ජඩ මාධ්‍යකරණය ගැන ප්‍රශ්න කරන්න ජනතාව පෙරට එයි






මාධ්‍ය රටක ජනමතය තීරණය කරන ප්‍රබලතම සාධකයයි. රටක සිව්වන ආණ්ඩුව වශයෙන් හඳුන්වනු ලබන මාධ්‍ය මගින් පෙරළා සමාජය වෙත ලබාදෙන්නේ කුමක්ද ? යන්න ගැන ප්‍රශ්න කිරීමේ අයිතිය මහජනතාව සතුය.









අද (10) දින එ් කාර්යයේ සමාරම්භක අවස්ථාව සනිටුහන් විය. කලාකරුවන්, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් ආදීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන වෙත ගිය අතර පොදු දේපළක් වන ජනතාවගේ සංඛ්‍යාත භාවිත කරමින් ජාතිවාදය, මිත්‍යාව වැපිරවීම නොකරන ලෙසත් දන්වා සිටි අතර අතර රජයේ මාධ්‍ය වෙත විශේෂයෙන්ම ජනතාව වෙනුවෙන් සැකසුණු වැඩසටහන් ඉදිරිපත් කරන ලෙසත් දන්වමින් සන්දේශයක් භාරදීම සිදුවිය.





ප්‍රමුඛ පෙළේ රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා වලට මේ පණිවිඩය ලබාදුන් අතර මේ අතරින් සමහර ආයතන මොවුන්ගේ පණිවිඩයට සවන්දීමට වත් අවකාශය නොදුන් බව දැකගත හැකිවිය.









මේ අවස්ථාවට සංවිධාන 21 ක් නියෝජනය කරන සාමාජිකයින්ගේ දායකත්වය හිමිවු අතර ශ්‍රී ලංකාවේ කාන්තාවේ, අලුත් පියාපත්, අලුත් පරපුර, මාරුතයේ හඬ, දිදුලන හදවත, සාධූ ජනරාව, නැගී සිටිමු ශ්‍රී ලංකා, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමය, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වු නීතිඥවරු, සමබිම, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ආදී සංවිධාන ගණනාවක් ඒ අතර වේ.










https://www.facebook.com/kasun.pussewela/videos/10212215443572434/




‘මාධ්‍ය සගයිනි, ඔබගේ වෘත්තීය වගකීම ජනතාව වෙනුවෙනි, හිමිකරුවන් වෙනුවෙන් නොවේ‘





‘ජනතාවනි ජනමාධ්‍ය පිළිගනිමු - ජඩමාධ්‍ය ප්‍රතික්ෂේප කරමු





‘ලයිසන් දුන්නේ කුමන්ත්‍රණ සඳහා නොවේ‘





‘පොදු අයිතියක් වූ ගුවන් සංඛ්‍යාත මාධ්‍ය ව්‍යාපාරිකයන්ගේ බූදලයක්ද ?‘





‘අපගේ සටන ජඩ මාධ්‍යකරණයට එරෙහිවයි‘ ආදී පාඨ මෙහිදී දැකගත හැකිවිණි.










https://www.facebook.com/kasun.pussewela/videos/10212215154285202/




















ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයෙනි