විමල්ගේ අල්ලස් දැලට මෙවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නිලධාරියෙක් අසුවෙයි

විමල් අල්ලස් දෙන අය අල්ලන්නට දක්ෂ ය.

හොරු කොහොමටත් හොරු අල්ලන්න දක්ෂ නිසා එහෙම වෙනවායැයි කට කැඩුනු කතාවක් කෙනෙකුට කිව හැකි වුව ද මෙවෙලේවත් විශාල අභියෝගයක් කරට ගෙන රට රැකීමට කැපවි සිටින විමල් වැනි යුග පුරුෂයෙකු ගැන එහෙම වාචාල කතා කවුරුන්වත් නොකියනු ඇතැයි අපි සිතමු.

ජනාධිපතිවරණයට පෙර අල්ලාගත්තේ විරුද්ධ පක්ෂයේ මන්ති‍්‍රවරයෙකි. දැන් හසුව ඇත්තේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නිලධාරියෙකි. පළමුවැන්නා අල්ලස් දී ඇත්තේ මන්ත‍්‍රීවරයෙකුට ය. විමල්ගේ පිලේ මන්ති‍්‍රවරයෙකුට ය. ඒ නිසා හොඳට ගියේය. එහෙත් දෙවැන්නා දී ඇත්තේ පොලිස් නිලධාරියෙකුට ය. ඒ නිසා ඔහුව අල්ලා දීම විමල්ට මුල් අවස්ථාවෙ තරම් ලේසි වෙන එකක්නැත.

අනිත් අවාසනාව නම් ඒකාලයේ කි‍්‍රයාත්මකව පැවති අල්ලස් කොමිසමක් තිබූ නමුත් දැන් එවැන්නක් නැති වීම ය.
ඒකටත් විමල් වගකියන්න ඔනෑ යයි කුපාඩි කතාවක් කෙනෙකුට කියන්නට පුලුවන. ඒත් අපට හිතෙන හැටියට නම් ඒකට විමල් වගකියන්න ඔන සාමූහික වගකීමක් කැබිනට් මණ්ඩලය සතු නම් ය. කාලෙකට පටන් එහෙම දෙයක් ඇතැයි නොපෙනෙන නිසා ඇත්තටම විමල්ට ඒ ගැන කළ හැකි දෙයක් නැත.

අල්ලස් ලබා දීම ගැන ටක්කෙට තොරතුරු ලැබුනේ වුව විමල් මෙ නිසා අසරණ වී තිබෙ.

පොලීසියේ නිලධාරියාට රජයේ සාක්කිකරුවෙකු වී අල්ලස් ලෙ ස ලැබුණු මුදල් (කොටසක් තියාගෙන ඉතිරි කොටස වත්) රූපවාහිනියේ පෙන්විය හැකි ය. එතකොට අපේ විමල් අයියාත් ගොඩ ය. පොලිස් නිලධාරියාත් ගොඩ ය. ඇත්තටම ඒ පින් බලෙන් සමහරවිට පොලිස් නිලධාරියාට උසස්වීමක් වුව ලැබෙන්නට පුලුවන.

අල්ලස් කොමිසම නැතිවුනත් සල්ලි සහිත සූට්කේසය රූපවාහිනියේ පෙන්වා අපට පොඩි ආතල් එකක් වත් ගත හැකි ය.

කවුරු කවුරුත් මෙ විදිහට අපි ගැන සිතනවා නම් 2500 අමතක කර නැවත වතාවක් රට වෙනුවෙන් කැප වෙන්නට අපට පුලුවන.