2011 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.
2011 වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවේ අගමැති දී. මු. ජයරත්න විසිනි. එම කෙටුම්පතට අනුව රජයේ සමස්ත වියදම රුපියල් එක්ලක්ෂ අටදහස් අනූහය කෝටි හැත්තෑහත් ලක්ෂ හැටහය දහසක්. ( 1,809,607,766,000) මෙවර ද වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය සඳහායි. එය රුපියල් කෝටි 21,521 ක්. මේ අතර හදිසි නීතිය වැඩි ඡන්ද 99 කින් පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා.
Post a Comment