The Most/Recent Articles

Showing posts with label justice. Show all posts
Showing posts with label justice. Show all posts

ලසන්ත ඝාතනය කර වසර 10 යි - යුක්තිය ඉටුවුණාද ?



‘සන්ඩේ ලීඩර්‘ පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 10 ක් සපිරීම නිමිත්තෙන් බොරැල්ල කනත්තේදී අද (8) සැමරුමක් පැවැත්වුණි. මෙහිදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන අදහස් දක්වමින් පැවසුවේ මේ ඝාතනය සම්බන්ධයෙන් මෙරට මහජනතාවගෙන් යුක්තිය ඉටුවී ඇති බවත් ඝාතකයින් නීතිය හමුවට පැමිණවීමට දේශපාලන අධිකාරිය මහත් බියක් දක්වන බවයි









ලසන්තට යුක්තිය ඉටුවුණා





‘‘මම හිතන විදියට ලසන්තට යුක්තිය ඉටුවෙලා තියෙනවා මේ රටේ මහජනතාවගෙන්, මේ රටේ ජනමාධ්‍යවේදීන්ගෙන්, අන්තර්ජාතික ජනමාධ්‍යවේදීන්ගෙන්. යුක්තිය ඉෂ්ට වෙලා නැත්තේ ආණ්ඩු වලින්. ඉතිං ආණ්ඩු වලින් යුක්තිය ඉෂ්ට වෙයිද නැද්ද කියන එක අපිට කියන්න බැහැ. අපි ආණ්ඩුවක් පත්කරගත්තා, අවුරුදු හතරකට ඉස්සරලා අද වගේ දවසක.





ඇත්ත වශයෙන්ම, ඒ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා ලසන්තට විතරක් නෙමෙයි අපේ සහෝදර නිමල රාජන්, සිවරාම්, නඩේසන් වැනි මාධ්‍යවේදීන්ගෙන් නිසිකෙනෙකු සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ට කරන්න.





නමුත් මම විශ්වාස කරනවා අපි ලසන්තට යුක්තිය ඉෂ්ට කරලා තියෙන්නේ, මේ රටේ ජනතාව ඉෂ්ට කරලා තියෙන්නේ. ලසන්තගේ නාමය ශ්‍රී ලංකාවේ අමරණීයයි. ඒ වගේම නිමලරාජන්ගේ නම දැක්කම යාපනේ අමරණීයයි.





ආණ්ඩු වලට බැහැ මර්දනය සාධාරණීකරණය කිරීම මගින් ජනමාධ්‍යවේදීන්ගේ මරණ සාධාරණීකරණය කරන්න. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට මේ ගැන යුක්තිය ඉෂ්ට කරන්න. ආණ්ඩුව යුක්තිය ඉෂ්ට නොකරත් මේ රටේ මහජනතාව මං හිතනවා ඔවුන්ට යුක්තිය ඉෂ්ට කරලා තියෙනවා.





සුනන්ද දේශප්‍රිය සැමරුමට එක්වෙමින්




මාධ්‍යවේදීන් ඝාතනයට ලක්කිරීම මෙන්ම පහරදීම් වලට කිසිදු ආණ්ඩුවක් යුක්තිය ඉෂ්ට නොකරන්නේ ඇයි දැයි යන්න ගැන පැහැදිලි කළ ඔහු වැඩිදුරටත් දැක්වූවේ,







මේකේ කොණක දේශපාලඥයෙක් ඉන්නවා.





‘‘එකක් තමයි යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ට විශාල බලයක් ලැබිලා තියෙනවා. මහජන බලයක් ලැබිලා තියෙනවා. දේශපාලඥයින් විසින් සියලුම දෙනාව රණවිරුවන් කරලා රණවිරුවන්ව ආරක්ෂා කිරීම ගැන මතවාදයක් මීට සම්බන්ධයි. ඔවුන් එක අතකට බයයි යුද හමුදාවන්ට, පොලීසියට විරුද්ධව පියවරක් ගන්න. මොකද මේකේ කොණක දේශපාලඥයෙක් ඉන්නවා.





ජනමාධ්‍යවේදියෙකුගේ ඝාතනය කිසිසේත්ම යුද හමුදාවට, පොලීසියට තනිවම සිද්ධ වෙච්ච දෙයක් නෙමේ. මේක පිටිපස්සේ එදා හිටපු දේශපාලන අධිකාරිය ඉන්නවා. ඉතිං, මේ දේශපාලන අධිකාරිය බයයි මේ සිදුවීම් කවදා හරි එළිදරව් වෙයි කියලා.





අනිත් එක හැමකෙනෙක්ම හැමකෙනෙකුටම සම්බන්ධයි. මේ දේශපාලන පංතිය කොළ, නිල් කියන එකේ වෙනසක් නැහැ ඇත්ත වශයෙන්ම.





ලසන්තගේ ඝාතනයේ අධිකරණමය ක්‍රියාමාර්ගය ගැන ලංකාවේ පුවත්පත් දිගටම වාර්තාකරලා තියෙනවා. ඒවගේම සමාජ මාධ්‍ය ජාලා මේක අතහැරලා නැහැ.‘‘ යන්නයි.






නීතිඥ අතුල එස් රණගල




මේ ගැන කැබිනට් පේපර් එකක් දානවා කිව්වා





ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයින් නීතිය හමුවට පැමිණවීම ගැන අදහස් දැක්වූ නීතිඥ අතුල එස්. රණගල මහතා අවධාරණය කර සිටියේ ‘‘ඔවුන් මට පුද්ගලිකව කතා කරලා කිව්වා ‘මේ සම්බන්ධයෙන් කැබිනට් පේපර් එකක් දාලා ඉක්මනින්ම මෙය විසදන්න කල්පනා කරනවා’ කියලා. නමුත් එහෙම කාරණාවක් ඉටු වුණේ නෑ...‘‘ යන්නයි.





ලසන්ත වික්‍රමතුංගගේ පවුල වෙනුවෙන් ලසන්තගේ සොයුරු ලාල් වික්‍රමතුංගේ නිවේදනයක් මෙහිදී කියවූ එහි දැක්වුණේ,





"උසාවියට දැනුම්දීලා තියෙනවා හමුදා බුද්ධි අංශ මේ සිදුවීම පිටුපස ඉන්නවා කියලා, මේ සිදුවීම යට ගහන්න 4 දෙනෙක් මරණයට පත්කරලා තියෙනවා අහිංසකයන්. ප්‍රධාන පෙළේ පොලිස් ප්‍රධානීන් අත්අඩංගුවට පත්වෙලා තියෙනවා සාක්ෂි විනාශ කිරීමට" යන්නයි.






මන්දනා ඉසමයිල්




මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල්





"අවුරුදු 10ක් ගිහිල්ලා යුක්තිය ඉටු වෙලා නැහැ, අපිට ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු කියලා වැඩක් නැහැ, අවුරුදු 10ක් අපි ඒවා ඇහුවා, හිටපු රජයට ජනතාව තීරණයක් දුන්නේ යුක්තිය සාධාරණය ඉටු කරන්න, 2015 ඒ පොරොන්දුව දීලා ආපු දේශපාලකයන් ඒ පොරොන්දුව ඉටුකරන්න ඕනේ, නැතිනම් ඔවුන්ට වෙන්නේ ඉතිහාසයේ ඒ වගේ දේශපාලකයන්ට වුනදේ තමයි"













සත්‍යා





සබැඳි පුවත්









ලසන්තව මැරුවේ ගෝඨාභය රාජපක්ෂ - රන්ජන්






යහපාලනය යටතේ වත් යුක්තිය පසිඳලීම කාර්යක්ෂම කරමු

සමථ මණ්ඩලය ජනපතිගේ පැසසුමට


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මෑතකදී රටේ පවතින සමථ මණ්ඩල සේවාව ප‍්‍රශංසාවට ලක්කොට තිබුණි. එය අගේ කටයුතු වුවත්, ඒ මගින් පෙන්නුම් කරන අධිකරණ පද්ධතියේ ව්‍යුහාත්මක ප‍්‍රශ්න සමථයකට පත්කර ගැනීමට මෙතෙක් අපොහොසත්ව තිබීම බරපතල කාරණයකි.



මාධ්‍ය මගින් වාර්තා කොට තිබුණු පරිදි, මේ වසරේ අධිකරණ අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, 2016 සැප්තැම්බර් මස අවසන් වන විට අවසන් කොට නොතිබූ නඩු කටයුතු 750,000 ක් තිබුණි. එයින් බහුතරය හෙවත් 535,000 ක් නඩු ගොඩ ගැසී තිබුණේ මහේස්ත‍්‍රාත් උසාවිවල ය. අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන පරිදි, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 3,486 ක් ද, අභියාචනාධිකරණයේ නඩු 4,817 ක් ද, සිවිල් අභියාචන මහාධිකරණවල නඩු 5,890 ක් ද, මහාධිකරණවල නඩු 16,811 ක් ද, දිස්ත‍්‍රික් අධිකරණවල නඩු 167,945 ක් ද, මහේස්ත‍්‍රාත් අධිකරණවල නඩු 535,644 ක් ද, කම්කරු උසාවිවල නඩු 5048 ක් ද, ගොඩ ගැසී තිබුණි.



මේවා සංඛ්‍යාත්මක වශයෙන් ගත් විට පවා අති විශාල ය. එහෙත් ඒ සංඛ්‍යාවන් පසුපසින් පවතින, යුක්තිය අපේක්ෂාවෙන් සිටින මනුෂ්‍යයන්ගේ පීඩාව ඊට වඩා අති මහත් ය. දූෂණයට පාත‍්‍ර වූ කාන්තාවකගේ, ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ මවකගේ, ණයක් පියවා ගැනීමට සිටින ව්‍යාපාරිකයෙකුගේ සහ උරුමයක් අපේක්ෂාවෙන් සිටින දරුවෙකුගේ සිත් තැවුල සහ පීඩාව, මේ සංඛ්‍යා ලේඛනවල බරට වඩා ගැඹුරු ය. අධිකරණ පද්ධතිය ඉදිරියට නොයෑම යනු මේ සියලූ මිනිසුන්ගේ මිනිස් අපේක්ෂා පාගා දැමීමකි.



නඩු මෙසේ ගොඩගැසීමේ ප‍්‍රශ්නය විසඳීම සඳහා දශක කිහිපයක් තිස්සේ ආණ්ඩු උත්සාහ කොට ඇත. එක පැත්තකින්, අලූතෙන් විනිසුරුවරුන් බඳවා ගැනීමෙන් ද, මෑතකදී සිට, බරපතල නඩු දිනපතා ඇසීමේ ක‍්‍රමවේදයක් ඇති කර ගැනීමෙන් ද එම උත්සාහයන් ගෙන තිබේ. අධිකරණ පද්ධතියේ පවතින අසතුටුදායක තත්වයේ තරම, ඇතැම් මහ පරිමාණ දූෂණ ක‍්‍රියා පිළිබඳව මේ ආණ්ඩුව පටන් ගත් නඩුවල අලස ප‍්‍රගතියෙන් මැනවින් පෙන්නුම් කෙරේ. ඒ අරභයා ඇති කෙරෙන කලකිරීම කෙතෙක් ද යත්, මේ පමාව පිළිබඳ කාරණයේ ඇති බරපතල කම ජනාධිපතිවරයාට පවා දැනී, ප‍්‍රශ්නයට තාවකාලික විසඳුමක් වශයෙන් එවැනි නඩු ඉක්මණින් ඉවරයක් කිරීම සඳහා විශේෂ අධිකරණ පිහිටුවීමටත් මේ වන විට පියවර ගෙන තිබේ.



අලූතින් පිහිටුවන අධිකරණ මොන තරම් සාර්ථක වුවත් නැතත්, පවතින අධිකරණ පද්ධතිය තුළ පවතින අඩුපාඩුවල වගකීම එවැනි අධිකරණ පිහිටවූ පමණින් අවසන් වන්නේ නැත. දුර්වල අධිකරණ පද්ධතියක් තුළ පවතින අඩුපාඩු වනාහී විශේෂ අධිකරණ පිහිටුවීමෙන් විසඳිය හැකි දේවල් නොවේ. එසේම, ඒ මගින් ඉහතින් කී මිනිසුන්ගේ දුක් පීඩා එක රැයකින් දුරු කිරීමත් කළ නොහේ. වසරකට, සාමාන්‍යයෙන් සිවිල් සිද්ධීන්ට සම්බන්ධ නඩු කටයුතු 2000 කට වැඩි ප‍්‍රමාණයක් සමථ මණ්ඩල වෙත දැනටත් ඉදිරිපත් කරනු ලැබේ. අධිකරණය මගින් හෝ පොලීසිය මගින් මෙසේ සමථ මණ්ඩල වෙත ඉදිරිපත් කරන නඩු කටයුතුවලින් සියයට 40 ක් පමණ අවසානයක් කොට විසඳනු ලැබේ. සුපුරුදු අධිකරණ ක‍්‍රියාවලියෙන් සිදුවන කාර්ය භාරය සමග සසඳන විට මෙය වැදගත් සාර්ථකත්වයක් පෙන්නුම් කරන්නකි.



සමථ මණ්ඩලය තරම් වත් මෙරට අධිකරණය කාර්යක්ෂමද ?   


අධිකරණවල ගොඩගැසී ඇති ඉහත සඳහන් නඩු සංඛ්‍යාව ඒ තරම් මට්ටමකින්වත් පවතින්නේ, ඊට සමගාමී සමථ මණ්ඩල ක‍්‍රියාකාරීත්වයකුත් මෙසේ පවතින බැවිනි. එම සමථ මණ්ඩල ක‍්‍රමය දැන් වෙනත් දියුණු වෙමින් පවතින රටවල් තුළ ද ක‍්‍රියාත්මක කිරීමට පටන්ගෙන තිබේ. ඉතිං, එවැනි සමථ මණ්ඩල ක‍්‍රියාවලියක් සාර්ථකව ගෙන යාමට සමත්ව සිටින ශ‍්‍රී ලංකාවට, විධිමත් අධිකරණ පද්ධතියක් සාර්ථක කර ගැනීමට නොහැකි වී ඇත්තේ මන්ද යන්න ප‍්‍රශ්නයකි.



දියුණු රටවල, සාමාන්‍යයෙන් ගත් විට, ජනගහනයෙන් 50 දෙනෙකුට එක් විනිසුරුවරයෙකු බැගින් සිටී. එහෙත් ලංකාවේ මේ තත්වය තවම පවතින්නේ ඉතා පසුගාමී තත්වයකයි. සමථ මණ්ඩල සමන්විත වන්නේ ස්වේච්ඡා සේවකයන්ගෙන් වන අතර, විධිමත් අධිකරණ විනිසුරුවරුන්ව පුහුණු කිරීමත්, එම සේවාව ආකර්ශනීය මට්ටමකින් පවත්වා ගැනීම සඳහා ඉහළ වැටුප් සහතික කෙරෙන වෘත්තීය මට්ටමකට එම සේවාව ගෙන ඒමත් අවශ්‍ය කෙරේ. එය සමථ මණ්ඩල ක‍්‍රමය තරම් ලෙහෙසි පහසු දෙයක් නොවේ. අනිත් අතට, විධිමත් අධිකරණ ඉදිරියට පැමිණෙන නඩු වඩාත් සංකීර්ණ ඒවා ය. එවැනි නඩු විසඳීම සඳහා අවශ්‍ය කෙරෙන සාක්ෂි විභාග කිරීම, නීතිය අර්ථකථනය කිරීම වැනි කාර්යයන් සඳහා බොහෝ කාලයක් ගතවෙයි. එසේ වුවද, වෙනත් සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ අභියෝග ජය ගනිමින් සිටියදී ශ‍්‍රී ලංකාවට තවම එසේ කළ නොහැකි වී ඇත්තේ මන්ද යන්න ප‍්‍රශ්නයකි.



දේශපාලන ක්ෂේත‍්‍රයේ දූෂණ ක‍්‍රියා පිළිබඳ නඩු විභාග පැත්තකින් තිබ්බත්, පැටලිලි සහගත අධිකරණ පද්ධතියක් තිබීම සහ නඩුහබ බේරුම් කිරීමේ මන්දගාමීත්වය නිසා ආර්ථික ක්ෂේත‍්‍රය තුළට ආයෝජන ගෙන්වා ගැනීමත් දුෂ්කර කෙරේ. ආණ්ඩුව විසින් දැනට ගොඩනගමින් පවතින අලූත් මූල්‍ය නගරය පිළිබඳ ව්‍යාපෘතිය, බේරුම්කාරක මධ්‍යස්ථානයක් වශයෙන් අනාගතයේ කටයුතු කිරීමට ඉඩ ඇතත්, ඒ සඳහා තව බොහෝ කාලයක් ගත වෙනු ඇත. ඒ දක්වා, ආයෝජන දිරිමත් කිරීම සඳහා යම් අතරමැදි නීති ක‍්‍රියාවලියක් සකසා ගත යුතුව තිබේ. ‘ව්‍යාපාර කිරීමේ පහසුව සලසන’ ලෝක බැංකු නිර්ණායක සූචිය තුළ රටක් වශයෙන් ලංකාව ඉහළට යාමට නම්, ආයෝජන පරිසරයකට හිතකාමී වන අන්දමේ නීති ක‍්‍රියාවලියක් සකසා ගත යුතුව තිබේ.



ඒ සඳහා, ආණ්ඩුව පැත්තෙන් ගත් විට, මීට වඩා අරමුදල් සම්පාදනය කර දීමත්, තව තවත් විනිසුරුවරුන් පුහුණු කිරීමත්, පටලැවිලි නැති, සරළ නීතිරීති ඇති කර ගැනීමත් අත්‍යාවශ්‍ය කෙරේ. ඒ සියල්ලටමත් වඩා වැදගත් වන්නේ, ඒවා නිසි වේලාවට ක‍්‍රියාවේ යෙදවීමයි.




 

(2018 ඔක්තෝබර් 8 වැනි දා ‘ඩේලි එෆ්.ටී.’ පුවත්පතේ  “Supporting Justice"පළවූ නමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)


 

 

අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා 14 ක්‌

දෝෂාභියෝගය මැති සබයේ න්‍යාය පත්‍රයට
කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්

අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 117 ක්‌ අත්සන් කළ දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර ධුරයෙන් ආචාර්ය උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක්‌ ඉදිරිපත් කිරීම පිණිස ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 107 (2) ව්‍යවස්‌ථාව ප්‍රකාර යෝජනාව යනුවෙන් චෝදනා 14 ක්‌ යටතේ පහත මන්ත්‍රීවරුන් 117 විසින් මෙම දෝෂාභියෝග යෝජනාව පසුගිය සතියේ කථානායක චමල් රාජපක්‍ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.

අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ සඳහන් චෝදනා සහ එහි චෝදනා ද ඇතුළත් දෝෂාභියෝගයට අත්සන් කර ඇති මන්ත්‍රීවරුන් මෙසේය.

1. ටී. රංජිත් ද සොයිසා, 2. පලනි දිගම්බරම්, 3. ඩග්ලස්‌ දේවානන්දා, 4. මොහාන් ලාල් ග්‍රේරු, 5. ඒ. එස්‌. රාධක්‍රිෂ්ණන්, 6. එස්‌. බී. දිසානායක, 7. රෙජිනෝල්ඩ් කුරේ, 8. නන්දිමිත්‍ර ඒකනායක, 9. වීරකු=මාර දිසානායක, 10. ගීතාංජන ගුණවර්ධන, 11. මහින්ද අමරවීර, 12. මුත්තු සිවලිංගම්, 13. ලසන්ත අලගියවන්න, 14. සනත් ජයසූරිය, 15. ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, 16. ජගත් බාලසූරිය, 17. (අල්හාඡ්) ඒ. එච්. එම්. අස්‌වර්, 18. ඩලස්‌ අලහප්පෙරුම, 19. මහින්දානන්ද අලුත්ගමගේ, 20. පවිත්‍රාදේවි වන්නිආරච්චි, 21. ඩුලිප් විඡේසේකර, 22. ශ්‍රියානි විඡේවික්‍රම, 23. මාලනී ෙµdන්සේකා, 24. දයාශ්‍රිත තිසේරා, 25. විනයාගමූර්ති මුරලිදරන්, 26. එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා, 27. ඒ. එල්. එම්. අතාවුල්ලා, 28. එම්. කේ. ඒ. ඩී. එස්‌. ගුණවර්ධන, 29. බන්දුල ගුණවර්ධන, 30. නිර්මල කොතලාවල, 31. විජිත බේරුගොඩ, 32. ජානක වක්‌කුඹුර, 33. එච්. ආර්. මිත්‍රපාල, 34. ලලිත් දිසානායක, 35. විජය දහනායක, 36. සරණ ගුණවර්ධන, 37. ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, 38. අචල ජාගොඩගේ, 39. සාලින්ද දිසානායක, 40. රෝහිත අබේගුණවර්ධන, 41. කමලා රණතුංග, 42. ජයරත්න හේරත්, 43. රෝහණ දිසානායක, 44. ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, 45. ඒ. පී. ජගත් පුෂ්පකුමාර, 46. අරුන්දික ප්‍රනාන්දු, 47. ශාන්ත බණ්‌ඩාර, 48. (වෛද්‍ය) රමේෂ් පතිරණ, 49. වික්‌ටර් ඇන්ටනි, 50. සරත් කුමාර ගුණරත්න, 51. එස්‌. එම්. චන්ද්‍රසේන, 52. මනූෂ නානායක්‌කාර, 53. ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, 54. මිල්රෝයි ප්‍රනාන්දු, 55. ලොහාන් රත්වත්තේ, 56. හුසෙනයික්‌ පාරුක්‌, 57. උපේක්‍ෂා ස්‌වර්ණමාලි, 58. සුමේධා ජී. ජයසේන, 59. පියංකර ජයරත්න, 60. හේමාල් ගුණසේකර, 61. තේනුක විදානගමගේ, 62. කුමාර වෙල්ගම, 63. ජානක බණ්‌ඩාර, 64. විදුර වික්‍රමනායක, 65. ඒ. ආර්. එම්. අබ්දුල් කාදර්, 66. රුවන් රණතුංග, 67. µSලික්‌ස්‌ පෙරේරා, 68. තාරානාත් බස්‌නායක, 69. (වෛද්‍ය) රෝහණ පුෂ්පකුමාර, 70. ප්‍රේමලාල් ජයසේකර, 71. සනී රෝහණ කොඩිතුවක්‌කු, 72. නෙරන්ජන් වික්‍රමසිංහ, 73. සී. බී. රත්නායක, 74. දුමින්ද දිසානායක, 75. මහින්ද යාපා අබේවර්ධන, 76. ගාමිණී විජිත් විජිතමුණි සොයිසා, 77. පී. දයාරත්න, 78. තිලංග සුමතිපාල, 79. ගාමිණී ලොකුගේ, 80. අර්ල් ගුණසේකර, 81. සී. ඒ. සූරියආරච්චි, 82. උදිත් ලොකුබණ්‌ඩාර, 83. වී. කේ. ඉන්දික, 84. ටී. බී. ඒකනායක, 85. ජී. පියසේන, 86. ගුණරත්න වීරකෝන්, 87. ඒ. එම්. චාමික බුද්ධදාස, 88. සිරිපාල ගම්ලත්, 89. ඉන්දික බණ්‌ඩාරනායක, 90. තිස්‌ස කරල්ලියද්ද, 91. ප්‍රභා ගනේෂන්, 92. සුසන්ත පුංචිනිලමේ, 93. (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, 94. ජීවන් කුමාරණතුංග, 95. රංජිත් සියඹලාපිටිය, 96. එස්‌. බී. නාවින්න, 97. (ආචාර්ය) සරත් වීරසේකර, 98. සජින් ද වාස්‌ ගුණවර්ධන, 99. ඡේ. ආර්. පී. සූරියප්පෙරුම, 100. ශෙහාන් සේමසිංහ, 101. කෙහෙලිය රඹුක්‌වැල්ල, 102. දිලුම් අමුණුගම, 103. එරික්‌ ප්‍රසන්න වීරවර්ධන, 104. ඩබ්ලිව්. බී. ඒකනායක, 105. රොෂාන් රණසිංහ, 106. නිමල් විඡේසිංහ, 107. එස්‌. සී. මුතුකුමාරණ. 108. නිශාන්ත මුතුහෙට්‌ටිගමගේ, 109. (පූජ්‍ය) එල්ලාවල මේධානන්ද හිමි, 110. පෙරුමාල් රාජදුරයි, 111. සිල්වේස්‌ත්‍රි අලාස්‌ටින්, 112. නිරූපමා රාජපක්‍ෂ, 113. වයි. ජී. පද්මසිරි, 114. නවීන් දිසානායක, 115. චන්ද්‍රසිරි ගජධීර, 116. බෂීර් සේගු ඩාවුඩ්, 117. එච්. එම්. එම්. හාරිස්‌.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශේ්‍රෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාර ධුරයෙන් (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක්‌ ඉදිරිපත්කිරීම පිණිස ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 107(2) ව්‍යවස්‌ථාව ප්‍රකාර යෝජනාව,

1. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් වන සෙලින්කෝ ශ්‍රී රාම් කැපිටල් මැනේ-මන්ට්‌, ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාඩ් කම්පැනි සහ µsනෑන්ස්‌ ඇන්ඩ් ගැරැන්ටි කම්පැණි ලිමිටඩ් යන සමාගම්වලට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණයේ පවරා ඇති මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංක පිළිවෙළින් 262/2009, 191/2009 සහ 317/2009 දරන නඩු ශේ්‍රෂ්ඨාධිකරණයේ වෙනත් විනිසුරු මඬුල්ලක්‌ විසින් විභාග කරමින් තිබියදී, එකී නඩු එම විනිසුරු මඬුqල්ලෙන් ඉවත්කර, තම අධිකරණයේ වැඩිදුර විභාගය සඳහා ගෙන එම නඩු විභාග කිරීමේ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ලෙස කටයුතු කරමින් එම නඩුවල විෂයය වස්‌තුවක්‌ වන්නා වූ සෙලින්කෝ නිවාස සහ දේපළ සමාගම නමින් හැඳින් වූ, සිටි හවුසින් ඇන්ඩ් රියල් එස්‌ටේට්‌ කම්පැණි ලිමිටඩ් සහ සෙලින්කෝ කොන්ඩොමිනියම් ලිමිටඩ් නමින් හැඳින්වූ වර්තමානයේ ටි්‍රලියම් රෙසිඩන්සිස්‌ නමින් හඳුන්වනු ලබන ආයතනයට අයත්, කොළඹ 08, ඇල්විටිගල මාවතේ, අංක 153 දරන ස්‌ථානයේ පිහිටි, ශේ්‍රෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංක 262/2009 දරන නඩුවේ දේපළ ලැයිස්‌තුවේ සඳහන් නිවාස ව්‍යාපෘතියෙන් අංක 2 සී/එµa/84 සහ වරිපනම් අංක 153/1-2/4 දරන නිවස, ඔස්‌ටේ්‍රලියාවේ, බටහිර ඔස්‌ටේ්‍රලියා 6016 හි, මවුන්ට්‌ හෝකෝර්න්හි, එජිනා වීදියේ, අංක 127 දරන ස්‌ථානයේ පදිංචි රේණුකා නිරංජලි බණ්‌ඩාරනායක සහ කපිල රන්ජන් කරුණාරත්න යන දෙදෙනා විසින් ලබාදෙන ලද ප්‍රසිද්ධ නොතාරිස්‌ කේ. බී. අරෝෂි පෙරේරාගේ අංක 823 දරන විශේෂ ඇටර්නි බලපත්‍රය උපයෝගි කරගෙන රේණුකා නිරංජලි බණ්‌ඩාරනායක සහ කපිල රන්ජන් කරුණාරත්න යන දෙදෙනාගේ නමට මිලදී ගැනීමෙන්දá

2. ඉහත කී දේපළ මිලදී ගැනීම සඳහා ගෙවීම් කිරීමේදී උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් 19,362,500 ක මුදලක්‌ එම දේපළ මිලදී ගැනීමට පෙර එම දේපළ විකුණන ලද සිටි හවුසින් ඇන්ඩ් රියල් එස්‌ටේට්‌ කම්පැණි ලිමිටඩ් සහ ටි්‍රලියම් රෙසිඩන්සිස්‌ සමාගමට මුදලින් ගෙවීමෙන්ද,

3. එන්. ඩී. බී. බැංකුවේ, කොළඹ 07, ධර්මපාල මාවතේ පිහිටි ශාඛාවේ 106450013024, 101000046737, 100002001360 සහ 100001014772 යන ගිණුම්වලට 2011 අප්‍රේල් 18 සිට 2012 මාර්තු 27 දින දක්‌වා කාලය තුළ රුපියල් මිලියන 34 ක පමණ විදේශීය මුදල් තැන්පත් කිරීමෙන් පසු එම තොරතුරු අධිකරණ නිලධාරියකු විසින් ලබාදිය යුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් නොකිරීමෙන් දá

4. ඉහත කී එන්ඩීබී බැංකු ශාඛාවේ ගිණුම් අංක 106450013024, 101000046737, 100002001360, 100001014772, 100002001967, 100101001275, 100110000338, 100121001797 සහ 100124000238 දරන ගිණුම් නවයක්‌ ඇතුළුව විවිධ බැංකුවල බැංකු ගිණුම් විස්‌සකට අධික සංඛ්‍යාවක්‌ පවත්වාගෙන යමින්, එකී තොරතුරු අධිකරණ නිලධාරියකු විසින් ලබාදිය යුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් නොකිරීමෙන්දá

5. දැනට කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය ඉදිරියේ පවතින වර්ෂ 1994 අංක 19 දරන අල්ලස්‌ හෝ දූෂණ පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමේ කොමිසන් සභා පනත යටතේ අල්ලස්‌ සහ /හෝ දූෂණ ක්‍රියාවලට අදාළ වරදවල් සම්බන්ධයෙන් නීති කෘත්‍යයන්වලට එකී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මියගේ නිත්‍යානුකූල ස්‌වාමිපුරුෂයා වන ප්‍රදීප් ගාමිණී සුරා- කාරියවසම් මහතා සැකකරුවකු වන හෙයින්දá ඉහත කී අල්ලස්‌ හෝ දූෂණ නඩුව විභාගවීමට නියමිත වූ එකී අධිකරණයේ මහෙස්‌ත්‍රාත්වරයා මාරු කිරීම, විනය පාලනය සහ ඉවත් කිරීමේ බලතල පැවරී ඇති අධිකරණ සේවා කොමිසන් සභාවේ සභාපති ධුරය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 111ඈ (2) ව්‍යවස්‌ථාව අනුව එකී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය විසින් දරන හෙයින්දá

එකී අධිකරණය විසින් පවත්වාගෙන යනු ලබන අධිකරණ වාර්තා, රෙජිස්‌ටර් සහ වෙනත් ලේඛන පරීක්‍ෂා කිරීමේ බලතල අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරිය වශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 111 ඌ (3) ව්‍යවස්‌ථාව යටතේ එකී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය වෙත පැවරී ඇති හෙයින්දá

ඉහත කී ආකාරයට ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මියගේ නිත්‍යානුකූල ස්‌වාමිපුරුෂයා වන ප්‍රදීප් ගාමිණී සුරා- කාරියවසම් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති අල්ලස්‌ හෝ දූෂණ චෝදනාවලට අදාළ නීති කෘත්‍යය හේතුවෙන් අග්‍ර විනිශ්චයකාර ධුරයේ තවදුරටත් ක්‍රියා කිරීමට එකී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය නුසුදුස්‌සෙකු වන හෙයින්ද, අග්‍ර විනිශ්චයකාර ධුරයේ ඇය අඛණ්‌ඩව ක්‍රියා කිරීම හේතුවෙන් යුක්‌තිය පසිඳලීමේ ක්‍රියාදාම ඉෂ්ට කිරීම සඳහා බාධාවක්‌ වීම සහ යුක්‌තිය පසිඳලීම පිළිබඳ මූලික සිද්ධාන්ත එමගින් උල්ලංඝනය වන බැවින් සහ යුක්‌තිය ඉටුවීම පමණක්‌ නොව යුක්‌තිය ඉටුවන බවට දෘශ්‍යමාන විය යුතු හෙයින්ද,

6. මුල් අවස්‌ථා අධිකරණවල ජ්‍යෙෂ්ඨ නිලධරයන් අතුරෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා පත් කළ යුතු බවට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 111ඌ ව්‍යවස්‌ථාව මගින් ප්‍රතිපාදන සලසා තිබියදී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය අග්‍ර විනිශ්චයකාරවරිය වශයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස ඇගේ නිල තත්ත්වයෙන් ක්‍රියා කරමින්, මුල් අවස්‌ථා අධිකරණයන්හි සුදුසු ජ්‍යෙෂ්ඨ අධිකරණ නිලධාරීන් සිටියදී අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වශයෙන් එසේ නොවන නිලධාරියකු වන මංජුල තිලකරත්න මහතා පත් කිරීමෙන් අධිකරණ නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැරීමෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරිය වශයෙන් කටයුතු කරමින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 111ඌ ව්‍යවස්‌ථාව උල්ලංඝනය කර ඇති හෙයින්දá

7. අංක 2/2012 සහ 3/2012 දරන ශේ්‍රෂ්ඨාධිකරණ විශේෂ තීන්දු සම්බන්ධයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 121(1) ව්‍යවස්‌ථාව යටතේ වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අධිකරණ බලය යටතේ පවරන ලද පෙත්සමක පිටපතක්‌ ඒ අවස්‌ථාවේදීම පාර්ලිමේන්තුවේ කතානායකවරයාට භාරදිය යුතු බවට සඳහන්ව තිබියදී, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට අධිකරණයේ ගොනු කරනු ලැබූ පෙත්සමක පිටපතක්‌ භාරදීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඇති ප්‍රතිපාදන සපුරා ඇති බවට එකී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය විසින් ශේ්‍රෂ්ඨාධිකරණයේ විශේෂ තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කිරීමෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 121(1) ව්‍යවස්‌ථාව නොසලකා හැර සහ / හෝ පටහැනිව ක්‍රියා කර ඇති හෙයින්දá

8. අංක 5/91, 6/91, 7/91 සහ 13/91 දරන ශේ්‍රෂ්ඨාධිකරණ විශේෂ තීන්දුවලදී ශේ්‍රෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණය කර ඇති ආකාරයට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 121(1) ව්‍යවස්‌ථාවේ සඳහන් අනිවාර්ය ක්‍රියාපටිපාටියට අනුකූලව ක්‍රියා කළ යුතු බවට තීරණය කර තිබුණද, ඉහත කී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය විසින් එකී ව්‍යවස්‌ථාව උල්ලංඝනය කර ඇති හෙයින්දá

9. ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය ශ්‍රෝෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක වශයෙන් පත් කරන අවස්‌ථාවේදී ඇයගේ පත්වීම අභියෝගයට ලක්‌ කරමින් පවරන ලද ජනාධිපති නීතිඥ එඩ්වඩ් ප්‍රැන්සිස්‌ විලියම් සිල්වා සහ තවත් තිදෙනෙක්‌ එදිරිව ශිරානි බණ්‌ඩාරනායක (1992 ශ්‍රී ලංකා නව නීති වාර්තා 92) මූලික අයිතිවාසිකම් කඩකිරීමේ නඩුවේදී ශේ්‍රෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලද බහුතර තීරණය නොසලකා ශේ්‍රෂ්ඨාධිකරණය විනිශ්චයකාර ධුරයට පත්වීමෙන් පසු එකී තීන්දුවට පටහැනිව කටයුතු කර ඇති හෙයින්දá

10. ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක වීමට ප්‍රථම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්යවරියකව සිටියදී, ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මියගේ ලිපියක්‌ ප්‍රකාශයට පත් කර තිබූ ඨරදමබාඩසැඅ නමැති මාධ්‍ය ප්‍රකාශන අංශය අයත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නමැති ආයතනය විසින් ශේ්‍රෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද ශේ්‍රෂ්ඨාධිකරණ විශේෂ තීන්දු පෙත්සම් අංක 02/2012 දරන පෙත්සම අසා තීරණයක්‌ ලබාදී ඇති හෙයින්ද!

11. අග්‍ර විනිශ්චයකාර ධුරය දරනු ලබන සහ එමගින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ප්‍රකාරව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ධුරය දරනු ලබන ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාරධුරයකට පත් කිරීමේ යෝග්‍යතාව අභියෝගයට ලක්‌ කරන ලද ජනාධිපති නීතිඥ එඩ්වඩ් ප්‍රැන්සිස්‌ විලියම් සිල්වා සහ තවත් තිදෙනෙක්‌ එදිරිව ශිරාණි බණ්‌ඩාරනායක (1992 ශ්‍රී ලංකා නව නීති වාර්තා 92) නඩුවේදී එකී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මියගේ පත්වීමට එරෙහිව කුරුප්පුගේ බීටා ඈන් වර්ණසූරිය ස්‌වර්ණාධිපති මහෙස්‌ත්‍රාත්වරියගේ සහෝදරයාවූ නීතිඥ එල්. සී. එම්. ස්‌වර්ණාධිපති යන අය පෙත්සමක්‌ ඉදිරිපත් කිරීම හේතුවෙන්, එකී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය විසින් එකී මහෙස්‌ත්‍රාත් කුරුප්පුගේ බීටා ඈන් වර්ණසූරිය ස්‌වර්ණාධිපතිට හිරිහැර සිදු කර ඇති හෙයින්දá

12. අග්‍ර විනිශ්චයකාර ධුරය දරනු ලබන සහ එමගින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 111 ඇ (2) ව්‍යවස්‌ථාව ප්‍රකාරව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ධුරය දරනු ලබන ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය විසින්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 111 ඌ ව්‍යවස්‌ථාව ප්‍රකාරව පැවරී ඇති ඇගේ ව්‍යවස්‌ථානුකූල බලය අභිබවා ක්‍රියාකරමින්, මහෙස්‌ත්‍රාත් රංගනී ගමගේ මහත්මියට තමාගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට පෙරාතුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවසරය ලබාගන්නා ලෙස නියම කිරීම මගින්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතා විසින් ඇයට සිදු කළ හිංසනය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක්‌ කිරීම සඳහා රංගනී ගමගේ මහෙස්‌ත්‍රාත්වරියගේ නීතියේ පිහිට ලබා ගැනීමේ අයිතියට බාධා එල්ල කර ඇති හෙයින්ද?

13. එකී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය විසින් අග්‍ර විනිශ්චයකාරවරිය වශයෙන් සහ ඒ අනුව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 111 ඈ (2) ව්‍යවස්‌ථාව ප්‍රකාරව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති වශයෙන් ක්‍රියාකරමින්, තම බලය අනිසි ලෙස භාවිත කරමින් මහෙස්‌ත්‍රාත් රංගනී ගමගේ මහත්මියට පොලිස්‌ ආරක්‍ෂාව ලබා ගැනීමට පෙරාතුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවසරය ලබාගන්නා ලෙස නියම කරමින් ඇයට පොලිස්‌ ආරක්‍ෂාව ලබා ගැනීමට ඇති නීත්‍යනුකූල අයිතිය ක්‍රියාත්මක කිරීම වළක්‌වා ඇති හෙයින්ද?

14. තම නීත්‍යනුකූල අයිතිය ක්‍රියාත්මක කරමින් මහෙස්‌ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය විසින් පොලිස්‌පතිවරයාගෙන් ආරක්‍ෂාව ඉල්ලා සිටීම පිළිබඳව විනය පරීක්‍ෂණයක්‌ නොපැවැත්විය යුත්තේ ඇයිද යන්න පිළිබඳ එකී මහෙස්‌ත්‍රාත් රංගනී ගමගේ මහත්මියගෙන් නිදහසට කරුණු විමසමින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස ක්‍රියා කරමින් ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශූමාලා බණ්‌ඩාරනායක මහත්මිය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මගින් ලිපියක්‌ යොමු කර ඇති හෙයින්ද?

ඉහත කී ආකාරයෙන් කටයුතු කිරීම මගින්,

ස. අනිසි පැවැත්මක්‌ හෝ අග්‍ර විනිශ්චයකාර ධූරය දරන්නෙකුට නොගැළපෙන අන්දමේ පැවැත්මක්‌ හෝ ස්‌ථාපිත වන බැවින්ද,

සස. අධිකරණවල නඩු කාරණා විය හැකි කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න හෝ මතභේදයට ඉවහල් වන කරුණු සම්බන්ධයෙන් අදාළ වන සහ/ හෝ විය හැකි කරුණු සම්බන්ධයෙන් කටයුතු කර ඇති බැවින්ද,

සසස. සාධාරණ යුක්‌තිය සලසාලීම කෙරෙහි බලපෑම් ඇති කර ඇති හෙයින්ද,

සඩග නඩු පාර්ශ්වයක්‌ විසින් පක්‍ෂපාතීත්වය සහ / හෝ අපක්‍ෂපාතීත්වය පිළිබඳ චෝදනා එල්ල කිරීමට ඉඩ ඇති හේතු ඇති විය හැකි බැවින්ද, මුළු මහත් ශ්‍රේෂ්ඨාධිකරණය සහ විශේෂයෙන්ම අග්‍ර විනිශ්චයකාර ධුරය අපකීර්තියට පත් කර ඇත්තේය.

එබැවින්, ඉහත සඳහන් විෂමාචාර චෝදනා හේතුවෙන්, එම විෂමාචාර චෝදනා පිළිබඳව පරීක්‍ෂාකර එම චෝදනා එකක්‌ හෝ එයට වැඩි ගණනක්‌ ඔප්පුවී ඇතැයි විශේෂ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබුවහොත්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍ර විනිශ්චයකාර පදවියෙන්, ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය ඉවත් කිරීම සඳහා යෝජනාවක්‌ අතිගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ හැකි වන පරිදි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්‌ පත් කළ යුතු යෑයි ඉහත නම් සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අපි, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 107 (3) ව්‍යවස්‌ථාව සමග කියෑවෙන 107 (2) ව්‍යවස්‌ථාවේ විධිවිධාන සහ, 78 අ දරන පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග ද ප්‍රකාරව යෝජනා කර සිටිමු.


වැරැදි තීන්දු දෙන විනිසුරන් අපායට

වරාවැව විනිසුරු බුදු දහමේ අගය කියයි

කිසිවකු පිනවීම සඳහා හෝ කිසිවකු කෙරෙහි ද්වේෂයෙන් නඩු තීන්දු නොදිය යුතු යැයි කොළඹ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව අද ප‍්‍රකාශ කෙළේය.තමා හැමවිටම තීන්දු දෙනුයේ ඡන්ද, ද්වේෂ, භය, මෝහ යන සතර අගතිවලින් තොරව බවත් වැරැදි තීන්දු දෙන විනිසුරුවරුන් අපාගත වන බවත් විනිසුරු සඳහන් කළේය.සරත් ෆොන්සේකා හිටපු යුද හමුදාපති නිවැරැදිකරු යැයි සුදු කොඩි නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කළේ වරාවැව විනිසුරුවරයාය.

අද නඩු තීන්දුවෙන් දෙහිවල ව්‍යාපාරිකයකුට හා ත‍්‍රිරෝද රථ රියැදුරකුට මරණ දඬුවම නියම විය.දෙහිවල හාමර් පෙදෙසේ ඉඩම් කැබැල්ලක් අයිතිකර ගැනීමේ අරමුණින් එකම පවුලේ තිදෙනකු 2003දී මරා දැමූ දෙහිවල ව්‍යාපාරික හැරිසන් ජයවීරට සහ ත‍්‍රිරෝද රියැදුරු කේ.ඩබ්ලිව්.ඒ. සුනිල් ශාන්තට මරණ දඬුවම නියම කෙරිණි.ඔවුන් දෙදෙනා ඔස්ටින් චාල්ස් ෆැන්ක්ලීන් හාමර් - 79 (පියා), ඞීමර් හාමර් 31 (පුතා), ඬේසි ඈන් මැක්ලින් හාමර් 29 (දියණිය) මරා දැමූ බව නඩුවේදී ඔප්පු විය.වසර 28ක තම විනිසුරු දිවියේදී 40,000ක් පමණ නඩු විභාග කර ඇති බවත් මේ තුන් මිනී මැරුම ලංකා ඉතිහාසයේ අමානුෂික ඝාතනයක් බව විනිසුරු වරාවැව මහතා සඳහන් කළේය.

තමා තීන්දු දුන්නේ දෙවියන් බුදුන් ඉදිරියේදී පවා කෙලින් සිටගත හැකි අයුරින් යැයිද තම නඩු තීන්දු සියල්ල බුදු දහමට අනුකූල යැයිද විනිසුරු අවධාරණය කළේය.වරාවැව විනිසුරු පක්ෂග‍්‍රාහී බවද මුලසිටම තමා වැරැදිකරු කිරීමට ක‍්‍රියාකළ බවද පෝරකයට නියම වූ ව්‍යාපාරිකයා විත්තිකූඩුවේදී කීවේය.



යු. ඒ සෝමාවති නඩුව සහ උසාවිය

හර්ෂි සි.පෙරේරා

වසර 07ක් තිස්සේ රිමාන්ඩි එකේ සිටින වසර 06ක් තිස්සේ නිදියන නීතිපතිත් ඉන්න නඩුව දැන් ඔබට මතක ඇතැයි සිතමි. අංකය 51443 වු මෙම නඩුවේ අවසානයට කතා කර ඇති දිනය 2010. 11. 16 දිනය. එදා නීතපති උපදෙස් සදහාත් රිමාණ්ඩි දිර්ඝ කිරිමත් සිදුව ඇත. නීතිපතිට යළි සිහිකැදවිමක් යැවිමටද නියෝග කෙරේ. ඊළග නඩු දිනය 2010. 11. 30 දිනය.

නඩුවේ කාර්ය සටහන් ගැනිමට මෝෂන් දැමිය යුතුය. ඒ සදහා 2010. 11. 18 දින යන්නට සිදුවිය. මොෂන් දැමිමෙන් අනතුරුව ඊළග දිනයේ එනමි 2010. 11. 19 දින සල්ලි බැදිමට එන ලෙස දන්වන ලදි. 19 දින උදේ දහයට සිල්ලි බැදිමට ගියෙමි. එහෙත් නඩු වාර්තාව පහල කාර්යාලයට ගෙන විත් නැති නිසා පැය භාගයක් පමණ බලා සිටින්නට සිදුවිය. එහෙත් අවසානයේ රෙජිස්ටාර් කිවේ පසුව එන ලෙසය. එවිට නැවත සවස එන බව දන්වා ආපසු පැමිණියෙමිි.

වැවේ කරගත යුතු බැවින් නැවත සවස 2.15ට උසාවියට ගියෙමි. එවිට සේවිකාවක් ප්‍රකාශ කළේ නඩු වාර්තාව අත්සනට යැවු බවයි. සල්ලි බදින කොට වෙිලාව සවස 3.45යි. කාර්ය සටහන් දෙන්න බදාදාට එනමි අද 2010. 11. 24 එන්න කිවිවා.

මෝෂන් එකෙන් සියලු වැඩිදුර වාර්තා, මුලික සාක්ෂි, සංදේශය, වෙනත් වාර්තා සහ 2006. 01. 23 දින කාර්ය සටහන් වලට අදාල චුදිත තැනැත්තිය බන්ධනාගාරය හරහා යොමු කළ ලිඛිත ආයාචනය සහ 2010. 11. 04 දිනෙන් පසු සියලුම කාර්යසටහන් වල ඡායාස්ත පිටපත් ඉල්ලුවත් ෆොටෝකොපි යන්ත්‍රය කැඩි ඇති බව ප්‍රකාශ විය. එවිට මෝෂමේ ඡයා පිටපත් යන්න සහතික කළ සත්‍යය පිටපතක් ලෙස වෙනස් කිරිමට සිදුවිය. තවද ඉල්ලා ඇති ලේඛන වලින් නඩු පොතේ ඇත්තේ 2010. 11. 04 දිනෙන් පසු කාර්ය සටහන් පමණක් බවද ප්‍රකාශ විණි.

අද දහවල් 2.30ට පමණ කාර්ය සටහන් ගන්නට ගියා. යන කොට ටයිප් කරලා නැහැ. පස්සේ බලන් ඉදලා හවස 3. 05ට පමණ එය ලබා ගත්තා.

සියල්ල සදහා දින තුනක් කාලයත් මුදලුත් වැය කිරිමට සිදුවිය.

Tell a Friend