රට හදන තැන පාලුවට යයි - කට්ටිය සෙට් වුණේ විනාඩි 90 ට විතරයි

ගණ පූරණයක් නැති වීමෙන් පාර්ලිමේන්තු රැස්වීම අද පැය එක හමාරකට සීමා විය. ජනපති හා අගමැති ඇමැතිකම් දැරීමට යහ පාලනයට නොසුදුසු යැයි එජාප මන්ත්‍රී රවි කරුණානායක මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කෙළේය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එය ස්ථීර කරමින් ජනරාල් ෆොන්සේකාගේ ආසනය පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තු වැඩ බලන ලේකම් මැතිවරණ කොමසාරිස්ට යැවූ ලිපිය නීති විරෝධි යැයි අදත් කීවේය. ඔහු නිවැරැදිව කටයුතු කැර ඇතැයි විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් තර්ක කෙළේය. ජනරාල් ෆොන්සේකාට නිදහස් ඕනෑ නම් පෙළපාළි හා උද්ඝෝණ නවත්වා කළ වරදට සමාව ගන්නා ලෙස අනෝමා ෆොන්සේකා ලවා කියවන්නැයි අගමැති කීවේය. මේ අවස්ථාවේ දී ගණපූරණයක් නැතැයි නියෝජ්‍ය ඇමැති විජිත් විජිතමු‚ සොයිසා ප්‍රශ්නයක් මතු කැර සභාවෙන් පිටවී ගියේය. එවිට සභා ගැබේ මන්ත්‍රීවරු 18 දෙනෙක් සිටියහ. රැස් වීම යළි ඔක්තෝබර් 19 වැනි දාට කල් ගියේය. Tell a Friend