The Most/Recent Articles

Showing posts with label Chile. Show all posts
Showing posts with label Chile. Show all posts

චිලි සිසුන් සහ පොලිසිය අතර නැවතත් ගැටුම්


l කිෂානි වැලිවිටිගොඩ 

යෝජිත අධ්‍යාපනික ප්‍රතිසංස්කරණයට විරෝධය දැක්වීම සඳහා දකුණු චිලි හි වෙල්පරිසෝ නගරයේ පිහිටි මහා සභා ගොඩනැගිල්ලේ පිටතදී උද්ඝෝෂණයක යෙදී සිටි සිසුන් සහ ආරක්ෂක අංශ අතර ගැටුමක් හට ගෙන ඇති බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි.

මෙසේ ප්‍රචන්ඩකාරී තත්වයක් ඇතිවීමට හේතු වුයේ දහස් ගණනක් වූ සිසුන් පිරිසක් විසින් යෝජිත අධ්‍යාපනික ප්‍රතිසංස්කරණය ප්‍රතික්ෂේප කරන ලෙසට ව්‍යාවස්ථාදායකයින්ට බල කරමින් මහා සභා ගොඩනැගිල්ල වෙත පෙළපාලි යාම නිසාය.

සිසුන්ට බාධා කිරීමට පැමිණි පොලිසියට සිසුන් විසින් ගල් වලින් පොලු වලින් පහර දීම නිසා ඇති වූ තත්වය මර්ධනය කිරීමට පොලිසිය විසින් සිසුන් වෙත වතුර බවුසර් යොදාගෙන සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

එම සිද්ධියේදී පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදු වූ අතර පෙළපාලියට සහභාගී වුවන් 20 දෙනෙකු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

චිලීයේ බන්ධනාගාරයක් ගිනි ගනියි: 81 දෙනෙකු මරුට

තම බන්ධනාගාරයක් තුළ ඇතිවූ කලබලකාරී තත්වයකින් පසු එහි ගින්නක් ඇතිවීම හේතුවෙන් පුද්ගලයින් 81 දෙනෙකු මියගොස් තවත් 14 දෙනෙකු පමණ තුවාල ලැබූ බව චිලීයේ ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු මාධ්‍යට ප්‍රකශ කළේය. සන් මිගුවෙල් නමැති බන්ධනාගාරයේ අලුයම 5.30 ට පමණ ගින්න හට ගත් බවත් එය පැය තුනක පමණ කාලයකින් පසු නිවා දැමීමට හැකි වූ බවත් ජාතික බන්ධනාගාර ප්‍රධානි ප්‍රකාශ කෙළේය.

කෙසේ වෙතත් අදාල බන්ධනාගාරය රැඳවියන් 700 කට ප්‍රමාණවත් වුවද එහි මේ වන විට 1900 දෙනෙකු පමණ රැඳවුම් බාරයේ සිටිති.

Tell a Friend