පොන්සේකා වැලිකඩට?

යුද හමුදා ටෙන්ඩර් පටිපාටියට පිටින් සිය බෑන වන දනනු තිලකරත්නගේ හයිකොප් සමාගමෙන් යුද හමුදාවට බැටරි, වී.එච්.එෆ් දිසා උපකණ ,අඳුරේ දී දැකිය හැකි උපකරණ හා විදුලි ජනන යන්ත‍්‍ර මිලට ගත්තැයි දෙවැනි යුද්ධාධිකරණය සරත් පොන්සේකාට එරෙහිව නඩුව විභාග කැර ඔහු වැරැුදිකරු කෙළේය. මේජර් ජනරාල් එම්. පී. පීරිස් (සභාපති* මේජර් ජනරාල් එස්. ඩබ්ලිව්. එල්. දවුලගල මේජර් ජනරාල් එම්. හතුරුසිංහ මේ නඩුව විභාග කළහ. රියර් අද්මිරාල් ඩබ්ලිව්.ඩබ්ලිව්.ජේ.එස්.ප‍්‍රනාන්දු අධිනීතිඥ විනිශ්චයකරුය.


ජනපති අනුමැතියෙන් එය දැන් බලාත්මක වෙයි. මේ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික සංධානයේ නායක පොන්සේකාගේ මන්ත‍්‍රීධුරය අහිමි වෙයි. මාස තුනකට වැඩි හිර දඬුවමකට යටත්වන මන්ත‍්‍රීවරයකුගේ පදවිය අහෝසිවෙයි. දැනට රිමාන්ඞ් සිරකරුවකු වන පොන්සේකා සිර දඬුවම ගෙවීම සඳහා හිරගෙදරට ගෙන යැමට ද නියමිතය. ඔහු විශේෂ පුද්ගලයකු ලෙස සලකා නාවික හමුදා ආරක්ෂාව යටතේ නාවික හමුදා මූලස්ථානයේ රඳවා සිටියි. තිස් අවුරුදු යුද්ධය ජයග‍්‍රහණය කිරීමට මුල්වූ පොන්සේකා ගිය වසර මැදදී ජනරාල් තනතුරට පත් කැරිණි. පළමු යුද්ධ අධිකරණය ඔහුගේ හමුදා පදවි ද, විශ‍්‍රාම වැටුප ද අහිමි කෙළේය.


Tell a Friend