The Most/Recent Articles

Showing posts with label Common Wealth Games. Show all posts
Showing posts with label Common Wealth Games. Show all posts

2018 පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඕස්ට්‍රේලියාවට



l කිෂානි වැලිවිටිගොඩ 

2018 පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ සත්කාරක රට සඳහා පැවති ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් සහ ශ්‍රී ලංකාවේ හම්බන්තොට නගරයද යන්න එම නගර දෙක අතර පැවති අවසාන ඡන්ද විමසුමෙන් වැඩි ඡන්දයෙන් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය තේරී පත් විය.

ජනගහනය 540,000 ක් පමණ වන ගෝල්ඩ් කෝස්ට් නගරයේ මෙම ක්‍රීඩා උළෙල පවත්වන ප්‍රථම වතාව වුවත් මීට ප්‍රථමයෙන් ඔස්ට්‍රේලියාව අවස්තාවන් 4 කදී එනම් 1938 දී සිඩ්නි නුවරදී, 1962 දී පර්ත් නුවරදී , 1982 දී බ්‍රිස්බේන් නුවරදී සහ 2006 දී මෙල්බර්න් නුවර මෙම ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දක්වා තිබේ.

ගෝල්ඩ් කෝස්ට් හි ලන්සුව සියලුම පහසුකම් වලින් සමන්විත වූ අතර 2004 ඇති වූ සුනාමි ව්‍යවසනය හේතුවෙන් විනාශයට පත් වූ හම්බන්තොට නගරයට සියලුම පහසුකම් වලින් යුක්ත ක්‍රීඩාගාර සහ අන්තර් ජාතික ගුවන් තොටුපලේ කටයුතු 2016 වන විට අවසන් කිරීමට පොරොන්දු විය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අගමැති ඇනා බිලිග් අදහස් දක්වමින් කියා සිටියේ තම රජය අවසාන මොහොත දක්වා මෙම තරඟය ජය ගැනීමට මහත් පරිශ්‍රමයක් දරු බවය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ අන්තර් ජාතික වශයෙන් දියත් කල ප්‍රචාරාත්මක වැඩසටහන විධිමත්ව ඉදිරිපත් කිරීම පිළිබඳව කාගේත් අවධානයට ලක් වුනු වග විදෙස් පුවත් වලින් වාර්තා වේ. එසේම ශ්‍රී ලකාවට අන්තර් ජාතික වශයෙන් වඩාත් ප්‍රබල රටවල් සමග තරඟ වැදීමට සහ අභියෝග කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව මෙයින් පෙනී යයි.