිර පවතී.

ආගමික ක්ෂේත්‍රයේදී සහ දේශපාලනික ක්ෂේත්‍රයේ දිනන්නේ බොක්සිං ක්ෂේත්‍රයේ දිනන ගති පැවතුම් වලින් නොවේ. දිරිමත්ව රටේ සදාචාරාත්මක සහ අධ්‍යාත්මික ප්‍රගතියට කැප වූ නායකයෝ කතෝලික සභාවේ සිටියහ. හිටපු රදගුරු ලියෝ නානායක්කාර සහ ශාහාසික ලෙස ඝාතනයට ලක් වූ මයිකල් රොඩ්රිගෝ පියනම එවැනි අධිස්ථානසීලි සහ ප්‍රඥා මහිමයෙන් යුතු ආගමික නායකයෝය. ඔවුන්ට නම් හිමි වූයේ ඔවුන්ගේ ආගමික නායකයට හිමි වූවා මෙන්ම කුරුසයම පමණකි. රෝමයෙන් ඔවුන් ප්‍රසංසාවට ලක් නොකළහ.

Tell a Friend