නොරොච්චෝලේ ගින්න: පාඩු වුණේ චීනෙට අපට පාඩුවක් නැහැ - ඇමති චම්පික කියයි

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙහි ඇතිවූ හදිසි ගින්න හේතුවෙන් ශ්‍රී ලංකා රජයට හෝ ලංකා විදුලිබල මණ්ඩලයට හෝ කිසිදු පාඩුවක් සිදු වී නැතැයි විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි. මෙම ගින්න හේතුවෙන් පාඩු සිදු වී ඇත්තේ චීනයට බැවින් ඔවුන් ඒ සනහා වග බල ගත යුතු යැයි හෙතම ප්‍රකශ කළේය. අමාත්‍ය රණවක මහතා මේ බව සඳහන්කළේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි. මෙම ගින්න පිළිබඳව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම ඊයේ සිදු කළ බවත් ඇමැති රණවක මහතා ප්‍රකාශ කළේය. Tell a Friend