පොලිසිය නඩු ඉල්ලයි - සෑබැ බන්ධනාගාර 3 කොටස

රැදවියන්ට නෑමට දෙන්නේ වතුර බාල්දි අටක් පමණි. වැඩියෙන් නැවොත් සිදුවන්නේ පොල්ලකින් ගුටිකෑමටය. නිළධරින් රැදවියන්ට කතා කරන්නේ කුනුහරුපෙන් ඉතා නින්දිත ආකාරයටය. ශරිර ඇප ගෙවා ගන්නට නොහැකි විශාල පිරිසක් සිටිති. තවද සුලු දඩ මුදලක් ගෙවා ගන්නට බැරි පිරිසක්ද සිටිති.

හර්ෂි සි. පෙරේරා

අබේගුණවර්ධන 37 හැවිරිදි දරු දෙදෙනෙකුගේ පියෙකි. රැකියාව කුරුදු තැලිම කරගත් මොහු බද්දේගම පදිංචිකරුවෙකි. ඔහු තමන් නීතිවිරෝධි මත්පැන් අලෙවිය සිදුකළ බව ප්‍රකාශ කරයි. නමුත් එය පසුව නතරකර ඇත. නමුත් පොලිසියෙන් බේරෙන්නට බැරි වු අතර පොලීසිය මොහුට විරුද්ධව බොරු නඩු දැමිම මෙන්ම මොවුන් ගෙන් නඩු ඉල්ලා සිටිමත් කරන ලදි.

අවසානයේ පොලිසිය රු10,000ක් ඉල්ලා සිටිවිට මොවුන් එයදිම ප්‍රතික්ෂේප කර ඇත. ප්‍රතිඵලය පොලිසිය මොවුන්ට විරුද්ධව බොරු නඩු තුනක් දමා මොහුවත් බිරිදවත් රිමාණ්ඩි කිරිමය.

ඔහු සිටියේ ගාල්ල බන්ධනාගාරයේ එචි ු වාටිටුවෙිය. එහි තදබදය අධිකව තිබිණි. නිදාගැනිම අපහසු වු අතර පැදුරු තිබුණේ කිහිපයක් පමණි. බන්ධනාගාරය ඇතුලට දාන විට පුද්ගලයින්ට ගුටිකෑමට සිදුවෙි.

රැදවියන්ට නෑමට දෙන්නේ වතුර බාල්දි අටක් පමණි. වැඩියෙන් නැවොත් සිදුවන්නේ පොල්ලකින් ගුටිකෑමටය. නිළධරින් රැදවියන්ට කතා කරන්නේ කුනුහරුපෙන් ඉතා නින්දිත ආකාරයටය. ශරිර ඇප ගෙවා ගන්නට නොහැකි විශාල පිරිසක් සිටිති. තවද සුලු දඩ මුදලක් ගෙවා ගන්නට බැරි පිරිසක්ද සිටිති.

ඉන්න අයට ප්‍රමාණවත් වැසිකිලි සංඛ්‍යාවක් නොමැති අතර පවතින ඒවා ඉතාම අපිරිසිදුය. රාත්‍රි කාලයේ මත්දව්‍යය භාවිතා කරන බොහෝ දෙනෙක් සිටින අතර ඔවුන් ගෙන් බහුතරය ගංජා භාවිතා කරති.

බන්ධනාගාරයෙන් ලබා දෙන කෑම කැම ඉතා අපහසු බවද මොහු ප්‍රකාශ කරයි. ලුනු සහ තුනපහ ආහාර වලට දාන්නේ නැත. රෝගින්ට ප්‍රතාකාර ලබාදිම නිසියාකාරව සිදුනොවන අතර ප්‍රතිකාර ඉල්ලුවිට නිළධාරින් ගෙන් බැනුන් ඇසිමට සිදුවන බව මොහු වැඩිදුරටත් සදහන් කරයි. රිමාන්ඩි එකේ සිටින අයගෙන් වැඩ ගන්නා අතර වැසිකිලි වලවල් පිරුනුවිට එවා පිරිසිදු කරන්නට සිදුවන්නේද රැදවියන්ටමය.

සිරගෙදර චර්ම රෝගය සෑදුන අයද විශාල ප්‍රමාණයක් සිටිති. අ
බේගුණවර්ධන තමා දින 14ක් බන්ධනාගාරයේ සිටි බව ප්‍රකාශ කරයි.
Tell a Friend