මේ මස 15 න් පසු මාගම්පුර වරාය තහනම් කලාපයක් වෙයි

හම්බන්තොට වරාය නැරඹීමට මහජනතාවට ඔක්තෝබර් 15 වනදායින් පසු නැවත දැනුමි දෙනතුරු අවස්ථාව හිමි නොවන බව ශි‍්‍ර ලංකා වරාය අධිකාරිය ප‍්‍රකාශ කරයි. වරායේ පළමු අදියරේ අවසන් වැඩ කටයුතු මේ දිනවල කඩිනම් කර තිබිම ඊට හේතුවයි. මේ වනවිට වරායේ තටාකය වෙත කරදිය පිරවීම අවසන් කර තිබේ. මිටර් 16 ක් උසට එසේ ජලය පිරවු අතර හෙක්ටයාර හතලිස් තුනක් මුහුදු ජලයෙන් ආවරණය කෙරිණි. Tell a Friend