හදිසිය සදාකාලික කිරිම – සූදානම් ශරීරෙ සනීපාරක්ෂක ය!

පහුවුනු දොහේ බොහෝ මාධ්‍යවල ප‍්‍රවෘත්තියක් ලෙස පළ වී තිබුනු කරුණක් වූයේ තායිලන්තයේ හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට එහි රජය තීරණය කර ඇති බව ය.

මට ඇති වූ ප‍්‍රශ්නය වූයේ හැම මසකට සැරයක්ම රැස්වී හදිසි නීතිය දීර්ඝ කිරීම දැන් කලක සිට චිරාගත සම්ප‍්‍රදායක් වී ඇති රටකට ලෝකයේ රටවල් අතුරින් එක රටක හදිසිය දීර්ඝ කිරීමට ගත් තීරණය ප‍්‍රවෘත්තියක් වූයේ කෙසේද යන්න ය.

මා හුස්ම ගන්නා බව ඇත්ත ය. එහෙත් එය ප‍්‍රවෘත්තියක් වන්නේ නැත. මක්නිසා ද මා එය නිරන්තරයෙන් ගන්නා බැවිනි.

උදේට ඉර පායයි. එය ද ප‍්‍රවෘත්තියක් වන්නේ නැත. හැමදාම ඉර පායන බැවිනි.

එක්කෝ මගේ මොළය අවුල්වෙලා ය. නැත්නම් තායිලන්තයේ හදිසි නීතිය දීර්ඝ කිරීම ශ‍්‍රිලංකාව තුළ ප‍්‍රවෘත්තියක් කළ අයගේ මොළය අවුල්වෙලා ය.

හදිසි නීතිය අවශ්‍ය වන්නේ හදිසි තත්වයක් ඇති නිසාම යන්න පරණ කතාවකි. ඒ ගොන් අස්වයා ලංකාව විසින් විකුණා බොහෝ කල් ය.

ඇත්තටම හදිසි තත්වයක් කොයි වෙලේ හෝ ඇතිවෙතැයි යන සැකය හේතුකොට ගෙන සූදානම් ශරීරයෙන් පසුවීමට ද හදිසි නීතිය අවශ්‍ය ය.

(පුංචි දරුවන්ට සනීපාරක්ෂක තුවා අන්දවන්නේ ද කවදා කොයිවෙලේ ඇති වෙදැයි නොදන්නා හදිසි තත්වයන්ට මුහුණ දීමට ය. තවමත් කුඩා වයසේ පසුවන අප වැනි තුන්වෙනි ලෝකයේ බොහෝ රටවල තත්වය මීට බොහෝ සෙයින් සමාන ය.)

ඒ නිසා දරුවා ලොකු වෙනකම් අකමැත්තෙන් වුව ද සනීපාරක්ෂක තුවා ඇන්දවීමට සිදුවෙ. අපේ රටෙ මාසයකට සැරයක් නොවරදවා එක් රැස්වී පාර්ලිමෙන්තුව කරමින් සිටින්නේ එයයි.

සූදානම් ශරීරෙ සනීපාරක්ෂක ය