18 වැනි සංශෝධනයට විරෝධතා ගොනු කෙරේ

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් විරෝධතා ගොනු කිරීමට නියමිතය. ජනතා විමුක්ති පෙරමුණෙ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාත්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයාත් එම විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරනු ඇත.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අන්තර්ගත කරුණු අනුව එය හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බවත් එමෙන්ම එය සම්මත කර ගත යුත්තේ ජනමත විචාරණයකින් පසුව බවත් මෙහිදී අවධාරණය කෙරේ.

ජ්‍යෙෂAඨ නීතිඥවරුන් වන ජ්. සී. වැලිඅමුණ මහතා සහ කිෂ්මාල් වර්ණසූරිය මහතා නීතිඥවරු ලෙස පෙනී සිටිති.