දූෂණ සංජනන දර්ශකයේ ශ්‍රී ලංකාව 91 වෙනි ස්ථානයේ



වාර්ෂිකව නිකුත් කෙරෙන ලෝක දූෂණ සංජනන දර්ශකයේ Corruption Perception Index (CPI) පසුගිය වසරට සාපේක්ෂව ප්‍රගතියක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාව මෙවර රටවල් 178 ක් අතරින් 91 වෙනි ස්ථානය හිමිකරගෙන තිබේ.

පසුගිය වසරේදී රටවල් 180 ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව තිබුනේ එම දර්ශකයේ 97 වෙනි ස්ථානයයි.

දූෂණ සංජනන දර්ශකය නිකුත් කරනු ලබන්නේ දූෂණයට එරෙහිව ගෝලීයව ක්‍රියාත්මකවන සිවිල් සංවිධානයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයයි.

මෙම දර්ශකය අනුව ලෝකය පුරා පවත්නා දූෂණයේ ප්‍රමාණය සමීක්ෂණ ක්‍රම ආශ්‍රයෙන් ඇගයීමට ලක්කෙරෙන අතර ඒ අනුව රටක් අන්ත දූෂිත නම් ලකුණු z0Z ක්ද සම්පූර්ණයෙන් දූෂණයෙන් තොර නම් ලකුණු z10Z ක්ද වශයෙන් බිංදුවේ සිට 10 දක්වා වන පරාසයක් තුළ ලකුණු ලබාදීම සිදුකෙරේ.

2009 වර්ෂයේදී ශ්‍රී ලංකාවට හිමිවී තිබූ 3.1 වූ ප්‍රමාණය 0.1 ක මට්ටමකින් වර්ධනය කර ගනිමින් මෙවර 3.2 ක ලකුණු ප්‍රමාණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර එම දර්ශකයේ ශ්‍රී ලංකාව හා සම තත්ත්වයට පත්වෙමින් (91 වෙනි ස්ථානය) බොස්නියා සහ හර්සගොවිනා, ගැම්බියා, ගෝතමාලා, කිරිබැටි සහ ස්වාසිලන්ඩ් යන රටවල්ද 3.2 ක ලකුණු ප්‍රමාණයක් බැගින් හිමිකරගෙන තිබේ.

මෙවර දූෂණ සංජානන දර්ශකයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ ඩෙන්මාර්කය, නවසීලන්තය හා සිංගප්පූරුව යන රටවල් ත්‍රිත්වයයි. එම රටවල් විසින් හිමිකරගෙන ඇති ලකුණු ප්‍රමාණය 9.3 කි. ලකුණු 9.2 ක ප්‍රමාණයක් ලබාගනිමින් ෆින්ලන්තය හා ස්වීඩනය එම දර්ශනයේ දෙවැනි ස්ථානයද 8.9 ක ලකුණු ප්‍රමාණයක් හිමිකරගනිමින් කැනඩාව තෙවැනි ස්ථානයද හිමිකරගෙන තිබේ.

පසුගිය වසරට සාපේක්ෂව යම් වර්ධනයක් පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇතත් ශ්‍රී ලංකාව තවමත් පසුවන්නේ දූෂණ මට්ටම අතින් අයහපත් මට්ටමේ පවත්නා රටවල් අතරය. මෙම ලකුණු ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය තුළ තවමත් අනතුරුදායක මට්ටමකින් දූෂණය පවත්නා බව තහවුරු වේ.

දූෂණ සංජනන දර්ශකය ලෝකය පුරා ආයෝජකයන්, ආධාර දෙන කණ්ඩායම් නිරන්තරයෙන් පරිශීලනය කරන දර්ශකයක් වන අතර ලෝකයේ දූෂණ මට්ටම මැන බැලීම සඳහා යොදාගැනෙන එකම ජාත්‍යන්තර දර්ශකය වනුයේද මෙයයි.

මෙවර ශ්‍රී ලංකාවට හිමිවී තිඛෙන ලකුණු මට්ටම පිළිබඳ අදහස් දක්වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ ෙජ් සී වැලිඅමුණ මහතා පවසන්නේ ප්‍රගතිය වඩාත් සතුටුදායක මට්ටමකට පත්වීමටනම් අවම තරමින් ලකුණු සංඛ්‍යාව 0.5කින් වත් වැඩිවිය යුතු බවයි.

මෙම දර්ශකය මගින් ශ්‍රී ලංකාව අත්කරගෙන තිඛෙන ප්‍රතිඵලයෙන් ඉගෙන ගත යුතු හොදම පාඩම වන්නේ දුසැරිය අවම කරලීමේ ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය බවද ඔහු පෙන්වා දෙයි.

ඒකාධිපති පාලනයක් පවතින හා ජාත්‍යන්තරව අර්බුදයන්හි පැටලී සිටින රටවල යහපාලනය ඉතා පහල මට්ටමක පවතින බැවින් එම රටවල් දූෂණ සංජානන දර්ශකයේ අවම ස්ථාන හිමිකරගෙන තිඛෙන බවද වැලිඅමුණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. Tell a Friend