අනෝමාගේ චරිතය ඝාතනය කිරීමට ජනපතිගෙන් කොන්ත්‍රාත්තුවක්

අත්තනෝමතික ජනරාල් සරත් ෆොන්සේකාගේසිර ගත කිරීමත් සමඟ ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මේවන විට සීග්‍රයෙන් ජනතාවගේ සිත් ඇදගනිමින් සිටින හෙයින් ඇයගේ චරිතය ඝාතනය කොට ජනතාව අතර ඇය කෙරෙහි වැරිදි මතයක් ඇති කිරීමේ කොන්ත්‍රාත්තුවක් රජයේ මාධ්‍යට සහ රජයට පක්ෂපාති අනෙක් මාධ්‍ය වලට ලබා දී තිබේ. එහි සන්තෝසම වශයෙන් රජයේ දැන්වීම් ලබාගැනීමේ වාසනාව අදාල මාධ්‍ය හිමියන්ට ලැබෙන අතර ඒ පිළිබඳව ලියන ලේකකයින්ට වෙනත් මට්ටමේ සැලකිලි ලබා දීමට කෙරෙහි ජනාධිපති වරයාගේ අවධානය යොමු වී තිබේ.


මෙහි ප්‍රථම පියවර වශයෙන් තම පක්ෂයෙන් එල්ලෙව්වයි පලිමෙන්තුවේ හඩමින් දේශපාලන පැවැත්මක් හොයා හොයා සිටි රාජපක්ෂ සමඟ එකතු වුණු සහ පසුගියදා මාරාන්තික උපවාසයක් කර තමන්ගේ බර කිලෝ තුනකින් අඩු කරගත් විමල් වීරවංස මෙන්ම ගම්පොලදී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමජිකයෙකු මරාදමා ඉන් ගැලවීම සඳහා ආණ්ඩුවට එකතුවුණු කෙහෙළිය රම්බුකවැල්ල යන අය විසින් ඊයේ පටන් ගත්හ. ඔවුහු ඔවුන්ට කිසිසේත්ම කතා කිරීමට අයිතියක් නැති ෆොන්සේකා පවුලේ පුද්ගලික තොරතුරු මාධ්‍ය ඉදිරියේ කතා කිරීමට පටන් ගෙන තිබේ. එසේම අද දින ආණ්ඩුවේ පුවත්පත වන දිනමිණ විසින් විනාඩියක් ඇතුළත කඳුළ සහ සතුට....! යන මැයෙන් පලකොට ඇති සේයාරු වලින් ජනාධිපතිගේ උපදේශයේ ප්‍රථිපල නිකුත් වීමට පටන් ගෙන තිබේ. Tell a Friend