භීෂණ සමයේ ජවිපෙ වඩාත් බියවුයේ ජවිපෙ හැර දා ගිය වුන් ටය. ජවිපෙට වඩාත් බියවුයේ ජවිපෙ හැර දා ගිය වුන් ය
ඔනෑම මාෆියා සංවිධානයක් වඩාත් බිය තමන් සමග සිට හැර ගිය වුන්ට ය. උන් දේරා්හීන් වන අතර බොහෝ විට හිමිවන්නේ මරණ දඩුවම ය. ඒ නිසාම මාෆියා සංවිධාන හැර යනවුන් තමන්ට ඒ නිසාවෙන් පිළිතුරු ලැබෙන බව දැන ගෙවන්නේ දුක්ඛිත ජීවිතයකි.
ශ‍්‍රීපති සූරියආරච්චි හිරෙ ගියේ ද සරත් ෆොන්සේකා හිරෙ ගියේ ද සමාන හේතු නිසා ය.
අනිත් අය රාත‍්‍රියේ වැටුනු වලේ තමන් නිකම් දවල් වැටෙන්නට ඔනෑ නැති බව හේමකුමාර මහතාගේ කල්පනාව ය.
අප රට පත්වෙමින් ඇති ඉරණමෙ තරම එබදු ය.
දැන් මන්ත‍්‍රී ආරක්ෂාව ද ඉවත් කර ගෙන ඇති නිසා රණතුංග උන්නැහේටත් විජේදාස රාජපක්ෂටත් දෙයියන්ගේ පිහිට ය.
ප‍්‍රබුද්ධ කලාකරුවන්ට උන්ගේ හිස් ඔලුගෙඩිවල පිහිට ය. ආණ්ඩුවට කඹුරන්නට තවදුරටත් නොහැකි තරමට ආත්මය කෙදිරි ගාන්නට වුවහොත්උන්ට සිදුවන්නේ ද විශ‍්‍රාම ගැනීමට ය. හේමකුමාර පාරක් දා ගැනීමට ය.
එහෙම නොකළොත් සිදුවන්නේ විදේශීය කුමන්ත‍්‍රණයක අතකොලුවක් වීමට ය. මෙ ආත්මයේ නම් එහෙම එකක් වෙන්න හතුරෙකුටවත් ඉඩ තැබිය යුතු නැත. මක්නිසා ද යත් එය බොහෝ දේ අහිමිකර ගැනිමට හේතුවක් විය හැකි නිසා ය.
සනත් ජයසූරියට නම් ක‍්‍රිකට් ගහන්න දන්නා නිසා සුද්දාගේ රටකටවත් මාරු විය හැකි ය. දෙයියන්වත් නොබලන අපට නම් ඉතින් මියන්මාරයේ පිහිට ය.
Post a Comment