දියවන්නා ඔය අසල ජල නලය පිපිරීමෙන් රු. මිලියනයක පාඩුවක්‌

රාජගිරිය සමනල පාළම අසල දියවන්නා ඔය ආසන්නයේ වූ ජල නළයක්‌ පසුගියදා (4 වැනිදා) පුපුරා යැමෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයට රුපියල් මිලියනයකට අධික අලාභයක්‌ සිදුවූ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.


අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්‌වා ජලය රැගෙන එන එම ජල නලය පසුගියදා පුපුරා ගොස්‌ තිබුණේ ප්‍රභූ ආරක්‍ෂක රථයක්‌ ඒ මතට ඇද වැටී සිදුවූ අනතුරිනි.


අදාළ ජල නලය යථා තත්ත්වයට පත්කර ඇති බවත් ජල සැපයුම් කටයුතු නියමිත පරිදි සිදුකෙරෙන බවත් එම නිලධාරියා සඳහන් කළේය. Tell a Friend