ODEL රෙදි සොරාගත් ‘බොඳ මීදුම්’ නිළිය ඇප මත නිදහස්

කොළඹ ටවුන් හෝල්හි පිහිටි ඔඩෙල් නිමි ඇඳුම් හලකින් රුපියල් 12000ක් වටිනා ඇඳුම් සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටෙලිනාට්‍ය රංගන ශිල්පිනිය රුපියල් 50000ක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියම කර තිබේ. ඔඩෙල් සාප්පුවෙන් ඇඳුම් ඇය සොරාගෙන යන්නට තැත් කර තිබෙන්නේ සිරුරේ සගවාගෙනය. අධිකරණයේදී ඇයගේ නීතීඥයින් දැනුම් දී තිබෙන්නේ ඇය අත්වැරදීමකින් මේ භාණ්ඩ රැගෙන ගිය බවකි. ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට ගණනාවකම ර`ගපා ඇති මෙම නිළිය 2007 දෙරණ මිස් ශ‍්‍රී ලංකා තරගයටද ඉදිරිපත්වූ තැනැත්තියකි. ඇය ලිප්ටන්, නෙස්ටොමෝල්ට්, වෝග්, කොත්තු මී වැනි රූපවාහිනී දැන්වීම් සඳහාද පෙනී සිට ඇත.


බොඳ මීදුම් මෙගා ටෙලිනාට්‍යයේ ප‍්‍රධාන නිළිය වන්නේද ඇය වන අතර කලකට ඉහත අතිශය ජනප‍්‍රිය වූ ඩැඞී ගයන ‘බොරුකාරී’ වීඩියෝ ගීතයේ පසුබිම් රංගනය සඳහාද ඇය දායකවී ඇත. Tell a Friend