මුස්ලිම් විදුහල්පති මැරයෙක් වෙයි.


හර්ෂි සි. පෙරේරා  

මොහොමඩ් රිපාස් 15 හැවිරිදි ශිෂ්යෙකි. ඔහු කළුතර මුස්ලිම් මද්‍ය මහා විද්‍යාලයේ 10 බි වසර පන්තියේ ඉගෙනුම ලබයි. 2013  ජුනි 24 ඔහු පාසල් ගොස් ගෙදර පැමිණීමෙන් පසු වෙනදාට වඩා වෙනස් ලෙස හැසිරී ඇත. ඔහු පසුව ප්‍රකාශ කර ඇත්තේ විදුහල්පති එම් බි එම් මුසම්මිල් ඔහුට පහරදුන් බවයි. මුසම්මිල් ඔහුට අවජාතකයයි කියමින් සපත්තු දැමු කකුල් වලින් සහ අත් වලින් අමානුෂික ලෙස පහරදී තිබේ. 2013.06.29 මේ බව කළුතර දකුණ පොලිසියට පැමිණිලි කර ඇති  අතර පසුව නාගොඩ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබා ගෙන ඇත. 2013.07.04 දින ඔහු නැවත පාසැල් යන්නට ගියවිට අසනීප වී රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගෙන තිබේ. මේ පිළිබද පරීක්ෂණ කල කළුතර දකුණ පොලිසියේ එච් කිවූ අයි සමන්ත වෙදගේ ද සිසුවාගේ අත පය කඩන බවට තර්ජනය කර ඇත. සිසුවාගේ මව වන පාතිමා ෆරීනා මේ පිලිබදව 2013.07.08 දින මානව හිමිකම් කොමිසමට , පොලිස්පතිට , නීතිපතිට , ළමා ආරක්ෂක අදිකාරියට, ලමා හා කාන්තා නිවාරණ කාර්යාංශයට හා   පළාත් අද්යාපන අද්යක්ෂක වෙත ලිකිතව පැමිණිලි කලාය.

01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. පොලිස්පති
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

03. නීතිපති,
     නීතිපති දෙපාර්තමේන්තුව,
     කොළඹ.

04. සභාපති,
     ළමා ආරක්ෂක අධිකාරිය,
     330, තලවතුගොඩ පාර,
     මාදිවෙල.

05. ස්ථානාධිපති
     ළමා හා කාන්තා නිවාරණ කාර්යංශය,
     අංක 16, සුබෝධා ගොඩනැගිල්ල,
     නාගොඩ පාර,
     නුගේගොඩ.

06. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ
     බ/ප පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව,
     ග‍්‍රීන්පාත්,
     කොළඹ 07.

                                                       ලිඛිත පැමිණිල්ල

මාහොමඞ් ෂලීම් පාතීමා ෆරීනා, අවු: 42යි, ජා.හැ.අ.706983627ඪ, විවාහක, දරුවන් 04යි.
ලිපිනය : අංක 10, කලීල් පෙදෙස, කටුකුරුන්ද, ක`ඵතර දකුණ. 0775459687
2013.07.08 දිනදීය.

මොහොමඞ් ජබ්බාර් මොහොමඞ් රිපාස් - අවු:15යි, උපන් දිනය : 1998.09.20.
ක`ඵතර මිස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ සිංහල මාධ්‍ය අංශයේ 10 බී වවසර පංතියේ ඉගෙනුම ලබයි.

සුපුරුදු පරිදි 2013 ජූනි 24 වන දින මගේ පුතා පාසල් ගියා. ඔහු ගෙදර ආවා. ඔහුගේ වෙනදාට වඩා වෙනස් වදියකට හැසිරුනා. නිතරම නිදාගන්න යනවා. ඇහුව්වාම ඇග රිදෙනවා කිව්වා.

2013.06.27 වන දින පාසල් ගොස් ආවාට පස්සේ පුතා කිව්වා හොඳටම ඇග රිදෙනවා කියා. එ් පාර අපි ඇහුව්වා එහෙම වෙන්න හේතුව. එ් පාර තමයි කිව්වේ - 2013.06.24 දින විදුහල්පති එම්.බී.එම්.මුසම්මිල් පහර දුන්න බව.

පුතා ප‍්‍රකාහ කල පරිදි - පරදීම අදාල විස්තරය මෙසේය.

”මම 2013.06.24 පාසලට ගියා. හතරවන කාල පරිච්ජේදයේ තිබුනේ සෞඛ්‍ය විෂය. එදා විෂය බාර ගුරුතුමිය පංතියට ආවේ නැහැ. එ් වෙනුවට ප‍්‍රාථමික අංශයේ ගුරුතුමියක් පංතියට ආවා. මගේ පෑන බිම වැටුනා. මම එ්ක ගන්න මගේ ඩෙස්ක් එක උඩින් එහා පැත්තට පැන්නා. එසේ පනිනවා විදුහල්පති දැක්කා. ඔහු මට අතින් කතා කලා. මම පංතියෙන් එළියට ආවා. විදුහල්පති මගේ ලඟට දුවගෙන ඇවිත්, ෂර්ට් එකෙන් අල්ලා - අංශ භාර ගුරු කාර්යාලයේ පැත්තක බිත්තිය දෙසට මාව තල්ලූ කලා. එසේ තල්ලූ කොට මගේ මූණට, ඔලූවට, පිටට ගහගෙන ගහගෙන ගියා.

සපත්තු දාපු පයින් මගේ කකුල්වලට ගැහුව්වා. ඔහු මට ගහන ගමන් උඹ අවජාතකයෙක් (    
                  * කියා බැන්නා. මම ගහනකොට ගහන්න එපා, සමාවෙන්න යයි කිව්වා. එ්ත් ඇහුව්වේ නැතිව මට බණින ගමන් පහර දුන්නා. මගේ කකුලෙන් ලේ ආවා. එසේ පහර දීමෙන් පසුව කමිසයෙන් ඇදගෙන ඇවිත් පංතිය තුලට තල්ලූ කරලා වාඩිවෙයන් කිව්වා. විදුහල්පති පංතිය ඇතුලට ඇවිත් මට ආයිත් බැන්නා. උඹට ගැහුව්වා මදි කිව්වා. ආයෙත් මාව නැගිට්ටෙව්වා. පංතිය ඉදිරියට එන්න කිව්වා. දවස් පහක් පංති තහනම් කරනවා කියා මාගේ කම්මුලට තුන් හතර පාරක් ගහලා යන්න ගියා. මට ගැහුව්වේ ගුරුවරියක හා ළමයි ඉදිරිපිට.

මම ගෙදර ආවා. නමුත් පහරදීම ගැන කිව්වේ නැහැ. දවසින් දවස මගේ ඇග රිදීම වැඩිවුනා. නිදාගන්නම තමයි  හිතුවේ. 2013.06.28 තමයි ගෙදරට කිව්වේ.

2013.06.29 සවස ක`ඵතර දකුණ පොලිසියට ගියා. පැමිණිල්ල ලියා ගත්තා. පැමිණිලි අංකය ක්‍ෂඊ ෂ 114රැු473 වේ.

මට රෝහල් ගත වෙන්න කියලා පෝරමයක් දුන්නා. පහුවෙනිදා එනම් 2013.06.29 උදේ නාගොඩ මහා රෝහලට ගියා. මාව රෝහලේ නවත්වා ගත්තා. කේ.කේ.සුමිත් නැමැති පොලිස් නිලධාරී ඇවිත් මගෙන් විස්තර අසා ලියා ගත්තා. එයට මගෙන් අත්සන් ගත්තා. ඊට පස්සේ කලූතර දකුණ පොලිසියේ නිලධාරින් දෙදෙනෙක් සිවිල් ඇඳුමින් ඇවිත් මගෙන් විස්තර අහලා ගියා.

පහුවදා මාව අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කලා. එතැනදී මගෙන් විස්තර ඇහුව්වා. රෝහල් ටිකට් එකේ විස්තර බැලූවා. මාව පරීක්ෂා කළේ නැහැ. මට යන්න කිව්වා. මම හිටියේ 3 වාට්ටුවේ. වාට්ටුවට ගෙනවිත් මගේ ටිකට් කැපුවා.

2013.06.30 දින, ක`ඵතර දකුණ පොලිසියට විභාගයට එන්න කියා තුන්ඩුවක් ගෙනත් දුන්නා.

එ් අනුව 2013.07.01 උදේ 10.00ට ගියා. මාත් සමග මගේ අම්මා හා තාත්තා පොලිසියට ගියා. විදුහල්පති මුසම්මිල්ද ඇවිත් හිටියා. එහිදී අපරාධ අංශයේ පුෂ්ප කුමාර නැමැති නිලධාරියා විස්තර ඇහුව්වා. එසේ අසා ඉවරවෙලා මට මේක කරන්න බෑ, එච්.කිව්.අයි.මහත්තයාට දාන්න  ඕනා, සවස 3.00ට එන්න කිව්වා. 

එ් අනුව, සවස 3.00ට පොලිසියට ගියා. එච්.කිව්.අයි.මහත්තයා විස්තර අහලා, අපිට බනින්න පටන් ගත්තා.

ඔහු කිව්වා මෙහෙම ගහලා මදි අත පය කඩන්න  ඕනි කියලා. 

එතන විදුහල්පති මුසම්මිල්ද හිටියා. එච්.කිව්.අයි.කිව්වා නඩු දානවා නම් ඉස්කෝලේ යන්න බෑ කියා. විදුහල්පති මුසම්මිලූත් කිව්වා නඩු දැම්මොත් ඉස්කෝලේ එන්න දෙන්නේ නෑ කියලා.

එච්.කිව්.අයි.අපෙන් ඇහුව්වා නඩු දාන්නද  ඕනි ඉස්කෝලේ යන්නද  ඕනි කියලා.

අපි නඩු දාන්න කියලා ඉල්ලා හිටියා. එකපාරට උසාවි දාන්න බෑ, සමථ මණ්ඩලයට දාන්න  ඕනි, ඉස්කෝලේ යන්න එපා කියා - එච්.කිව්.අයි ප‍්‍රකාශ කලා.

පොලිසියෙන් කියපු නිසා 2013.07.02 පාසලට ගියේ නෑ. 2013.07.03 වන දින පොලිස් අධිකාරී කාර්යාලයට මමත් අම්මාත් ගියා. එහිදී නිලධාරී මහතකු හමුවී විස්තර කිව්වා.

ඔහු කලූතර දකුණ පොලිසියට දුරකථනයෙන් කතාකර, විස්තර විමසුවා. අපිට උපදෙස් දුන්නා පාසල් යන්න කියා.

2013.07.04 දින මම පාසලට යන්න ගියා. පාසල අසල පල්ලිය ළඟදි මගේ ඇස් කලූවර වුනා. කම්මුල් ඇතුලෙන් රිදෙන්න ගත්තා. වාඩිවෙන්න උනා. මම මුහුණ වසාගෙන පාත්වුනා. මගේ යාලුවෝ මගේ ළ`ගට ඇවිත් ඇයි කියා ඇහුව්වා. මම කිව්වා මට අමාරුයි, ඉස්කෝලේ යන්න බෑ කියා. එ්ගොල්ලෝ ත‍්‍රී රෝද රථයකින් මාවගෙදරට ගෙන ආවා. ගෙදරින් මාව රෝහලට ගෙන ගියා. රෝහලට විස්තරය කිව්වා. 24 වාට්ටුවට ඇතුල් කලා. 26 වෙනිදා ටිකට් කැපුවා. සතියකින් සායනයට පැමිණෙන්න කිව්වා. 2013.07.05 නිවාඩු දුන්නා. නැවත පාසල පටන් ගන්නේ 2013.08.12 වන දින.” 

මා ඉල්ලා සිටින්නේ, විදුහල්පති මුසම්මිල් මාගේ පුතාට අමානුෂික ලෙසට පහර දුන්නේ - ද්වේෂ සහගතව, ඔහුගෙන් පළිගැනීමේ චේතනාවෙන් බව.

1. මෙම විදුහල්පතිවරයා -මුසම්මිල්, සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්නා සිසුන්ට වෛර කරනවා.

මේ පිළිබඳව විදුහල්පති සිංහල මාධ්‍ය අංශයේ ගුරුමහත්ම මහත්මීන් 33කුගේ අත්සනින් කර තිබෙන පැමිණිල්ල එයට හොඳම සාක්ෂිය වේ.

2. තවද ඔහු - මුස්ලිම් ”තව්” කණ්ඩායමට අයත් නිසා, මුස්ලිම් ”සාවුදා” කණ්ඩායමට අයත් අපට වෛර කිරීම- මෙයට හේතු බවද කියා සිටිමි.

මා ඉල්ලා සිටින්නේ,
1. මාගේ පුතාට වධහිංසා, කෲකර අමානුෂික අවමන් සහගත හා දඬුවම් වලට භාජනය කල විදුහල්පතිට එරෙහිව නීතිමය හා විනායුනකූල පියවර ගන්නා ලෙසට,

2. සිද්ධිය හා අදාලව ක`ඵතර දකුණ පොලිසියට ගිය අවස්ථාවේ, එහි එච්.කිව්.අයි.සමන්ත වෙදගේ විසින්, අත පය කඩන බවට කරන ලද තර්ජණය, පාසලට නොයන ලෙසට කරනු ලබන තර්ජනය, නඩු නොදාන බවට කරන ලද තර්ජණයන් පිළිබඳව ඔහුට විරුද්ධව නීතිමය හා විනායුනකූල පියවර ගන්නා ලෙසටය.



එම්.එස්. පාතීමා ෆරීනා