The Most/Recent Articles

Showing posts with label Media. Show all posts
Showing posts with label Media. Show all posts

කළු ජනවාරිය, කළු විරෝධය සහ මාධ්‍ය නිදහස (1)


- සුනන්ද දේශප්‍රිය –

ප්‍රකාශනයේ නිදහස

මාධ්‍ය නිදහස සහ නිදහස් මාධ්‍ය යනු දෙකකි. පළමුවැන්න බොහෝදුරටම සාක්ෂාත් කර ගත හැකි ය. දෙවැන්න සාක්ෂාත් කර ගැනීම ඉතා දුෂ්කර ය. මාධ්‍ය නිදහස යනු ප්‍රකාශනයේ නිදහසෙහි එක් මානයක් වන බැවින් මෙම ලිපියෙහි ලා මෙතැන් පටන් ප්‍රකාශනයේ නිදහස යන යෙදුම පාවිච්චි කරමි.
ප්‍රකාශනයේ නිදහස යනු බාධාවකින් තොරව මත දැරීමටත් කවර මාධ්‍යයකින් හෝ දේශසීම‌ා මායිම් නොතකා තොරතුරු සෙවීම, ලබා ගැනීම, බෙදා හැරීම සඳහා සෑම පුද්ගලයකු ම සතු අයිතිය යි.
එසේ නමුත් ප්‍රකාශනයේ නිදහස නිරපේක්ෂ අයිතියක් නොවේ. එය යම් යම් කොන්දේසි මගින් සීමා වෙයි. කොන්දේසි විරහිත ප්‍රකාශනයේ නිදහසක් ලොව කිසිම රටක නැත. මෙම සීමා මොනවාද යන්න ගැන මෙම ලිපිය අවසානයෙහි කෙටි විමසීමක් කරමි.

ප්‍රකාශනයේ නිදහස තියෙන්නේ පුරවැසියන්ටම පමණි

ප්‍රකාශනයේ අයිතිය ඇත්තේ පුරවැසියනට වන අපට මිස සමාගම් වලට හෝ රජයට හෝ නොවේ. සමාගම් හෝ රජයට මෙම අයිතිය ඇතැයි කියා කිසිදු මානව හිමිකම් නීතියක ලියා නැත. රජය වුව සමාගම් වුව පාවිච්චි කරන්නේ පුරවැසියන්ගේ එම අයිතිය යි.
මාධ්‍ය නිදහසේ සමාජ වගකීම පිළිබඳ මූලය එයයි. එනම් සමාගම් හෝ රජය හෝ පාවිච්චි කරන මෙම අයිතිය අයත් වන්නේ මහා ජනයාට නිසා ය. මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ කතිකාව පදනම් වන්නේ ද එම සංකල්පය මතය. අප මුහුණ දෙන ප්‍රශ්නය නම් ජනමාධ්‍ය ආචාර ධර්ම නැතිකම හෝ ජනමාධ්‍ය ප්‍රජාව ඒවා නොදැන සිටීම හෝ නොවේ. එම ආචාර ධර්ම මත යම් දුරකට හෝ ජනමාධ්‍ය බැඳ තැබිය හැකි ස්වයං නියාමන ආයතනික රටාවක් නොමැති වීම යි.
උදාහරණයක් නම් ඉන්දියාවෙහි ප්‍රමුඛ පුවත්පතක් වන ‘හින්දු’ හි ‘කියවන්නන්ගේ සංස්කාරක’ (readers editor) නමින් පිහිටුවා ඇති පුර්ණකාලීන තනතුර යි. එය වත්මනෙහි දරන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු සහ මාධ්‍ය ශාස්ත්‍රඥයෙකු වන ඒ. එස්. පනීර්සෙල්වම් විසිනි. හින්දු පුවතපතෙහි පළ වූ වාර්තාවක් මගින් යම් අසාධාරණයක් වූව හොත් ඔහුට ඒ බව ලියා යවා නිවැරදි කිරීමක් ලබා ගත හැකි අතර ඔහු වරින් වර ලිපි මගින් ද වැරදි භාවිතයන් නිවරද කරයි. ලොව යහපත් ජනමාධ්‍ය විසින් මෙවැනි යාන්ත්‍රණයන් පිහිටුවා ගෙන තිබෙන්නේ ජනමාධ්‍ය විසින් දැන හෝ නොදැන වැරදි කරනු ලබන බවට ඇති පිළිගැනීම නිසා ය.

කළු මාධ්‍ය හා කළු විරෝධය

කළු ජනවාරියෙහි ඇති වූ අගතිගාමී මාධ්‍ය භාවිතයන්ට එරෙහිව පවත්වන ලද කළු විරෝධය සහ ඊට එරෙහිව ඇති වූ යම් යම් ප්‍රතිචාර විසින් අප සමාජයේ යම් මාධ්‍ය සහ නිදහස පිළිබඳ මහත් විවේචනාත්මක උනන්දුවක් ඇති විය. ඒ කොතෙක්ද යත් අශිෂ්ඨ මාධ්‍ය ප්‍රතිචාරයන්ට විරෝධයක් ලෙස කලු විරෝධතාකාරියකුගේ ප්‍රති–අදහස් දැක්වීම ඇතුළත් යූ ටියුබ් වීඩියෝව දින කිහිපයක දී ලක්ෂ පහක් ජනයා විසින් නරඹා තිබුණි.
මාධ්‍ය නිදහසේ ‘කළු ජනවාරිය’ ජනවාරි 06 දා සිරස මාධ්‍ය ආයතනයට එල්ල වූ ගිනි බෝම්බ ප්‍රහාරයෙන් අැරඹී 08දා ලසන්ත ඝාතනයෙන් සංකේතවත් වී 24 වැනිදා ප්‍රගීත් පැහැරගෙන අතුරුදහන් කිරීමෙන් භයංකරත්වයට නැංවෙයි. මේ අතරතුර මෙරට මාධ්‍ය සහ මාධ්‍යවෙීදීන් වෙත එල්ල වූ තවත් බොහෝ ප්‍රහාරයන්ගෙන් ‘මාධ්‍ය නිදහසේ කළු ජනවාරිය’ පිරී තිබේ.

2015 ජනවරම පාවාදීම

අද මාධ්‍ය නිදහස ගැන කතා කරන මෙම ආණ්ඩුව පසුගිය සිව් වසර පුරාම මෙම එකදු ප්‍රහාරයක් සම්බන්ධයෙන් හෝ යුක්තිය ඉටු කිරීමට සමත් වී නැත. ඒ වනාහී 2015 ජනවරම නිසැක පාවාදීමකි.

මාධ්‍ය වල හැසිරීම කෙසේද ? 

දැන් ‘කළු ජනවාරියෙහි’ මාධ්‍ය ආයතන වෙත සිවිල් සමාජ පිරිස් විසින් දක්වන ලද ‘කළු විරෝධය’ මගින් ද එම විරෝධයට එරෙහිව කිලී මහාරාජාට අයත් සිරස මාධ්‍ය මගින් ද ටිරන් අලස්ට අයත් ‘මව්බිම’ මගින් ද මුදා හරින ලද අශිෂ්ඨ ප්‍රහාරයන්ගෙන් තවදුරටත් සංකේතවත් වෙයි.

ජනපතිගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය සාධාරණීකරණය කළ මාධ්‍ය

ජනාධිපති සිරිසේන විසින් දියත් කරන ලද ව‍‍්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් පසු යම් යම් මාධ්‍ය ආයතන එම කුමන්ත්‍රණය සාධාරණ කරමින් ඊට සහාය දැක්වීය. එපමණක් නොව සමහර මාධ්‍ය ආයතන ව්‍යවස්ථා කුමන්ත්‍රණය ජය ගැන්වීම පිණිස සිය පිටු සහ ගුවන් කාලය යෙදවූයේ ය. ශිෂ්ඨත්වය ඉක්මවා ගිය එකී භාවිතයන් මාධ්‍ය භාවිතාවෙහි නරකතම උදාහරණ ලෙස ජනමාධ්‍ය පාඩම් පොත්වලට ඇතුළත් විය යුතු තරම් ය.
එසේ වෙතත් යම් යම් මාධ්‍ය ආයතනය, සිරිසේන විසින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව කෙළෙසමින් ගන්නා ලද පියවරයන්ට සහාය දැක්වීම ප්‍රකාශන නිදහස කෙළෙසීමක් ද යන ප්‍රශ්නය දැන් නැගී තිබේ. මගේ අදහසේ හැටියට නම් එම හැසිරීම ප්‍රකාශන නිදහස කෙළෙසීමක් ලෙස හැඳින්වීම දුෂ්කර බව ය. සිරිසේන විසින් ගන්නා ලද පියවරයන් ව්‍යවස්ථාව හුදෙක් වැරදි ලෙස අර්ථ දැක්වීමක් මත පදනම් වූ බවට අයකුට තර්ක කළ හැකිය. එම වැරදි සහගත අර්ථ දැක්වීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන තුරු එම මතය දැරීමට අයිතියක් ඕනෑම අයකුට තිබිය යුතුය. එපමණක් නොව තමන් එම තීන්දුවට ගරු කරන නමුත් එය පිළිනොගන්නා බව කීමටත් එම තීන්දුව විවේචනය කිරීමටත් අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබිය යුතුය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සෑම විටම නිවැරදි යැයි ද කවර හෝ දේශපාලන ධාරාවක් විසින් සමාජ දේශපාලන වර්ධනයන් පිළිබඳ දක්වන අදහස් පමණක් නිවැරදි යැයි ද ජනමාධ්‍ය පිළිගත යුතු නම් එවිට ප්‍රකාශනයේ නිදහස අහෝසි වෙයි. අප සිරිසේනගේ කුමන්ත්‍රණය සහ මාධ්‍ය භාවිතාවන් දෙස බැලිය යුත්තේ මෙකී පදනම මත යැයි මම සිතමි.

මෙරට මාධ්‍ය දුෂ්ඨද ?

මෙරට ජනමාධ්‍ය දුෂ්ඨ ලෙස හැසිරී ඇත්තේ සිරිසේනගේ ක්‍රමන්ත්‍රණයට සහාය දීමේ දී පමණක් නොවේ. සුළුතර ජනවර්ගයන්, ස්ත්‍රීන්, වෙනස් ලිංගික ප්‍රජාවන්, එච්අයිවී අාසාදිතයින්, සංක්‍රමණිකයින් යනාදින් සම්බන්ධයෙන් මෙරට යම් යම් මාධ්‍ය විසින් දක්වනු ලබන්නේ වෛර සහගත දුෂ්ඨ භාවිතයකි.
අනෙක් අතට දුෂ්ඨත්වය පැන නගින්නේ බලය අයුතු ලෙස පැහැර ගැනීමේ සිරිසේන –රාජපක්ෂ ප්‍රයත්නයන්ට සහාය පළ කිරීම නිසා නොවේ. එම සහාය පළ කිරීමේ දී අනෙක් අදහස් යටපත් කරමින්, කුමන්ත්‍රණයට විරුද්ධකම් පෑම හෙළා දකිමින් සහ යම් යම් අවස්ථාවලදී විරුද්ධකම් පෑ පිරිස් බිය ගන්වනසුලු දාමරික හැසිරීම් නිසාය. සිරිසේන – රාජපක්ෂ පාර්ශ්වයට වැඩි ඉඩක් ලබා දුන් දේශපාලන වශයෙන් එම අක්ෂයේ කොටස්කරුවන් වූ සෑම මාධ්‍ය ආයතනයන් ම එවැනි දාමරික භාවිතාවකට ගියේ යැයි මින් අදහස් නොවේ.

රාජපක්ෂ සමයේදී රාජ්‍ය පාලිත ජනමාධ්‍ය වල හැසිරීම

අගතිගාමී ජනමාධ්‍ය පිළිබඳ ප්‍රශ්නය සෑම සමාජයකම පවතින දෙයකි. මෙරට මව්බිම, දිවයින, නෙත් එෆ්. එම්. , සිරස වැනි මාධ්‍ය පමණක් නොව රාජපක්ෂ සමයෙහි සියළුම රාජ්‍ය පාලිත ජනමාධ්‍ය පවා අතිශය අගතිගාමී මාධ්‍ය භාවිතාවන්හි යෙදී තිබේ. රාජපක්ෂ සමයෙහි රාජ්‍ය පාලිත ජනමාධ්‍ය දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි කැත සහ වෛර භාෂාව පාවිච්චි කරමින් සහ අභූත චෝදනා ඉදිරිපත් කරමින් ඉතාම පහත් පෙළේ මාධ්‍ය සංස්කෘතියක් ඇති කර තිබුණි.
අප අද අභීත ජනමාධ්‍යවේදියකු ලෙස සලකන ලසන්ත වික්‍රමතුංග සංස්කරණය කළ ‘සන්ඩේ ලිඩර්‘ පුවත්පත මැතිවරණ සමයන්හිදී අගතිගාමිත්වය අතින් සිටියේ හිණි මුදුනේ ය. එවැනි අවස්ථාවන්හිදී ජනමාධ්‍ය හැසිරීම විධිමත්ව නිරීක්ෂණය කළ අයකු වශයෙන් මා මේ සම්බන්ධයෙන් ලසන්ත සමඟ පවා සාකච්ජා කොට ඇත්තෙමි. ඔහු අනෙක් පාර්ශ්වයන්ට සාධාරණ ලෙස ඉඩ දුන්නේ ම නැති තරම් ය. ඔහුගේ පක්ෂපාතිත්වය තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ පාර්ශවයට ය. එජාපය තුළම සිටි අනෙක් පාර්ශවයන්ට ද ඔහුගේ ප්‍රහාර එල්ල වූ අවස්ථා තිබුණි. නමුත් ලසන්ත විරුද්ධවාදීන්ට එරෙහි වෛර බස හෝ පදනමක් නැති චෝදනා හෝ ඉදිරිපත් කළේ නැත.

පුද්ගලික ව්‍යාපාරිකයින්ට අයිති මාධ්‍ය වල හැසිරීම

දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ( ආගමික සහ සංස්කෘතික කණ්ඩායම් ද ඇතුළත්ව) විසින් පවත්වා ගෙන යන මාධ්‍යයන්ට ( මුද්‍රිත, විද්‍යුත් සහ අන්තර්ජාල යනාදී) සහමුලින්ම සිය මතය පමණක් දැක්වීමට අයිතියක් තිබේ නම් පුද්ගලික ව්‍යාපාරිකයිනට අයත් මාධ්‍යයන්ට එවැනි අයිතියක් නැතැයි කීමට සාධාරණ තර්කයක් නැත.
පුද්ගලික අංශයේ එවැනි මාධ්‍ය ආයතන සිය දේශපාලන මතවාදය සිය ග්‍රාහක ප්‍රේක්ෂක ජනයාට නිල වශයෙන්ම කියා සිටීම ශිෂ්ඨාචාරවත් ආචාර ධර්මීය පිළිවෙත ය. ව්‍යාජ ප්‍රචාරක පාඨ හැරුණ විට සිය සංස්කාරක පිළිවෙත කුමක්දැයි ලියා දක්වා ඇති විද්‍යුත් මාධ්‍ය ආයතනයක් මෙරට නැත. යාපනයේ ඩග්ලස් දේවානන්ද ටී.වී. යැයි හදුන්වන කේබල් රූපවාහිනී සේවයක් ඇති අතර දෙමළ සන්ධානයට පක්ෂ රූපවාහිනී සහ පුවත්පත් ද තිබේ. කොළඹ කේන්ද්‍ර කරගත් මාධ්‍ය බහුතරයක් අයත් වන්නේ දේශපාලන පවුල්වලට ය. එසේ වෙතැයි කියා අපට එම මාධ්‍ය ආයතනයන්ට සීමා පනවන සේ ආණ්ඩුවට කියා සිටිය නොහැකි ය. මෙරට ආණ්ඩුව යනු අතිශය පක්ෂග්‍රාහී දැවැන්ත මාධ්‍ය ජාලයක පාලකයා ය. ආණ්ඩුවකට එම බලතල ලබා දීමෙන් සිදු වන්නේ ආණ්ඩුවේ මර්දන බලයට තටු ලබා දීමකි.
එසේ නම් අශිෂ්ඨ සහ දුෂ්ඨ භාවිතාවක යෙදෙන මාධ්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශනයේ නිදහස සිමා විය යුත්තේ කෙලෙස ද යන ප්‍රශ්නය අප හමුවේ ඉදිරිපත් වෙයි. ප්‍රකාශනයේ නිදහස නිරපේක්ෂ නොවන්නේ නම් එයට ඇති සීමා මොනවාද ?

ප්‍රකාශනයේ නිදහසේ නාමයෙන් ආගමික නිදහස කෙලෙසිය නොහැකිය

එම සීමා ඉතා සීමිතය. මෙම සීමාවන්හි බෙදුම් රේඛාව වන්නේ කවර මානව හිමිකමකින් හෝ වෙනත් මානව හිමිකමක් කෙලෙසිය නොහැකිය යන මූලධර්මය යි. එක් නිදසුනක් නම් ප්‍රකාශනයේ නිදහසේ නාමයෙන් පුද්ගලිකත්වයට ඇති නිදහස කෙළෙසිය නොහැකිය යන්න යි. ප්‍රකාශනයේ නිදහසේ නාමයෙන් ආගමික නිදහස කෙලෙසිය නොහැකිය යන්න තවත් නිදසුනකි.
එසේ නම් කලු ඇදගත් සිවිල් ජන පිරිසක් ජනමාධ්‍ය ආයතන ඉදිරියෙහි විවිධ සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම ප්‍රකාශනයේ නිදහසේ නාමයෙන් මාධ්‍ය නිදහසට බාධා පැනවීමක්ද නැත්ද යන්න දැන් අප හමුවේ ඇති ප්‍රායෝගික ප්‍රශ්නයකි.
මතු සම්බන්ධයි

සබැඳි පුවත්

වගකීමෙන් යුතු මාධ්‍යක් වෙනුවෙන් ජනතාව පෙරට


මාධ්‍ය රටක ජනමතය තීරණය කරන ප්‍රබලතම සාධකයයි. රටක සිව්වන ආණ්ඩුව වශයෙන් හඳුන්වනු ලබන මාධ්‍ය මගින් පෙරළා සමාජය වෙත ලබාදෙන්නේ කුමක්ද ? යන්න ගැන ප්‍රශ්න කිරීමේ අයිතිය මහජනතාව සතුය.





අද (10) දින එ් කාර්යයේ සමාරම්භක අවස්ථාව සනිටුහන් විය. කලාකරුවන්, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් ආදීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන වෙත ගිය අතර පොදු දේපළක් වන ජනතාවගේ සංඛ්‍යාත භාවිත කරමින් සත්‍ය ගවේෂණය හා වාර්තාකරණය, ස්වාධීනත්වය, හිංසනය අවම කිරීම හා වගවීමෙන් යුතුව වාර්තාකරණයේ නිරත වන ලෙස දන්වා ලබාදුන් සන්දේශය පහතින් වේ.









‘‘මාධ්‍ය ආයතන හිමිකරුවනි, මාධ්‍යවේදිනි, 






අපි ඔබ ගැන අවධානයෙන්!





මාධ්‍ය ආයතන හිමිකරුවෙකු හෝ මාධ්‍යකරුවෙකු ලෙස ඔබ කරමින් සිටින්නේ කුමක්ද ? මාධ්‍ය සදාචාරය හා සමාජ වටිනාකම් පිළිබඳව, නැවතත් ඔබට සිහි කැඳවන්නට සිදුව ඇත්තේ ඔබ පසුගිය ඔක්තෝබර් 26 වනදා සිදු වූ ව්‍යවස්ථා විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණයේම කොටස්කරුවෙක් ලෙස, අමු අමුවේම මාධ්‍යකරණයේ අවම සමාජ වටිනාකම් පවා බිඳ දමමින් සාහසික මාධ්‍යකරණයක යෙදුනු නිසාය. මෙම සාහසික මාධ්‍යකරණය අද ඊයෙක වුවක් නොවේ. නමුත් විශේෂයෙන් පසුගිය ඔක්තෝබර් 26න් පසු ඔබගේ මාධ්‍යකරණයේ භූමිකාව විසින් පෙන්වා දෙන්නේ ජනමාධ්‍ය වලට කොතරම් අවිචාරී විය හැකිද යන්නයි. එහිදී නිශ්චිත දේශපාලන කණ්ඩායමක ව්‍යවස්ථා විරෝධී හා නීති විරෝධී ක්‍රියාවන් නියෝජනය කරමින් හා එය සාධාරණීකරණය කරමින් සිදු කල ක්‍රියාවන් විසින් උල්ලංඝනය කලේ, මාධ්‍ය විසින් ප්‍රජාතන්ත්‍රවාදී හා අවම සදාචාරසම්පන්න භාවිතයක යෙදෙනු ඇතැයි යන ජනතාවගේ අපේක්ෂාවය. විශේෂයෙන් විද්‍යුත් මාධ්‍යකරණයේ යෙදෙන ඔබ විසින් භුක්ති විඳින්නේ හා ලාභ උපයන්නේ, මහ ජනතාවගේ දේපලක් වන සංඛ්‍යාත වලින් බව අප සිහිපත් කරනු කැමැතිය. ඒ නිසාම මහජනතාවට ඔබගේ භාවිතයන් ප්‍රශ්න කිරීමට අයිතියක් ඇත. එම අයිතිය මුර්තිමත් කිරීම වෙනුවෙන් ඔබගේ මාධ්‍ය අවභාවිතය පිළිබඳව අවධානයෙන් සිටින පුරවැසියන් ලෙස, ජනතාවට වගවන සදාචාරසම්පන්න මාධ්‍ය භාවිතයක් සඳහා මෙම කරුණු කිහිපය ඔබට මතක් කර දීමට කැමැත්තෙමු.









සත්‍ය ගවේෂණය හා වාර්තාකරණය 






ඔබගේ වාර්තා කිරීමට අදාල කරුණු නිවැරදිව ලබා දීම හා එම වාර්තා නිවැරදි බවට වගවීම අත්‍යාවශ්‍යය. උදාහරණයක් ලෙස මෑතකදී එක්තරා මාධ්‍යයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසිරවීමට ගත් පියවර ව්‍යවස්ථා විරෝධී යයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නඩු තීන්දුව වාර්තා කොට තිබුනේ, “ජනපති ප්‍රකාශයට පත් කල මහා ඡන්දය ශ්‍රේෂ්ඨාධිකරණය අත් හිටුවයි” යනුවෙනි. මෙය නඩු තීන්දුව වාර්තා කිරීමක් නොව මුළුමනින්ම කරුණු විකෘති කිරීමකි. මෙම කාල සීමාව තුල මෙවැනි අභුත පුවත් මැවීම් තුළ, මාධ්‍ය විසින් ප්‍රේක්ෂක, ග්‍රාහක හා පාඨක සමාජය අපහරණයට ලක් කරනු ලැබීය.









ස්වාධීනත්වය 






මාධ්‍ය මුදලාලිකරණය වීම හරහා එළිබසින, ඔබලාගේ දේශපාලන හා ආර්ථික අභිලාශයන් පිහිටා ඇත්තේ, ‘ජනමාධ්‍ය ස්වාධීන විය යුතුය’ යන මහජන අපේක්ෂාවට එපිටින් බව රහසක් නොවේ. එහෙත් එම අභිලාශ ඔබගේ මෙන්ම තවත් කිහිප දෙනෙකුගේ පටු අභිලාශයන් මිස සමස්ත මහජනතාවගේ කැමැත්ත හෝ අවශ්‍යතාවය නොවන බව මතක් කිරීමට කැමැත්තෙමු. සෑම කතාවකටම අවම වශයෙන් දෙපැත්තක් ඇත. මෙම දෙපැත්තටම අදාළ කරුණු සන්නිවේදනය කිරීමට නොහැකි වුවද, අපක්ෂපාති හා සාධාරණ ලෙස එම කතාවට අදාළ සංධර්භය එළි කිරීම ඔබගේ වගකීමකි.









හිංසනය අවම කිරීම 






විවිධ ආණ්ඩු මගින් ක්‍රියාත්මක කරන ලද වර්ගවාදී සහ ජාතිවාදී ක්‍රියාකලාපයන් වල ප්‍රතිඵලයක් ලෙස, රටට අත්පත් කර දුන් තිස් වසරක සිවිල් යුද්ධයෙන් අප සැවොම හෙම්බත්ව ඇත. එම ක්‍රියාවලිය විසින් හා දේශපාලන ක්‍රියාවල අත්තනෝමතිකත්වය විසින් ජාතිවාදය වපුරා ඇති බිමක, තවදුරටත් මේ රට එම දිශාවට රැගෙන නොයාමට ඔබට විශාල වගකීමක් ඇත. සිංහල, දෙමළ, මුස්ලිම් හා අනෙකුත් ජනවර්ග අතර සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන්, ඉතිහාසය විසින් ඔබට පවරා ඇති වගකීම මග හැර, ජාතිවාදය පෝෂණය කරන අධිපති මතවාදයන් නියෝජනය කරන්නේ මන්ද? එසේම ඔබගේ බොහෝ වාර්තාකරණයන්ගෙන් පසුව වින්දිතයන්ට අත්වන ඉරණම පිළිබඳ ගණන් බැලීමක් සිදු නොකරන බව පැහැදිලිය. උදාහරණයක් ලෙස මෑතකදී මාතර සිදුවූ පාසල් සිසුවෙක් විසින් තවත් සිසුවෙක් මරා දැමීමට අදාළ රූප පෙළ, අමු අමුවේම ප්‍රචණ්ඩත්වය ප්‍රචාරය වන අයුරින් පෙන්වීම ආදිය ඉතාම නින්දිත මාධ්‍ය භාවිතයක් බව නොකිවමනාය. මේ ආකාරයෙන්ම ස්ත්‍රීන්, ළමුන්, සමරිසි ප්‍රජාවන්ගේ හා අනෙකුත් චුදිතයන් සම්බන්ධ වාර්තාකරණයන්වලදී කිසිඳු සදාචාර වටිනාකමකින් බැඳී සිටින බවක් පෙන්නුම් කරන්නේ නැත. ඒ අනුව ඔබ විසින් යොදා ගන්නා මාධ්‍ය රූප සහ වචනාර්ථ පිළිබඳ වග වන ලෙස ඔබට මතක් කර දීමට කැමැත්තෙමු. 






වගවීම 






හරවත් මාධ්‍ය භාවිතයක් ජනතාවට වග විය යුතුය. එම වගවීම ඇත්තේ සාධාරණ, යුක්තිගරුක, සියලු දෙනාට නිදහසේ ජීවත් විය හැකි සමාජයක් ඉල්ලා සිටින බහුතර ජනතාවට මිස, ආර්ථික වාසි මුල් කරගත් සුළුතර පිරිසකගේ අභිලාශවලට නොවන බව මතක් කර දීමට කැමැත්තෙමු. 
මාධ්‍යවල පැවැත්ම ඇත්තේම ප්‍රජාතන්ත්‍රවාදී උරුමයක් වන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තුලයි. පරමාධිකාරිවාදී අත්තනෝමතික පාලනයන් තුල මාධ්‍යකරුවා අණබෙර ගසන්නෙකුට නැතිනම් වන්දි භට්ටයෙකුට වෙනස් නොවේ. ඔබේ වෘත්තියට අර්ථයක් හා වටිනාකමක් එක් වන්නේ ඔබගේ ප්‍රකාශන හා තොරතුරුවල ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ඔබ ආරක්ෂා කරන්නේ නම් පමණි. තවද ඔබට හිමිව ඇති මාධ්‍ය බලපත්‍රය යනු, රටේ පාලන බලය හැසිරවීම වෙනුවෙන් ප්‍රධානය කළ බලපත්‍රයක් නොවන බව මතක් කිරීමට කැමැත්තෙමු. ඒ අනුව සමස්ථ මාධ්‍ය භාවිතාව තුළ සුරැකිය යුතු සමාජ වටිනාකම් ගැන සංවාදයට එළැඹීම හා ඒ වෙනුවෙන් ක්‍රියාකිරීම ඔබගේ වගකීමකි. අවසාන වශයෙන් කිව යුත්තේ අප ඔබ දෙස බලා සිටින බවය. 






ශ්‍රී ලංකාවේ කාන්තාවෝ 
අලුත් පියාපත් 
අලුත් පරපුර 
මාරුතයේ හඬ 
දිදුලන හදවත
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලු 
වෘතීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය 
සාධු ජනරාව 
නැගී සිටිමු ශ්‍රී ලංකා 
චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය 
අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව 
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥවරු..‘‘





















සබැඳි පුවත්





ජඩ මාධ්‍යකරණය ගැන ප්‍රශ්න කරන්න ජනතාව පෙරට


ජඩ මාධ්‍යකරණය ගැන ප්‍රශ්න කරන්න ජනතාව පෙරට එයි






මාධ්‍ය රටක ජනමතය තීරණය කරන ප්‍රබලතම සාධකයයි. රටක සිව්වන ආණ්ඩුව වශයෙන් හඳුන්වනු ලබන මාධ්‍ය මගින් පෙරළා සමාජය වෙත ලබාදෙන්නේ කුමක්ද ? යන්න ගැන ප්‍රශ්න කිරීමේ අයිතිය මහජනතාව සතුය.









අද (10) දින එ් කාර්යයේ සමාරම්භක අවස්ථාව සනිටුහන් විය. කලාකරුවන්, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් ආදීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන වෙත ගිය අතර පොදු දේපළක් වන ජනතාවගේ සංඛ්‍යාත භාවිත කරමින් ජාතිවාදය, මිත්‍යාව වැපිරවීම නොකරන ලෙසත් දන්වා සිටි අතර අතර රජයේ මාධ්‍ය වෙත විශේෂයෙන්ම ජනතාව වෙනුවෙන් සැකසුණු වැඩසටහන් ඉදිරිපත් කරන ලෙසත් දන්වමින් සන්දේශයක් භාරදීම සිදුවිය.





ප්‍රමුඛ පෙළේ රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා වලට මේ පණිවිඩය ලබාදුන් අතර මේ අතරින් සමහර ආයතන මොවුන්ගේ පණිවිඩයට සවන්දීමට වත් අවකාශය නොදුන් බව දැකගත හැකිවිය.









මේ අවස්ථාවට සංවිධාන 21 ක් නියෝජනය කරන සාමාජිකයින්ගේ දායකත්වය හිමිවු අතර ශ්‍රී ලංකාවේ කාන්තාවේ, අලුත් පියාපත්, අලුත් පරපුර, මාරුතයේ හඬ, දිදුලන හදවත, සාධූ ජනරාව, නැගී සිටිමු ශ්‍රී ලංකා, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමය, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වු නීතිඥවරු, සමබිම, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ආදී සංවිධාන ගණනාවක් ඒ අතර වේ.










https://www.facebook.com/kasun.pussewela/videos/10212215443572434/




‘මාධ්‍ය සගයිනි, ඔබගේ වෘත්තීය වගකීම ජනතාව වෙනුවෙනි, හිමිකරුවන් වෙනුවෙන් නොවේ‘





‘ජනතාවනි ජනමාධ්‍ය පිළිගනිමු - ජඩමාධ්‍ය ප්‍රතික්ෂේප කරමු





‘ලයිසන් දුන්නේ කුමන්ත්‍රණ සඳහා නොවේ‘





‘පොදු අයිතියක් වූ ගුවන් සංඛ්‍යාත මාධ්‍ය ව්‍යාපාරිකයන්ගේ බූදලයක්ද ?‘





‘අපගේ සටන ජඩ මාධ්‍යකරණයට එරෙහිවයි‘ ආදී පාඨ මෙහිදී දැකගත හැකිවිණි.










https://www.facebook.com/kasun.pussewela/videos/10212215154285202/




















ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයෙනි


රාජ්‍ය මාධ්‍යයට එරෙහි අනිසි බලපෑම් වහා පාලනය කළ යුතුයි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර  අගමැති ධුරය සම්බන්ධයෙන් මේ මොහොතේ ඇතිවී තිබෙන අරගලය හේතුවෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන සහ ඇතැම් මාධ්‍යවේදීන්  වෙත එල්ලවන  අහිතකර බලපෑම් පාලනය කිරීමට කඩිනමින් මැදිහත් වන ලෙස නිදහස් මාධ්‍ය  ව්‍යාපාරය සියලු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බව එහි කැඳවුම්කරු සි. දොඩාවත්ත මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයකින් දක්වා තිබේ.


මෙහි වැඩිදුරටත් දක්වා තිබෙන්නේ, ‘‘අදාළ නොවන පුද්ගලයන් රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත ඇතුළු වීමේ අවස්ථා සහ එම ආයතන තුළ සේවයෙහි නිරත මාධ්‍යවේදීන්ට අයථා බලපෑම් එල්ල කිරීමේ  අවස්ථා කිහිපයක් මේ වනවිට වාර්තා වී තිබේ. එබඳු බලපෑම් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිදහසට මෙන්ම සමාජයෙහි ප්‍රජාතන්ත්‍රවාදයේ යහ පැවැත්මටද අනතුරක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකයි.


පසුගිය යුගය තුළ දේශපාලන අසාධාරණයන්ට  ගොදුරුවූවන් සිටී නම් සිදුවිය යුත්තේ විධිමත් ලෙස  කරන සොයා බැලීමකින් ඔවුන්ට සාධාරණය ඉටු කිරීමය.  එසේ නොමැතිව  සිදුවෙමින් තිබෙන වෙනස්කම් හමුවේ තවත් කිසිවෙකුට එවැනි අසාධාරණයක් සිදු නොකිරීමට වගබලාගන්නා ලෙසද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිවයුතු අංශ වෙතින් ඉල්ලා සිටියි‘‘ යන්නයි. 


 



 

 

වීඩියෝ - අන්තර්ජාලය ඇසුරිනි

 

 

තිලක් ජයරත්න: පුරෝගාමියකුගේ නික්ම යෑම

| සුනන්ද දේශප්‍රිය

අද උදෑසන නික්ම ගිය තිලක් ජයරත්න නූතන ශ්‍රී ලාංකික කලා සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පුරොගාමී මෙහවරක් ඉටු කළ අල්පයක් බහුශ්‍රැතයින් අතර සිය මුද්‍රාව නොමැකෙන ලෙස සටහන් කළ අපේ එකෙකි.

තිලක් අප බොහෝ දෙනෙකුට සගයෙකි. සහෝදරයෙකි. ගුරුවරයෙකි. ඔහු නික්ම ගියද ඔහුගෙන් අප උගත් දෑ නික්ම නොයනු ඇත.

ගුවන් විදුලි සේවාවන් මහජන සේවා බවට පත් කිරීමට සිංහල සේවා අධ්‍යක්ෂක වශයෙන් ඔහු තැබූ පියවර සාක්ෂාත් නොවූවද මෙරට දී අසන්නාගේ හ~ ප්‍රථමයෙන්ම ගුවන් විදුලි තරංග කරා ගෙන ආවේ ඔහු ය. අද අසන්නට නැති ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවය ස්වාධීන විචාරත්මක වැඩ සටහනක් ලෙස ගොඩ නැගුවේ ඔහු ය.

අද්විතීය පුරෝගාමී පියවරක් වූ ටෙලි නාට්‍ය කලාවෙහි නව මං සෙවූ ක~ුල්ල රූපවාහිනී සිත්තම ඔහු අපට දුන් සදාතනික දායාදයකි. ඒ මෙරට රූපවාහිනියේ ආරම්භක අවදියේදී ම ය.

බිදුණුවැව දෙමළ සැකකරුවන් ඝාතනයේ ජනමාධ්‍ය ආවරණය විමර්ශනය කරමින් ලියන ලදල අධිපති ජනමාධ්‍ය වාර්තාකරනය විඛණ්්ඩනය කළ බිදුුන වැව ජනමාධ්‍ය අඛ්‍යානය ගැටුම් වාර්තාකරනයේලා සදාකාලික අත් පොතකි. ජනමාධ්‍ය නිරීක්ෂනය සඳහා අත් වැළකි.

මැතිවරණ ආවරණය උදෙසා ඔහු විසින් සකස් කල ජනමාධ්‍ය මඟ පෙන්වීම් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගනු ලැබූයේ කළකට පෙර ය. ඒ මඟ පෙන්වීම් ක්‍රියාවට නැගුනේ නම් මැතිවරණ ක්‍රියාවලිය නිදහස් සහ සාධාරණවීමට මහඟ= සහායක් වන්නට තිබුණි.

මෑත කාලීන ශ්‍රී ලංකාවේ එකම මහජන සේවා ජනමාධ්‍ය ආයතනය යැයි කිව හැකි ඌව ප්‍රජා ගුවන් විදුලි සේවය පිහිටුවා එහි ජනමාධ්‍යවේදී පරපුර පුහුණු කරන ලද්දේ තිලක් ජයරත්නය.

ඔහුගේ ලබැඳි සිහිනයක් වූ ප්‍රජා ගුවන් විදුලි සේවා යතාර්ථයක් වීම සැම වරණයකම දේශපාලඥයින් විසින් වළක්වන ලද නමුත් ඒ සිහිනය සැබෑ වන දිනෙක තිලක් නැති අඩුව පිරිමැසිය නොහැකි වනු නොඅනුමානය.

තිලක් ජයරත්න ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ ප්‍රථම අධ්‍යක්ෂවරයා විය. එනමුත් අවාසනාවකට මෙන් ඔහුගේ සේවය පවත්වා ගැනීමට ආයතනය අසමත් වුයේ ජනමාධ්‍ය ව්‍යාපාරිකයින්ට ඔහු නොගැලපුන නිසා ය.

තිලක් සිය අරමුණු අතර සමාජ සාධාරණත්වයත් සහ ධනවාදයට විකල්පයක් ලෙස සමාජවාදයත් සෑමවිටම පවත්වා ගත්තේ ය.
තිලක් ජයරත්නගේ නික්ම යෑම පිරිමැසිය නොහැකි ය.

එනමුත් ඔහු විසින් තබා ගිය පිය සටහන් ජනමාධ්‍යයේ යෙදී සිටින අප බොහෝ දෙනෙකුට උදා තරු වැන්න. 

තිලක් ආයුබෝවන්. නැවත හමුවෙමු.



මාධ්‍යය හිමිකාරිත්වය සහ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස


l නිර්මාල් රංජිත් දේවසිරි

පසුගිය සතිය වනතෙක්ම මම මෙම තීරුලිපිය රචනා කරන ලද්දේ ඉරිදා ලක්බිම පුවත්පතටයි. ඒ අනුව ගියවර රාවය පුවත්පතේ පුවත්පතේ පලවූ කොටස ද නියමිත කාලයට ලක්බිම කර්තෘ මණ්ඩලය වෙත ලැබීමට සැලැස්සුවෙමි. නමුත් නියමිත පරිදි එම තීරුලිපිය අදාල පුවත්පතේ පළවූයේ නැත. මම ඒ සම්බන්ධයෙන් ලක්බිම කර්තෘ මණ්ඩලයෙන් විමසීමක් කළවිට ඔවුන්ගෙන් ඉදිරිපත්වූ කරුණු දැක්වීමෙන් මට හැඟී ගියේ එය පළ නොවීමට හේතුව එහි අඩංගුව බවය. විශේෂයෙන්ම පුවත්පතේ හිමිකාරිත්වයේ අභිලාෂ සහ මගේ ලිපියේ අඩංගුව අතර පරස්පරයක් ඇතිබව කර්තෘ මණ්ඩලය තීරණය කිරීම මගේ ලිපිය පළනොවීමට බලපෑ බව මට වැටහිණි.

මගේ අදහස වන්නේ මේ සිදුවීම හරහා ලංකාවේ පවත්නා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස මෙන්ම තොරතුරු දැනගැනීමේ නිදහස සහ ඒවාට ඇති සීමාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට හැකි බවයි. පෙනෙන විදිහට මෙම ලිපිය ලක්බිම පුවත්පතේ පළ නොවීමට ප‍්‍රධාන හේතුව වූයේ එමගින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගොඨාභය රාජපක්ෂ විවේචනයට ලක්කරනු ලැබ තිබීමයි. සාමාන්‍යයෙන් මගේ ලිපියේ අඩංගු කරුණු වලට වඩා මේ ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් ලක්බිම පුවත්පතේ පළ වීම දක්නට පුළුවන. එය එසේ නම් මෙම ලිපිය පළනොවීමට හේතුව කුමක්දැයි යන්න පිළිබඳව කෙනෙක් තුළ විමතියක් ඇතිවීමට ඉඩ තිබේ.

එය තේරුම් ගන්නේ කෙසේ ද?

වර්තමානයේ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ දක්නට ලැබෙන ප‍්‍රමුඛ ලක්ෂණයක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධව විවේචනාත්මක දේ පළ කිරීම තහංචියක් බවට පත්වී තිබීමයි. විද්‍යුත්මාධ්‍යවල ඒ මහතා සම්බන්ධයෙන් විවේචනාත්මක යමක් ප‍්‍රකාශකෙරන සෑම අවස්ථාවකම හඬ නිහඬ කිරීම සිදුවේ.

මෙම සීමා කිරීම අපට ආකාර කීපයකට තේරුම් ගැනීමට පුළුවන. ඒවා මෙම මාධ්‍ය ආයතනවල සේවයකරන මාධ්‍යවේදීන්ම තමන්ගේ ස්ව්‍යං තක්සේරු මත කරන සීමා කිරීම් විය හැක. එසේත් නැතහොත් තම ආයතනයේ සේවා යෝජකයාගේ අභිලාෂ සහ වාර්තා කෙරෙන තොරතුරු අතර කිරාමැන බැලීමකින් පසුව කෙරෙන සීමා කිරීම් විය හැක. එසේ නැතහොත් ඒවා හිමිකරුවන්ගේ සෘජු දෛනික මැදිහත් වීමි වල ස්වරූපයෙන් ද සිදුවිය හැක.

ලංකාවේ වර්තමාන මාධ්‍ය සංස්කෘතිය තුළ මාධ්‍යවලින් ඉදිරිපත් කෙරෙන තොරතුරු නිෂ්චය කිරීමේ ලා වඩාත් බලපෑම සහගත වන්නේ දෙවනුව කී කාරණයයි. මේ සඳහා බලපාන ප‍්‍රධාන කරුණු දෙකක් අවධාරණය කිරීමට මම කැමැත්තෙමි. ප‍ළමුවෙනුව වර්තමානයේ ලංකාවේ මාධ්‍ය ආයතනවල හිමිකාරිත්වය දරණ පුද්ගලයින් හා පවුල් එක්කෝ පාලක ප‍්‍රභූ තන්ත‍්‍රයේ සෘජු කොටස්කරුවන් වන අතර නැතහොත් ඒ සමඟ කිට්ටු සබඳතා ඇත්තවුන්ය. එසේ නැතහොත් එම පාලක ප‍්‍රභූ තන්ත‍්‍රය කිසියම් ආකාරයකට හසුරුවා ගැනීමට අවශ්‍ය කරන පිරිස්ය. මේ නිසා තම මාධ්‍ය ආයතන පාලනය කරනු ලබන්නේ එම සබඳතා පවත්වාගෙන යාමේ හා ඒවා හැසිරවීමේ මාධ්‍යයන් වශයෙනි. මෙම තත්වය ලංකාවට විශේෂ වූවක් නොවන බව පැහැදිළිය. නමුත් ලංකාව වැනි පූර්ව-ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණ සංස්කෘතියක් තිබෙන සමාජයක මේ තත්වය දේශපාලන වශයෙන් වඩා බලපෑම් සහගතවේ.

දෙවනුව ලංකාවේ මාධ්‍ය සංස්කෘතිය තුළ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන හිමිකාරිත්වය අතර පවත්වා සමිබන්ධතාවය ඉතාම සෘජු එකකි. බොහෝවිට මෙම සමිබන්ධතාවය දෛනික මට්ටමින් අදාල මාධ්‍යයේ ක‍්‍රියාකාරිත්වය නිරීක්ෂනය කරන මට්ටම දක්වා කිට්ටු එකක් වීම දක්නට ලැබේ.

මෙහිදී අපගේ සාකච්ඡාවට ප‍්‍රස්තූතවන ලක්බිම පුවත්පත අපට මේ සම්බන්ධයෙන් කදිම නිදර්ශනයක් සපයයි. එක් අතකින් ලක්බිම පුවත්පත අයත් ව්‍යාපාරික පවුල දැනට ලංකාවේ පාලක ප‍්‍රභූවේ ඓන්ද්‍රිය කොටසක් වේ. එම පවුලේ සාමාජිකයින් අතරින් ලක්බිම පුවත්පත සහ ඊට අයත් සෙසු පුවත්පත් වල ප‍්‍රධාන මෙහෙයුම්කරුවා වන තිලංග සුමතිපාල ආණ්ඩු පක්ෂයේ සිටින බෙහෙවින් ඉහල දේශපාලන අභිලාෂ සහිත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකි.

මෙහිදී මෙම මාධ්‍ය ආයතන මුහුණදෙන ප‍්‍රධාන ගැටලූවක් වන්නේ ලාභ මුල් කරගත් තම ආර්ථික අභිලාෂ හා එම ආර්ථික අභිලාෂ වලට එරෙහිව යා හැකි ආයතන හිමිකාරිත්වයේ දේශපාලන අභිලාෂ අතර සංහිඳියාවක් ඇතිකරන්නේ කෙසේද යන්නයි. මෙහිදී ගැටලූව මතුවන්නේ තම ආයතන හිමිකරුගේ දේශපාලන අභිලාෂවලට සංවේදී වන අතරම ඊට එරෙහිව යාමේ විභවයක් සහිත තොරතුරු අපේක්ෂාකරන පාඨක සමූහය ද තම වෙළඳපොලේ කොටස් කරුවන් බවට පත්නරගැනීම පිළිබඳ පරස්පර විරෝධී තත්වය මතුවූ විටය.

කිසියම් මාධ්‍යයක ඉලක්ක වෙළදපොළේ දක්නට ලැබෙන සුවිශේෂතා මතද මෙම තත්වය බොහෝ දුරට රඳාපවතී. දිවයින වැනි පුවත්පතක් ගත්කල්හී එය එහි හිමිකාරිත්වයේ ආසන්න දේශපාලන අභිලාෂ වලින් කිසියම් දුරකට ස්වායත්ත වූ දෘෂ්ටිවාදී ව්‍යාපෘතියක් වෙනුවෙන් පෙනී සිටී. එම දෘෂ්ටිවාදී ව්‍යාපෘතිය කිසියම් දුරකට එම පුවත්පතේ වෙළඳපොළ සීමාකරන බව ද පෙනේ. නමුත් ඊට සාපේක්ෂව ගත්කල්හී ලක්බිම පුවත්පත සමිබන්ධ තත්වය වෙනස්ය. ඊට එවැනි සවිඥානික දෘෂ්ටිවාදී ව්‍යාපෘතියක් ඇත්තේ නැත. එම නිසා තොරතුරු වෙළඳපොළේ පවත්නා ඕනෑම ඉල්ලූමක් සංතෘප්ත කිරීමට එය විභවාත්මකව සැදී පැහැදී සිටී.

වෙන ඕනෑම මාධ්‍යයකට මෙන්ම ලක්බිම පුවත්පතටද මෙහිදී විවිධ බාහිර සීමා ඇත. සදාචාරය පිළිබඳ සීමා, රටේ දේශපාලන සංස්කෘතිය, අධිපති දෘෂ්ටිවාද වල බලපෑම් ඒ අතරින් ප‍්‍රධානවේ. නමුත් මෙහි දී පවතින ප‍්‍රධාන සිමාව වන්නේ පුවත්පතේ හිමිකාරිත්වයේ ආසන්න දේශපාලන අභිලාෂයන්ය. විශේෂයෙන්ම තම හිමිකරුවා තරඟකරන මැතිවරණ වලදී ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රචාරක අවියක් වන මටිටමට මෙම සීමාව බලවත්ය.

MTV MBC (සිරස) මාධ්‍ය ආයතන සමූහය සලකා බැලූවහොත් මෙම තත්වයේ තවත් පැත්තක් හඳුනාගැනීමට පුළුවන. මැතිවරණ දේශපාලනයට සෘජු සම්බන්ධයක් සහිත ලක්බිම හිමිකාරිත්වයේ මෙන් නොව මෙම ආයතන සමූහය උත්සාහ කරන්නේ දේශපාලන භූමිය හා එහි ප‍්‍රමුඛ චරිත තම හිමිකාරිත්වයේ අභිලාෂ වලට සරිලන ලෙස හැසිරවීමේ උපකරණ ලෙස තම මාධ්‍යය මෙහෙයවීමටයි. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර අර්බුදයේදී රනිල් වික‍්‍රමසිංහ පිලට එරෙහිව සජිත් ප්‍රෙමදාස පිල වෙනුවෙන් විවෘතවම කටයුතු කිරීම දෙස බැලූවිට මෙම තත්වය මනාව පෙනී යයි.

කෙසේ වෙතත් මෙම තත්වය තුළ අවසාන වශයෙන් පරදුවට තැබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට අත්‍යාවශ්‍යය අංගවන පුරවැසියාට බාධාවකින් හා සීමාවකින් තොරව තොරතුරු දැනගැනීම සඳහා සහ සිය අදහස් අන්‍ය පුරවැසියන් සමඟ බෙදාහදා ගැනීම සඳහා මාධ්‍ය අවකාශය භාවිත කිරීමට තිබිය යුතු හැකියාවයි.