සැමියා හිරේ දැමුවත් නොසැළෙන බව අනෝමා කියයි

ඊළම් යුද්ධය ජය ගැනීමෙන් පසු ජනරාල් තනතුරට උසස් කළ සැමියා ලොව හොඳම හමුදාපති බව පැවසූ රජයේම යුද්ධාධිකරණයෙන් ඔහු හිරගෙට යවා ඇතැයි සරත් පොන්සේකාගේ බිරිය අනෝමා පොන්සේකා පැවසූවාය.


අසාධාරණය ඉදියේ දනින් වැටෙන ආත්මාර්ථකාමී දේශපාලඥයකුගේ බිරියක නොවී, රට දැය වෙනුවෙන් කැපවූ අසාධාරණය ඉදිරියේ නිර්භීතව නැගී සිටින යුද සෙන්පතියකුගේ බිරියක වීම ගැන තමා අද වඩාත් සතුටු වන බවද හිටපු හමුදාපතිගේ බිරිය කීවාය.


ප්‍රජාත්‍රන්ත්‍රවාදි ජාතික සන්ධානය සංවිධානය කළ විශෙෂ මාධ්‍ය හමුවකදී ඇය මෙසේ පැවැසුවාය.


අවුරුදු 30 කට වඩා කාලයක් මෙරටට ශාපයක් සේ පැවැති කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට තම ස්වාමියා කළ මෙහෙය මුළු ලෝකයාම දන්නා බවත් එසේ කළ ඔහු යුද්ධාධිකරණ තින්දුවකින් මාස තිහක් හිරගෙට නියම කර ඇති බවත් තමාත් දුවරුන් දෙදෙනාත් මෙවැනි දෑ නිසා නොසැළෙන බවත්, ඉදිරියේ දී සරත් පොන්සේකා මහතාට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණු දීමට සුදානම් බවත් ඕ කීවාය. පාර්ලිමේන්තු මන්තී්‍ර විජිත හේරත්, නව සිංහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර යන මහත්වරු ද මෙම අවස්ථාවට එක් වුහ.
Tell a Friend